News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ PhonePe ලංකාවේ වැඩ අල්ලයි

May 16, 2024 at 05:31 PM
|

ඉන්දියාවේ ක්‍රියාත්මක PhonePe ඩිජිටල් ගෙවීම් ක්‍රමය මෙරටදී නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (15) කොළඹදී සිදුකර ඇත.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සහ මෙරට මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. 

මෙම ක්‍රමය මගින් ඉන්දියානු සංචාරකයින්ට මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කළ හැකිය.

මේ පිළිබඳව අදහස් දැක්වා ඇති ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා,

"ඉන්දියාව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සහකරුවා. අපි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරු වගේම මෑත කාලයේදී ශ්‍රී ලංකාවට විශාලතම සෘජු විදේශ ආයෝජන සිදුකළ මුලාශ්‍ර ද වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් රැගෙන ඒමට ඉන්දියාව දායක වී තිබෙනවා.

ඒ වගේම UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ මෙරටට ලැබෙන ආයෝජන ඉහළ නැංවීම සඳහා සහායවීමට අපි අපේක්ෂා කරනවා.

UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට ගෙවීම් සිදුකිරීම සඳහා UPI පද්ධතිය යොදාගත හැකියි. 

එමගින් ඉන්දියානු සංචාරකයින්ට පහසුවක් සැලසෙනවා පමණක් නෙවෙයි. මෙරට ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයටද උත්තේජනයක් ඇති කරනවා... වගේම දෙරටේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වනු ලබනවා. ශ්‍රී ලංකාවේ සුවිශේෂි ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සංවර්ධනය කිරීම සඳහා ද ඉන්දියාව සහාය වනවා."


සම්බන්ධිත පුවත් | Related News

ඉහළ පෙළේ මාඕවාදී නායකයෙකු ඝාතනය කළ බව ඉන්දීය හමුදාව නිවේදනය කර තිබෙනවා. මධ්‍යම චතිස්ගාර් ප්‍රාන්තයේ ඉන්දීය ආරක්ෂක හමුදා සමඟ සටන් කරමින් සිටියදී මොහු මියගිය බවයි, ඉන්දීය හමුදාව පවසන්නේ.
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
රජෙක් වගේ ගෙදර යන්න හිටිය මහින්ද අයියා හොරෙක් වෙලා ගෙදර ගිය බව ගෝඨාභය රාජපක්ෂ මහතා වරක් පැවසූ බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් ඉතා නොසැලකිලිමත්ව සහ අසංවේදී ලෙස ධනය රැස්කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට සහ එක් පොලිස් අධිකාරීවරයෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
තිස් අවුරුද්දක් පැවති යුද්ධයේදී එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් සටන් කළ පිරිසත් එහි සාමාජිකයන්වත් තමන් නියෝජනය කරන ජනතාවට සහ තමාට විරුවන් බව පැවසීමට තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන තමන් පැකිලෙන්නේ නැති බවත් යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාමනාදන් අර්චුනා පවසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතාට ඉදිරි මාස අටේදී ඩොලර් බිලියන 14කට සමාන ණය ලබාගැනීමට සිදුවන බවත්, අයවැය තුලනය කිරීම සඳහා ලංකාවේ සෑම පුරවැසියෙක්ම තව රුපියල් ලක්ෂ 2ක් අලුතෙන් ණය විය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ප්‍රධාන පුවත්

දුමින්ද දිසානායක අත්අඩංගුවට

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකියි.. රට IMF එකට හේත්තු කළේ සැලසුම් සහගතවමයි - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක (වීඩියෝ)

ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් රටට ඉතා බරපතළ ලෙස බලපෑම් කළ හැකි බවත්, මෙය හෙළිකිරීමට ශ්‍රී ලංකා රජය අකමැති වී ඇත්තේ එනිසාම විය හැකි බවත්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා පවසයි.

LTTE කොටි ත්‍රස්තයන් නිර්මාණය කළේ ඉන්දියාව බව සනාථ කරමින් ඉන්දීය හමුදා නිලධාරියෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.. සන්තෝෂ් ජා සඟවන ඉන්දියාවේ දෙබඩි ප්‍රතිපත්තිය මෙන්න.. (වීඩියෝ)

කාෂ්මීරයේ ගැටුම්වලදී සහ ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සමග පැවති යුද්ධයේ දී වඩාත් අසීරුම යුද්ධය බවට පත්ව තිබුනේ එල්.ටී.ටී.ඊ ය සමග පැවති යුද්ධය බව ඉන්දීය විශේෂ බලකායේ සේවය කල මේජර් අබේ සපෘ පවසයි.

එරාවූර්වල අන්තවාදී කණ්ඩායමක් තර්ජනාත්මක අත්පත්‍රිකා බෙදලා.. - ඥානසාර හිමියන්ගෙන් අනාවරණයක්..

නැගෙනහිර පළාතේ එරාවුර් හි පසුගිය සිකුරාදා ජුම්මා දේශනාවට සහභාගී වූ බැතිමතුන් අතර තර්ජනාත්මක පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා හැර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි චෝදනා කරති.

මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් සේවකයන් හූ කියා පන්නා දමති..

සේවකයන්ගේ බැනවැදීම් හමුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂණ අමරසිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) තනුජා ආරියරත්න යන අය අද (21) දින කාර්යාල පරිශ්‍රයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

චීන පකිස්ථාන විදේශ අමාත්‍යවරු බීජිංහිදී හමුවෙති

දැඩි සමීප මිතුරෙකු ලෙස, චීනය මෙතෙක් කටයුතු කළ ආකාරයටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පකිස්ථානයට දැඩි ලෙස සහාය ලබා දෙන අතරම පකිස්ථානයේ ජාතික තත්වයන්ට ගැලපෙන සංවර්ධන මාවතක් ගවේෂණය කර ගැනීමේ කටයුත්තටද චීනයේ සහාය පකිස්ථානයට හිමිවෙනවා.

ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)

ආණ්ඩු පාර්ශ්වයේ සිටින එකම මුස්ලිම් ඇමතිවරයා වන මුනීර් මුලව්ෆර් නියෝජ්‍ය ඇමැතිවරයා අදටත් නිට්ටඹුව ප්‍රදේශයේ එක්තරා ඇකඩමියක් භාරව ක්‍රියාකරන නල්විවරකු බවත්, නල්විවරු යනු දෙවියන් උදෙසා මිනිසුන් ජීවිතය පූජාකළ යුතු යැයි මත දරන පුද්ගලයන් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..

තමන්ගේ අකමැත්තෙන් රණවිරු සැමරුමට ආ පළමු විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවත්, එසේ පැමිණ කළ කතාව දෙස බැලූ විට පෙනී යන්නේ එම අවස්ථාවට ජනාධිපතිවරයා නොපැමිණියා නම් ඊට වඩා හොඳ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)

ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත.

වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..

වියට්නාමයේ නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ 135 වන ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් පුෂ්ප උපාහාර උත්සවයක් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං ප්‍රතිමාව අභියස දී ඊයේ(19) සිදුකෙරිනි.

ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..

රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කිරීම සහ පසුව පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම සිදුකරන බවට පැවසීම පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.

රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

යුද්ධයකදී හමුදාව සහ ආයුධ මෙන්ම මහජන මතයද අතිශයෙන් වැදගත් බවත්, මියගිය රණවිරුවන් සහ මහා කැපකිරීමක් කරන ලද ඔවුන්ගේ ඥාතීන් මෙන්ම දේශපාලකයන් සහ ජාතික සංවිධාන ඇතුළු බොහෝ දෙනා එම මහජන මතය ගොඩ නැගීමට යුද සමයේ දී විශාල කැපකිරීමක් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)

රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.