වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට දීමෙන් සිදුවන බලපෑම ගැන ජනපතිට කරුණු දැක්වීමට ආගමන විගමන නිලධාරින් සූදානමින්
විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින්ගෙන් ඉවත් කර විදේශ ආයතන වෙත භාරදීමෙන් රටට වන බලපෑම සම්බන්ධව ජනාධිපතිවරයා සමග පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් හමු වී කරුණු දැක්වීමට ආගමන විගමන නිලධාරින්ගේ වෘත්තීය සමිති තීරණය කර ඇත.
නව වීසා ක්‍රමවේදය නිසා ජාතික ආරක්ෂාවට, රාජ්‍යයේ ආරක්ෂාවට වන බලපෑම මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ගැටලු සම්බන්ධව පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්, වෘත්තීයවේදීන් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
මෙහිදී අවස්ථාව ලැබෙන පරිදි ජනාධිපතිවරයාගේ සිට සියලුම වගකිවයුතු අංශ දැනුවත් කිරීමටත්, අනෙකුත් වෘත්තීය සමිති දැනුවත් කිරීමටත් තීරණය කර තිබේ.
මෙම වීසා ක්‍රියාවලියේ වාසි අවාසි පිළිබඳ වෙන වෙනම දැනුවත් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරින්ගේ සංගමයෙන් පවසයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෙට (08 වැනිදා) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පෙරේදා (05 වැනිදා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ මෙම වීසා ක්‍රියාවලියේ ප්‍රශ්නසහගත තත්ත්වය ගැන නිලධාරින්ගෙන් කරුණු විමසා ඇතැයි අනාවරණ විය.
- අරුණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග
පෞද්ගලික විශ්ව විද්‍යාලවලට සිසුවන්ට මත් කුඩු බෙදන පෞද්ගලික සිසුන් කණ්ඩායමක් අත් අත්අඩංගුවට
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි