
කුලියට ගත් බෙල්ජියම් යානයේ ව්‍යාපාරික අසුන් ඉල්ලූ ශ‍්‍රී ලන්කන් නියමුවන්ට බෙල්ජියම් ගුවන් නියමුවා කුණුහරුපෙන් බැනලා
බෙල්ජියම් ගුවන් යානයක සිදුවුණු බනින් බස් වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්, බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් නියමුවකුට සහ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් කර ඇත.
බෙල්ජියම් ගුවන් නියමුවා. බෙල්ජියම් ගුවන් යානයක් තුළදි ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් සන කාර්ය මණ්ඩලයට අපහාස කරමින් ඉතුත් 30 වැනිදා පරුෂ වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි කර ඇතැයි පැවැසෙයි.
අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය, පසුගිය දෙසැම්බරයේ බෙල්ජියම් රාජ්‍යයේ නිල ගුවන් සේවය වන එයාර් බෙල්ජියම් ගුවන් සේවය සමග ගිවිසුම අත්සන් කර ඇත්තේ එම ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් කුලී පදනමට ලබා ගනිමිනි.
එම ගිවිසුමට අනුව කොළඹ සිට ෆ්‍රැන්ක්ෆර්ට, ඩකා, ඩුබායි, පැරිස් සහ චෙන්නායි දක්වා ගුවන් ගමන් පැවැත් වෙයි. ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් එයාර් බෙල් ල්ජියම් ගුවන් යානාවලින් රැගෙන යෑම ද සිදුවෙයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය, බෙල්ජියම් ගුවන් සේවය සමග ඇතිකරගත් එකඟතාව අනුව ගුවන් සේවා කටයුතු එයාර් බෙල්ජියම විසින් මෙහෙයවනු ලබන අතර එයාර් බෙල්ජියමේ ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමග අවම වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවු දෙනෙකු සහ ගුවන් නියමුවන් ද සිටිය යුතූ බව ද පැවැසෙයි.
පසුගිය අප්‍රේල් 30 වැනිදා කොළඹ සිට ප්‍රංශයේ පැරිස් අගනුවර බලා පියාසර කිරීමට නියමිත යු.එල් 501 ගුවන් යානය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ ගුවන් ගත වීමට සූදානමින් තිබියදී එම යානයෙන් ගමන් කිරීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවන්ට ඒ පිළිබඳව දැනුම් දීම සිදුවිය.
සාමාන්‍යයෙන් එක් ගුවන් සේවාවකට අයත් ගුවන් යානයකින් වෙනත් ගුවන් සේවයක ගුවන් නියමුවන් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයන් හෝ ගමන් කරන්නේ නම් ඔවුන් වෙනුවෙන් ව්‍යාපාරික පංතියේ ආසන වෙන් කිරීමක් සිදු කරයි.
එසේ වුවත්, අප්‍රේල් 30 වැනිදා UL 501 යානයේ ව්‍යාපාරික පංතියේ ආසන පිරී තිබුණු බව පවසමින් එම යානයේ ප්‍රධාන නියමුවා සහ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ට දන්වා ඇත්තේ වෙනත් ආසනයකට යෑමට සිදුවනු ඇති බවය.
ආසන පිරි තිබුණේ බෙල්ජියම් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ඔවුන්ට හිතවත් ඔවුන් සමග නිතර ගනුදෙනු කරන ගුවන් මගීන්ට එම ආසන ලබා දී තිබුණු බැවින් යැයි ද පැවැසෙයි.
කෙසේ නමුත් ශ්‍රී ලංකන් නියමුවන් ඔවුන්ට ලබා දුන් වෙනත් ආසන ප්‍රතික්ෂේප කළ බැවින් බෙල්ජියම් භුවන් සේවයේ බෙල්ජියම ජාතික ප්‍රධාන නියමුවා කපිතාන් පිලිප් එතෙන්කෙන් සහ ශ්‍රී ලංකන් නියමුවන් අතරේ බහින් බස් වීම සිදුවිය.
නියමු කුටියට ගිය බෙල්ජියම් ගුවන් නියමු කපිතාන් පිලිපේ එනෙත්තෙන් යානයේ සියලු දෙනාට ඇසෙන සේ නිවේදනයක් නිකුත් කළේය.
යානයේ ප්‍රමාදයට හේතුව ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් ඔවුන්ට ලබා දුන් අසුන් ප්‍රතික්ෂේප කළ බව නියමුවා පවසා ඇත්තේ, අසැබ් වදන්වලින් ශ්‍රී ලංකන් නියමුවන්ට දොස් නගමිනි.
එයාර් බෙල්ජියම් ගුවන් සේවයක් තුළ තිබිය යුතු වන්නේ බෙල්ජියම් නීතිය යැයි නියමුවා දිගින් දිගටම පැවසූ බව ද වර්තා වේ.
පසුගිය කාලයේ ද මෙවැනි සිදුවීම් රැසක් සිදුවුණු බවත්, ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණක් නොව බෙල් ල්ජියම් ගුවන් සේවයේ නියමුවන් කාර්ය මණ්ඩලයේ මේ අයුරින් කෙණෙහිලිකම් සිදුවී ඇති බවට ද ශ්‍රී ලංකන් ගුවන් සේවය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
– ජමිලා හුසේන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
