News Category
From Date
To Date
Maximum Number of Result

දැවැන්ත වැටුප් වැඩිවීම් දුන් මහ බැංකුව පාඩු ලබලා - ගම්මන්පිල හෙළිකරයි

May 7, 2024 at 07:09 AM
|

ශ්‍රී ලංකා ලංකා මහබැංකුව 2023 වසරේ රුපියල් බිලියන 114ක් ශුද්ධ අලාභයක් ලබා ඇති අතර එසේ අලාභ ලබන අතර මහ බැංකු කාර්ය මණ්ඩලය සදහා දැවැන්ත වැටුප් වැඩිවීමක් සිදු කල මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගමම්න්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (06) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

2023 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන දැවැන්ත පසුබෑමක්

"අපේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බූදය නැතිනම් ඩොලර් අර්බූදය විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය තමයි පිටරටට බඩු විකුණලා අපනයන ආදායම වැඩි කර ගැනීම. නමුත් ආණ්ඩුව කර ගැනීමට අසමත් වෙලා තිබෙන්නෙත් ඒකමයි. 2018න් පසු අඩුම අපනයන ආදායම වාර්තා වෙන්නේ 2023 දී. විදුලිය පැය 12ක් කපපු දින ගණන් ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් තිබුණු 2022ට වඩා ඩොලර් මිලියන 1,200කින් අඩු වෙලා. මේකට ප්‍රධානම හේතුව විදුලි බිල දරා ගන්න බැරිව කර්මාන්ත ශාලා වසා දැමීමයි කියලා අපට කියන්නේ මහ බැංකු වාර්තාවමයි. වාර්තාවට අනුව ඒක පුද්ගල විදුලි පරිභෝජනය රට කළුවරේ තිබුණු 2022 දී ඒකක 655යි. නමුත් විදුලි කප්පාදුවක් නොතිබුණු 2023 දී 642 දක්වා පහත වැටිලා. හැබැයි විදුලි බල මණ්ඩලය නම් රුපියල් බිලියන 61ක් ලාභ ලබලා. කර්මාන්ත වසා දමලා රස්සාවල් නැති කරලා අපනයන කුඩු පට්ටම් කරලා ලබන ලාභය කුමැටැ කියලයි අපට විදුලි බල මණ්ඩලයෙන් අහන්න වෙන්නේ.

දැන් විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න සූදානම්ලු. කර්මාන්ත වැහිලා ගිහින් අපනයන ආදායම වැටිලා රැකියාවල් නැති වුණාට පස්සෙ විදුලි බිල අඩු කරනවා කියන්නේ හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්. නමුත් අපි සම්මන්ත්‍රණ තියලා මාධ්‍ය හමු තියලා අනවශ්‍ය විදුලි බිල වැඩි කිරීමේ ආදිනව කිව්වත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කලේ නෑ.

මොකද 100%ට 1018%කින් විදුලි බිල වැඩිකග වෙලාවේ අපි සම්මණ්ත්‍රන දෙකක් තිබ්බා. ලිපි ලිව්වා. මාධ්‍ය හමු තිබ්බා. අපි කිව්වා අනවශ්‍ය ආකාරයෙන් විදුලිබිල වැඩි කිරීම නිසා මේ ආනිසංසය සිද්ධවෙයි කියලා. පිරිවිය නිරූප්ත මිල කියන සංකල්පය අපි ඉදිරිපත් කලේ නමුත් මේ විදිහට අතීතයේ පාඩුත් කපාගන්න මේ විදිහට විහාල වශයෙන් විදුලි බිල වැඩිකිරීමෙන් මේ දේ වෙයි කියලා අපි කිව්වා. විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතක අපේ අපනයන ආදායම කඩා වැටෙමින් පවතිනවා.

දැවැන්ත වැටුප් වැඩිවීම් දුන් මහ බැංකුව පාඩු ලබයි

 ශ්‍රී ලංකා ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්. 2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ ආයතනයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා. ප්‍රසාද දීමනා නවත්වනවා. වැටුප් වැඩි කිරීම් අත්හිටුවනවා. ඒත් මහ බැංකුව  ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි. ඒ වගේම ලාභ ලැබුවත් මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. මහ බැංකුව ලාභ ලබන පළමු ක්‍රමය තමයි ආණ්ඩුවට සහ බැංකුවලට ණයට සල්ලි දීලා පොලී ආදායම ලැබීම. සල්ලි අච්චු ගැසීමේ ඒකාධිකාරිය මහ බැංකුවට තිබෙන නිසායි එහෙම ණයට දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ නිල විදේශ විනිමය සංචිතය කළමනාකරණයෙන් ලැබූ ලාභත් මහ බැංකුවේ ආදායමක්. ඒ කියන්නේ මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. ඒ නිසා රටම රවටලා තමන් මහජන මුදලින් නඩත්තු වෙන්නේ නෑ කියන බොරුව කියමින් පාඩු ලබන අතරේ වැටුප් වැඩිවීම් කලාට මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතුයි.

වතු කම්කරුවන්ට රු1,700ක වැටුප් වැඩි කිරීම ඡන්ද ගුණ්ඩුවක් පමණයි

වැවිලි සමාගම් සමග කිසිම සාකච්ඡාවකින් තොරව ආණ්ඩුව එක පාරට රු1000/- තිබුණු කම්කරු වැටුප 1,700ට ඒ කියන්නේ 70%කින් වැඩි කලා. පසුගිය වසර දෙක තුල ඩොලරය රුපියල් 371 සිට රු 300 දක්වා 24%කින් අඩු වෙලා තිබෙනවා. ඩොලරය පහළ බහින කොට තේ රබර් පොල් ආදායම නිකන්ම 24%කින් අඩු වෙනවා. එතකොට තමන්ගේ ආදායම අඩු වෙලා වියදම් කලමනාකරණය පිළිබඳ වැවිලි සමාගම් අර්බූදයක ඉන්න අවස්ථාවක තමයි ඒ අයත් සමග කිසිම සාකච්ඡාවකින් තොරව මේ වැටුප් වැඩි කිරීම කලේ. අනිවාර්රයෙන් මේ වැටුප ගෙවන්න බෑ කියලා සමාගම් නඩු දානවා. නඩුව යන අතරේ “අපි වැටුප් වැඩි කලා, සමාගම් නඩු දැම්මා, නඩුව අවසන් වුණු වහාම මේ 70% වැටුප ඔබට ලැබෙනවා” කියමින් ජනපතිවරණයේ දී වතු කම්කරු දැවැන්ත ඡන්ද කුට්ටිය තමන්ගේ ගොඩට දා ගන්න අටවපු උගුලක් විතරයි මේ වැටුප් වැඩිවීම."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.