News Category
From Date
To Date
Maximum Number of Result

සීමාවාසික වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ලබා දෙනු... නැතිනම් බාල ගිරි දෝෂය අද නොවේ හෙට ක්‍රියාත්මක කරනු - මහජන යුතුකම් කේන්ද්‍රය

May 16, 2024 at 04:05 PM
|

ශ්‍රී ලංකාවේ සීමාවාසික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දැනට ලබා දෙන ලබන වැටුප දීර්ඝ කාලයක සිට වැඩි කර නොමැති අතර,  එම වැටුප වැඩිකර ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් විවිධ හේතු කියමින් බලධාරීන් විසින් ප්‍රමාද කරමින් ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වන මහජන යුතුකම් කේන්ද්‍රය පවසන්නේ මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව  ඇතත්   විවිධ හේතු දක්කමින් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ දේශ පාලන අධිකාරිය  තමන්ගේ වැටුප පමණක් වැඩි කරගෙන ඇති බවයි.

මහජන යුතුකම් කේන්ද්‍රය වැඩිදුරටත් මෙසේ ද පවසයි.

"ලෝකයේ ඉතා අවම වැටුපකින් වැඩිම කාලයක් වැඩ කරනු ලබන ශ්‍රී ලංකාවේ සීමාවාසික වෛද්‍යවරුන්ට ඔවුන්ගේ දැනට ලබා දෙන ලබන වැටුප දීර්ඝ කාලයක සිට වැඩි කර නොමැති අතර  එම වැටුප වැඩිකර ලබා දෙන ලෙස විවිධ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතත් එය මෙතෙක් විවිධ හේතු කියමින් බලධාරීන් විසින් ප්‍රමාද කරමින් ඇත.   

එය හරියට බාලගිරි දෝෂය අද නොවේ හෙට යන්න වගේය. 

එසේම මේ රටේ උගත්ම පිරිසකගේ ශ්‍රමය අසීමිත ලෙස සූරාකමින් ඇත.

මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට විවිධ ඉල්ලීම් ඉදිරිපත්ව  ඇතත්   විවිධ හේතු දක්කමින් මුදල් අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරය සහ දේශ පාලන අධිකාරිය  ඔහේ වගේ වගක් නොමැතිව තමන්ගේ වැටුප පමණක් වැඩි කරගෙන ඇත. 

මහ බැංකු අධිපතිවරයා වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු කියමින් එය සාධාරණය කරමින් ලෝකය හා සසඳමින් කරුණු ඉදිරිපත් කර තමන්ගේ පැලැන්තිය පමණක් බේරා ගනිමින් කටයුතු කරන ආකාරය ලැජ්ජා සහගතව බලා සිටීමට ශ්‍රී ලංකාවාසීන්ට සිදුව ඇත.

ලෝකයාට සාපේක්ෂව මෙරට වෛද්‍යවරුන්ට වැටුප් ලැබෙන්නේ නැති බව ඔහු හෝ දේශපාලන අධිකාරිය නොදන්නා බවක් අඟවමින් ඇත. 

එහෙත් ඔහුගේ ආයතනයට පැය අටේ සේවයට බඳවා ගන්නා ආධුනික නිලධාරීන් හට රුපියල් ලක්ෂ එකහමාරක පමණ වැටුපක් ලබාදීමට කටයුතු කරන  බවට දැන්වීම් පවා දමා ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ සේවයට බඳවා ගන්නා නිලධාරීන්ට පවා පැය අටේ සේවයට පමණක් රුපියල් ලක්ෂයකට ආසන්න වැටුපක් ආධුනික කාලයේ පවා ගෙවීමට  ඔවුන් කටයුතු කර ඇත.

එසේම මේ වෙනුවෙන් කතා කළ යුතු  සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඔවුන්ගේ දරුවන් වෛද්‍යවරුන් වශයෙන් ත්‍රිවිධ හමුදා වන් හි සේවය කරනු ලබන බැවින් ඔවුන්ට එය දැනෙන්නේ නැති බැවින් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වීමක්ද දකින්නේ නැත.

මක්නිසාදයත් ඔවුන්ගේ  ත්‍රිවිධ හමුදාවන්හි සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් සිටින දරුවන්ට ආහාර දීමනාව වශයෙන් පමණක් රුපියල් තිස් දහසකට ආසන්න මුදලක් ලැබෙන  හෙයින් සහ එයට අමතරව වැටුපක් ලැබෙන හෙයින් එය ඔවුන්ට දැනෙන්නේ නැත. 

එබැවින් සීමාවාසික වෛද්‍යවරුන් වශයෙන් සේවය කරනු ලබන සියලුම වෛද්‍යවරුන්ට තමන්ගේ පැය අටේ සේවා කාලයට අමතරව වැඩ කරනු ලබන සියලුම වේලාවන්ට  අතිකාල දීමනා ලබාදීමට කටයුතු කළ යුතුව ඇත. 

වෙනත් ආයතන වල පවා ස්ථිර නොවන සේවකයින්ටද  එවැනි දීමනා හිමි වන බැවින් මෙම මහා ශ්‍රම සූරා කෑමට එරෙහි වීමට කටයුතු කළ යුතුව ඇත. 

එබැවින් දැනට සීමාවාසික වෛද්‍යවරයෙකුට ගෙවනු ලබන රුපියල් 56000/= වැටුප ගණනය කර ඒ වෙනුවෙන් ඔවුන්ට පැයකට ලැබිය යුතු අතිකාල දීමනා ප්‍රමාණය නිර්ණය කර පැය අටේ සේවාවට අමතරව වැඩ කරනු ලබන පැය ගණන සඳහා මෙම වහල් ශ්‍රමය අවසන් කිරීම සඳහා ඒ වෙනුවෙන් ඔවුන්ට අති කාල දීමනා ලබාදිය යුතුව ඇත. 

රටේ ඉහළම උගත් පිරිසට සලකනු ලබන්නේ  මෙවැනි ආකාරයකට නම්  ඔවුන් මෙරට හැරදා යෑම සාධාරණ වනු ඇත. 

එබැවින් කම්කරු නීති අනුවත් මෙම පැය අටේ සේවාවට අමතරව කරනු ලබන පැය ගණන් සඳහා ශ්‍රී ලංකාවේ උගත් අධ්‍යාපනය වෙනුවෙන් දීර්ඝ කාලයක් කැප කිරීම් කර ඇති ඒ හේතුව නිසාම ඔවුන්ගේ වයස අවුරුදු තිහකට ආසන්න වී ඇති පිරිසට අති කාල දීමනා  ලබාදීමට කටයුතු කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂා කළ යුතුව ඇත. 

එය ඔවුන්ට පමණක් නොවන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෙනුවෙන් කරන ආයෝජනයක් ද වනු ඇත.

මෑතක මහා බැංකුවේ වැඩි කරගත් වැටුපට අමතරව ඒ හා සමානව විශාල අතිකාල දීමනා ප්‍රමාණයකුත් ලැබෙන්නේ නම්  ඉතා අවම වැටුපකට වැඩ කරනු ලබන සීමා වාසික වෛද්‍යවරුන්ට අතිකාල දීමනා ලබාදීමට එකඟතාවය පළකිරීමට  මහා බැංකු අධිපතිවරයාට හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු බාධාවක් නොමැත. 

එසේම අදාල වෛද්‍යවරුන්ට වැටුප් වෙනුවට අතිකාල දීමනා ලබාදීම නිසා වෙනත් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ ද නැත. 

එබැවින් දේශයේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා කඩිනමින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ බලධාරීන් කටයුතු කරනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු."

මහජන යුතුකමක් වෙනුවෙන්, 
මහජන යුතුකම් කේන්ද්‍රය

සම්බන්ධිත පුවත් | Related News

අද (06) දහවල් 2 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 40 ඉක්මවා ඇති බව වාර්තා වේ.
අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.
නිහඬ කාලය තුළ තම පක්ෂ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අගමැතිනියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.