News Category
From Date
To Date
Maximum Number of Result

දැවැන්ත වැටුප් වැඩිවීම් දුන් මහ බැංකුව පාඩු ලබලා - ගම්මන්පිල හෙළිකරයි

May 7, 2024 at 07:09 AM
|

ශ්‍රී ලංකා ලංකා මහබැංකුව 2023 වසරේ රුපියල් බිලියන 114ක් ශුද්ධ අලාභයක් ලබා ඇති අතර එසේ අලාභ ලබන අතර මහ බැංකු කාර්ය මණ්ඩලය සදහා දැවැන්ත වැටුප් වැඩිවීමක් සිදු කල මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගමම්න්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (06) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

2023 වසරේ ශ්‍රී ලංකාවේ අපනයන දැවැන්ත පසුබෑමක්

"අපේ රට මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බූදය නැතිනම් ඩොලර් අර්බූදය විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය තමයි පිටරටට බඩු විකුණලා අපනයන ආදායම වැඩි කර ගැනීම. නමුත් ආණ්ඩුව කර ගැනීමට අසමත් වෙලා තිබෙන්නෙත් ඒකමයි. 2018න් පසු අඩුම අපනයන ආදායම වාර්තා වෙන්නේ 2023 දී. විදුලිය පැය 12ක් කපපු දින ගණන් ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් තිබුණු 2022ට වඩා ඩොලර් මිලියන 1,200කින් අඩු වෙලා. මේකට ප්‍රධානම හේතුව විදුලි බිල දරා ගන්න බැරිව කර්මාන්ත ශාලා වසා දැමීමයි කියලා අපට කියන්නේ මහ බැංකු වාර්තාවමයි. වාර්තාවට අනුව ඒක පුද්ගල විදුලි පරිභෝජනය රට කළුවරේ තිබුණු 2022 දී ඒකක 655යි. නමුත් විදුලි කප්පාදුවක් නොතිබුණු 2023 දී 642 දක්වා පහත වැටිලා. හැබැයි විදුලි බල මණ්ඩලය නම් රුපියල් බිලියන 61ක් ලාභ ලබලා. කර්මාන්ත වසා දමලා රස්සාවල් නැති කරලා අපනයන කුඩු පට්ටම් කරලා ලබන ලාභය කුමැටැ කියලයි අපට විදුලි බල මණ්ඩලයෙන් අහන්න වෙන්නේ.

දැන් විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කරන්න සූදානම්ලු. කර්මාන්ත වැහිලා ගිහින් අපනයන ආදායම වැටිලා රැකියාවල් නැති වුණාට පස්සෙ විදුලි බිල අඩු කරනවා කියන්නේ හරියට අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්. නමුත් අපි සම්මන්ත්‍රණ තියලා මාධ්‍ය හමු තියලා අනවශ්‍ය විදුලි බිල වැඩි කිරීමේ ආදිනව කිව්වත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කලේ නෑ.

මොකද 100%ට 1018%කින් විදුලි බිල වැඩිකග වෙලාවේ අපි සම්මණ්ත්‍රන දෙකක් තිබ්බා. ලිපි ලිව්වා. මාධ්‍ය හමු තිබ්බා. අපි කිව්වා අනවශ්‍ය ආකාරයෙන් විදුලිබිල වැඩි කිරීම නිසා මේ ආනිසංසය සිද්ධවෙයි කියලා. පිරිවිය නිරූප්ත මිල කියන සංකල්පය අපි ඉදිරිපත් කලේ නමුත් මේ විදිහට අතීතයේ පාඩුත් කපාගන්න මේ විදිහට විහාල වශයෙන් විදුලි බිල වැඩිකිරීමෙන් මේ දේ වෙයි කියලා අපි කිව්වා. විදේශ විනිමය අත්‍යවශ්‍ය මොහොතක අපේ අපනයන ආදායම කඩා වැටෙමින් පවතිනවා.

දැවැන්ත වැටුප් වැඩිවීම් දුන් මහ බැංකුව පාඩු ලබයි

 ශ්‍රී ලංකා ලංකා මහ බැංකුවේ 2023 වසරේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 114ක්. 2022 වසරේ ශුද්ධ අලාභය බිලියන 374ක්. යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒ ආයතනයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනවා. ප්‍රසාද දීමනා නවත්වනවා. වැටුප් වැඩි කිරීම් අත්හිටුවනවා. ඒත් මහ බැංකුව  ලංකා ඉතිහාසයේ ලොකුම වැටුප් වැඩි වීම ලබා දෙන්නේ ආයතනය අඛණ්ඩව වසර ගණනාවක් බිලියන ගණනින් පාඩු ලබන අවස්ථාවකයි. ඒ වගේම ලාභ ලැබුවත් මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. මහ බැංකුව ලාභ ලබන පළමු ක්‍රමය තමයි ආණ්ඩුවට සහ බැංකුවලට ණයට සල්ලි දීලා පොලී ආදායම ලැබීම. සල්ලි අච්චු ගැසීමේ ඒකාධිකාරිය මහ බැංකුවට තිබෙන නිසායි එහෙම ණයට දෙන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ නිල විදේශ විනිමය සංචිතය කළමනාකරණයෙන් ලැබූ ලාභත් මහ බැංකුවේ ආදායමක්. ඒ කියන්නේ මහ බැංකුවේ තිබෙන්නේ මහජන මුදල්. ඒ නිසා රටම රවටලා තමන් මහජන මුදලින් නඩත්තු වෙන්නේ නෑ කියන බොරුව කියමින් පාඩු ලබන අතරේ වැටුප් වැඩිවීම් කලාට මහ බැංකුවේ අධිපතිතුමන් සහ පාලක මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතුයි.

වතු කම්කරුවන්ට රු1,700ක වැටුප් වැඩි කිරීම ඡන්ද ගුණ්ඩුවක් පමණයි

වැවිලි සමාගම් සමග කිසිම සාකච්ඡාවකින් තොරව ආණ්ඩුව එක පාරට රු1000/- තිබුණු කම්කරු වැටුප 1,700ට ඒ කියන්නේ 70%කින් වැඩි කලා. පසුගිය වසර දෙක තුල ඩොලරය රුපියල් 371 සිට රු 300 දක්වා 24%කින් අඩු වෙලා තිබෙනවා. ඩොලරය පහළ බහින කොට තේ රබර් පොල් ආදායම නිකන්ම 24%කින් අඩු වෙනවා. එතකොට තමන්ගේ ආදායම අඩු වෙලා වියදම් කලමනාකරණය පිළිබඳ වැවිලි සමාගම් අර්බූදයක ඉන්න අවස්ථාවක තමයි ඒ අයත් සමග කිසිම සාකච්ඡාවකින් තොරව මේ වැටුප් වැඩි කිරීම කලේ. අනිවාර්රයෙන් මේ වැටුප ගෙවන්න බෑ කියලා සමාගම් නඩු දානවා. නඩුව යන අතරේ “අපි වැටුප් වැඩි කලා, සමාගම් නඩු දැම්මා, නඩුව අවසන් වුණු වහාම මේ 70% වැටුප ඔබට ලැබෙනවා” කියමින් ජනපතිවරණයේ දී වතු කම්කරු දැවැන්ත ඡන්ද කුට්ටිය තමන්ගේ ගොඩට දා ගන්න අටවපු උගුලක් විතරයි මේ වැටුප් වැඩිවීම."

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.