වීසා බලපත් ලබාදීම VFS සමාගම වෙත භාර දීම ජාතික මංකොල්ලයක්... වසරකට කෝටි 1800 ක් කොල්ලකන වැඩක් - පාඨලී කියයි
වීසා බලපත් ලබාදීම VFS සමාගම වෙත භාර දීම ජාතික මංකොල්ලයක් බවත් මෙමගින් වසරකට කෝටි 1800 ක වංචාවක් සිදුවිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් අදහස් පැවසූ ඒ මහතා,
“වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී, විදේශ සමාගමකට ලබාදීලා තියෙන අවස්ථාව 2012 දි මේක හඳුන්වලා දීලා තියෙන්නේ. මේක හඳුන්වලා දීලා දුන්නු අවස්ථාවේදී මේ ඔන්ලයින් වීසා ක්‍රමය අපගේ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන අවස්ථාවේදී සිංගප්පූරුවේවත් එවැනි ක්‍රමයක් තිබුණේ නැහැ. අද වෙනකොට ඒ සිංගප්පූරු ගුවන්තොටුපල ඒ වගේම සෝල් ගුවන්තොටුපල පියවර ගණනාවක් ඉදිරියට ගෙනිහිල්ලා ඒ ක්‍රියාවලිය දියුණු තියුණු කරලා ඉදිරියට ගෙනිහින් තියෙනවා. අපි එක වතාවයි මේක දියුණු කරලා තියෙන්නේ. මේක තවදුරටත් අපිට දියුණු කරන්න පුළුවන්. හැබැයි අද මේ පත්‍රිකාවල සඳහන් වෙලා තියෙනවා කැබිනට් මණ්ඩලයේ ඩොලර් මිලියන දෙසීයක ආයෝජනයක් කරනවා කියලා. හැබැයි මෙතන අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? අර පැරණි ක්‍රමයම, පුද්ගලික ක්‍රියාවලියක් හරහා කරනවා. එක ඩොලරය යන තැනට හෑම සංචාරක ඩොලර් විසි හයක් ලබා ගන්නවා. මෙතන අපේ රවුෆ් හකීම් ඇමතිතුමා පෙන්නලා දුන්නා වගේ මේකෙන් ආසන්න වශයෙන් ආසන්න වශයෙන් කෝටි 1800 ක් අවුරුද්දකට කොල්ල කන තත්වයක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මෙතන ඇවිල්ලා නොයෙක් කතා පවත්වලා වැඩක් නෑ. මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් අවශ්‍යයි. කවුද මේවට එකඟ වුණේ? කොහෙද මේ ගනුදෙනු කෙරුණේ කියන එක ගැන ඉතා අවශ්‍යයි මේ පිළිබඳව ක්‍රියා කිරීමේදී.
මේවට මේ පොලීසිය යොදවලා හැමදේටම තමන්ගේ පුද්ගලික හමුදාව යොදව ගන්නවා වගේ පොලිසියයි රහස් පොලිසියයි යොදවලා මේ අදහස් පළ කරන මිනිස්සු මර්දනය කරන්න නෙවෙයි. මේකට ඇත්තටම මේ ඩීල් එක පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක සොයා ගැනීමයි තියෙන්නේ. ඒ සඳහා මැදිහත් වීමයි තියෙන්නේ. අන්න ඒක අපි අවධාරණය කරනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය හරහා රටේ ස්වෛරීභාවය අභියෝගය පමණක් නෙවෙයි. රටට මේ අපගේ මොබිටෙල් ආයතනයට එහෙම නැත්නම් අපගේ ඩයලොග් ආයතනයට මේ ආයතන වගේම රට තුළ ක්‍රියාත්මක වෙන වෙනත් ආයතනවලට ඇත්ත වශයෙන්ම මේ හැකියාව තියෙනවා මීටත් වඩා හොඳින් හොඳ සේවාවක් අපේ සංචාරකයින්ට ඒ වගේම අපගේ ගුවන් තොටුපල හරහා යන අයට ලබාදීමට අඩු මුදලට. ඒ නිසා මේ මහා ජාතික මංකොල්ලයත්, මේ මංකොල්ලය පිළිබඳ සොයා බැලීමයි කළ යුත්තේ. ඒක පෙන්වා දෙන මිනිස්සුන් මර්දනය කිරීමට උත්සාහ කිරීම නෙවෙයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්