News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව රැක ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් කරනවා - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

May 6, 2024 at 03:33 PM
|

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන හා කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ කැබිනට් තීරණය හේතුවෙන් උද්ගත වී ඇති වර්තමාන අර්බුදකාරී තත්ත්වය.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය යනු අතිශයින් ඉහළ ප්‍රමිතියක් සහ නියාමනයක් සහිතව පවත්වාගෙන යන පද්ධතියකි.

මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉහලින්ම පැවතීමට ප්‍රධානතම හේතුව වන්නේද එම වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය හරහා බිහි වූ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සහ කුසලතා පරිපූර්ණ වෛද්‍යවරුන්ය.

ඉතිහාසය පුරා එම  ප්‍රමිතිය පවත්වාගෙන යාමට සහ වඩාත් ඉහළ නැංවීමට වගකිවයුතු  සියලු පාර්ශවයන් කටයුතු කර ඇත්තේ එය අත්හළ නොහැකි වගකීමක් සේ සලකමිනි.

එමෙන්ම ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අභියෝගයට ලක්වූ සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව මෙම සියලු පාර්ශව කොන්දේසි විරහිතව කටයුතු කර ඇත.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතිහාසය පුරා ගනු ලැබූ අත්තනෝමතික තීරණ වල අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඛේදවාචකයන්ය. එබැවින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත යුත්තේ අතිශය කල්පනාකාරීව බව ඉතිහාසය යළි යළිත් සපථ කර ඇත.

එහෙත් පසුගියදා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ප්‍රථම වරට දේශීය සිසුන්ට අවස්ථාව ලබාදීමේ තීරණය පිළිබඳව බරපතල ගැටලු ගණනාවක් උද්ගත වී ඇත.

වෛද්‍ය අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ අත්තනෝමතික තීරණ ගැනීම.

මීට පෙර  ශ්‍රී ලංකාව තුළ කිසිඳු අවස්ථාවක දේශීය සිසුන්ට  මුදලට වෛද්‍ය උපාධිය ලබාදී නොමැත. එබැවින් මෙය මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අතිශය බැරෑරුම් ව්‍යුහාත්මක වෙනසකි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්හි අදහස් සහ එකඟතාවය ලබා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හේතු සහිතව දිගින් දිගටම පෙන්වා දී තිබුණද, එසේ නොකර ඉදිරියට එන මෙවන් අත්තනෝමතික තීරණ හරහා යළිත් තහවුරු වන්නේ පාලකයින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බවයි.

බඳවාගැනීමේ ක්‍රමවේදයේ ගැටලුකාරි තත්ත්වය.

වෛද්‍ය පීඨයන්ද ඇතුළුව මෙරට විශ්ව විද්‍යාල සියල්ලටම සිසුන් බඳවා ගනු ලබන්නේ උසස් පෙළ ප්‍රතිඵලයේ Z ලකුණු අගය (Z Score) පදනම් කරගනිමිනි. ඒ හරහා සියලු දෙනාටම සාධාරණ අවස්ථාවන් උදාකර දී තිබේ.

එහෙත් මෙම කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයෙන් මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමට සිසුන් තෝරා ගනු ලැබීමට නියමිතව ඇත්තේ උසස් පෙළ Z ලකුණු අගය (Z Score) සහ ‘වෙනත් සුදුසුකම්’ මත පදනම්වය.

මෙම වෙනත් සුදුසුකම් මොනවාද හෝ සිසුන් තෝරා ගැනීමේදී භාවිතා කරන නිර්ණායක පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් ඉදිරිපත් කර නැති අතර ඒ හරහා මෙම තෝරාගැනීමේ ක්‍රමවේදයේ සාධාරණ බව සහ පාරදෘශ්‍ය බව පිළිබඳව දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇත.

සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවමින් කොතලාවල වෛද්‍ය පීඨයෙන් දැමූ පුවත්පත් දැන්වීමට අනුව සිසුන් බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වන බව සඳහන් වන අතර එයින්ද මෙම බඳවා ගැනීම් හි පාරදෘශ්‍ය බව බිඳවැටෙන අතර ලැදියාවන් අතර ගැටුමක්ද නිර්මාණය වේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත උල්ලංඝනය වීම.

කොතලාවල වෛද්‍ය පීඨයට ත්‍රිවිධ හමුදාවන්ට අයත් නොවන දේශීය සිසුන් බඳවාගෙන ඔවුන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ තීරණය හරහා 1981 අංක 68 දරණ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනත මෙන්ම මෙම ආයතනය පිහිටුවීමට මූලික වූ ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල මහතාගේ අවසාන කැමැත්ත ද උල්ලංඝනය වී ඇත.

මෙරට වෛද්‍ය පීඨයන්ට බඳවා ගැනීමේ අවම කුසලතා මට්ටම උල්ලංඝනය වීම.

 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ නිර්ණායකයන්ට අනුව වෛද්‍ය විද්‍යාලට ඇතුළත් වීමේ අවම නිර්ණායක වනුයේ,

ශ්‍රී ලාංකික සිසුන් – අ. පො.ස උසස් පෙළ – ජීව විද්‍යා භෞතික විද්‍යා සහ රසායන විද්‍යා විෂයයන් – 2C සහ 1S සාමාර්ථ

ලන්ඩන් උසස් පෙළ සිසුන් – ජීව විද්‍යාව පවතින විද්‍යාව සහ රසායන විද්‍යාව විෂයන් – 2Bs සහ 1C සාමාර්ථ

එහෙත් කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීමේ දැන්වීමට අනුව ලන්ඩන් උසස් පෙළ සිසුන්ගේ අවම ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ 2C සහ 1Dය. මෙමගින්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ප්‍රමිතීන් පැහැදිලිවම උල්ලංඝනය වන අතර එය මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පමණක් නොව කොතලාවල වෛද්‍ය පීඨය ඇතුළත් වන සිසුන්ගේ අනාගතය සහ මුදල්ද අනතුරේ හෙළා ඇත.

බඳවා ගැනීම් පටිපාටියේ පාරදෘශ්‍ය බව බිඳ වැටීම සහ අසාධාරණත්වය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ සියලුම දෙනාට සම අවස්ථා ලැබීම සෑම විටම තහවුරු කර ඇති කරුණකි. එහෙත් කොතලාවල වෛද්‍ය පීඨයට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා සිසුන් බඳවා ගැනීමේ පටිපාටියේදී එහි අවසන් තීරණය වනුයේ පාලක මණ්ඩලයේ අභිමතය බව දක්වා තිබීම තුල සමස්ත ක්‍රියාවලියේ පාරදෘශ්‍ය බව බිඳවැටෙන අතර සිසුන් පිරිසකට අසාධාරණයක් ඇති වේ. එහිදී කොතලාවල වෛද්‍ය පීඨය හරහා තෝරාගත් ‘විශේෂිත’ පිරිසකට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේදැයි ජනතාව අතර සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.

කොතලාවල වෛද්‍ය පීඨය මුහුණ දෙන ගැටලු උග්‍ර වීම.

මේ වන විටත් කොතලාවල වෛද්‍ය පීඨය තුළ සිටින සිසුන් හට සායනික පුහුණුව ලබාදීම සඳහා ඔවුන්ගේ ශික්ෂණ රෝහල ප්‍රමාණවත් නොවන අතර එම සිසුන්ට තවත් රෝහල් ගණනාවකට ගොස් සායනික පුහුණුව ලබා ගැනීමට සිදුවී ඇත. මෙමගින් රාජ්‍ය වෛද්‍ය පීඨ වල සිසුන්ටද අසාධාරණයක් සිදුවන අවස්ථා ඇති බව අප වෙත තොරතුරු ලැබී ඇත.

තත්ත්වය එසේ තිබියදී තවදුරටත් සිසුන් බදවා ගැනීම පුළුල් කිරීම හරහා සිදුවනුයේ සායනික පුහුණුවේ ප්‍රමිතිය පවත්වා ගැනීම දැඩි අර්බුදයකට ගමන් කරන අතර එය මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියට ද හානියක් වීම වැළැක්විය නොහැකි වනු ඇත

ජනතා බදු මුදල් සහ රාජ්‍ය දේපළ අවභාවිතා වීම

මාධ්‍ය හරහා පසුගිය දිනවලදී වාර්තාව තොරතුරු වලට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂණ රෝහලක් තැනීම සඳහා රුපියල් බිලියන 35ක ණය මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා දී ඇති අතර එය  ගෙවීම සඳහා වසර දහයක සහන කාලයක් ද ලබා දී ඇත. ඒ අනුව 2023 වර්ෂයේ සිට මෙම ණය වාරිකය කොතලාවල වෛද්‍ය පීඨය විසින් ගෙවීමට සිදුවී ඇති අතර එහි පොලී මුදල ගෙවනු ලබන්නේ මහා භාණ්ඩාගාරය මගිනි. කොතලාවල වෛද්‍ය පීඨයෙන් මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ ව්‍යාපෘතිය කලඑළි බසින්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ණය ගෙවීමට මුදල් සොයා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස බවද මාධ්‍ය හරහා වාර්තා කර තිබුණි. එය එසේ සිදුවන්නේ නම් යළි යළිත් මෙම ආයතනය හරහා මහජන ධනය බිලියන ගණනින් නාස්තියට සහ අවභාවිතාවට ලක්වන බව තහවුරු වන අතර ණය ගෙවීම වෙනුවෙන් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද බිල්ලට ගනිමින් ඇත.

කොතලාවල වෛද්‍ය පීඨයේ සහ රටේ වෛදඨ අධ්‍යාපනයේ ප්‍රමිතිය අභියෝගයට ලක් වීම.

 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය (Accreditation Unit of SLMC) කොතලාවල වෛද්‍ය පීඨයට ප්‍රමිතිකරණ තහවුරුව ලබා දී ඇත්තේ එහි දැනට පවතින ව්‍යුහයටය. එහෙත් ඉන් ඔබ්බට ගොස්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකයේ කිසිදු අනුදැනුමකින් හෝ අනුමැතියක් තොරව සිදුකරන මෙම ව්‍යුහාත්මක වෙනස නිසා කොතලාවල වෛද්‍ය පීඨයේ ප්‍රමිතිකරන සහතිකය ප්‍රශ්නගත වීමේ තත්ත්වය මතුවිය හැකි අතර, එයා මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියටද අහිතකර බලපෑමක් ඇති කිරීමේ අවදානමක් මතුවී ඇත.

මේ සියලු කරුණු හරහා යළි යළිත් තහවුරු වනුයේ කොතලාවල වෛද්‍ය පීඨයෙන්  ශ්‍රී ලාංකික සිසුන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ ව්‍යාපෘතිය හරහා එම වෛද්‍ය පීඨයට පමණක් නොව, මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනයටත් අහිතකර ප්‍රතිවිපාක රාශියකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුවී ඇති බවයි.

මෙය රට තුළ නැවත උතුරු කොළඹ  වෛද්‍ය පීඨයක් හෝ SAITM ආයතනක් බවට පත්ව තවත් ඛේදවාචකයක් බවට පරිවර්තනය වීමේ මූලාරම්භය බවට පත්වනු ඇත.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේදී මෙන්ම ව්‍යුහාත්මක වෙනස්කම් වලට ලක්කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු පාර්ශ්ව වලට ඉදිරිපත්  කර ඇත.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේදී  අදාල සියලු පාර්ශවයන්හි එකඟතාවය ලබා ගැනීම, නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පසුබිම් අධ්‍යයනයකින් තොරව මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් නොකිරීම, රාජ්‍ය වෛද්‍ය පීඨයන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා උපරිම රාජ්‍ය මැදිහත්වීම සිදුකිරීම  ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ආදී කරුණු ගණනාවක් එහි ඇතුලත්ය.

එම මූලික රාමුවෙන් ඔබ්බට ගොස් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලබන අත්තනෝමතික තීන්දු තීරණ හරහා අවසානයේ සිදුවනුයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය බරපතල ලෙස කඩා වැටීමයි. එහි අහිතකර විපාක සම්බන්ධයෙන් පැහැදිලි වැටහීමක් සහ අවබෝධයක් නොමැති බලධාරීන් පිරිසක් විසින් කොතලාවල වෛද්‍ය පීඨයේ පාලනය කිරීමද මෙවන් පදනම් විරහිත තීන්දු තීරණගැනීමට හේතු වී ඇති බව පෙනේ.

වර්තමානය වන විට මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති උභතෝකෝටික තත්ත්වය සලකා බලමින්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද  ජනතාව වෙත පුවත්පත් දැන්වීමකින් පසුගිය දිනකදී ඉදිරිපත් කරන ලදී. එහිදී ද මේ වන විටත් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය  පවත්වාගැනීමට එල්ල වී ඇති අභියෝග ගණනාවක් හඳුනාගෙන ඇති අතර වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා විද්‍යාත්මක පදනමකින් යුක්තව තීරණ ගැනීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.

මීට අමතරව එම පුවත්පත් නිවේදනය හරහා පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන්ගේ සායනික පුහුණුවට වෙන්කර ඇති හෝමාගම රෝහල NSBM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය පීඨයට ලබා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයද ප්‍රශ්න කර ඇත.

මෙම සියලු කරුණු හරහා තහවුරු වනුයේ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මතය හෝ නොවිමසා, මෙරට සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍යවරුන්ගේ අනාගත අවශ්‍යතාවය පිළිබඳ කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ශ්‍රී ලාංකීය වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන්  තීන්දු ගැනීමේ වැරදි ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මක කරමින් තිබෙන බව සහ එහි අහිතකර ප්‍රතිවිපාක ඉතිහාසයේ කවරදාටත් වඩා නුදුරු අනාගතයේදී මෙරට වෛද්‍ය අධ්‍යාපනයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

එවන් ඛේදවාචකයන් ඇතිවීම සම්බන්ධයෙන් මෙම තීරණ ගන්නා බලධාරීන්ට ජනතාව ඉදිරියේ වගකීම බාර ගැනීමට සිදුවනු ඇති අතර මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව රැක ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද කොන්දේසි විරහිතව සටන් කරන බව යළි යළිත් අවධාරණය කරමු.

ස්තූතියි.
මීට විශ්වාසී,

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්


සම්බන්ධිත පුවත් | Related News

ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානය ටෙහෙරාන් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අත්හිටුවා තිබේ.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.
බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ.
අද (08) දින සිට ක්‍රියාත්මක වන පරිදි සඳුදා දිනවල පැවැත්වීමට නියමිත සියලුම නිල රැස්වීම්වලට සහභාගී වීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය තීරණය කර ඇත.
මේ රටේ ජනතාව මාලිමාණ්ඩුව අවම වශයෙන් තවත් වසර 25ක්වත් බලයේ තබා ගනු ඇතැයි අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..
හිටපු විදේශ කටයුතු අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අවධාරණය කරන්නේ දේශපාලන බලය යන්න තාවකාලික වුවද, රාජ්‍ය ආයතන කෙරෙහි පවතින මහජන විශ්වාසය එසේ නොවන බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.