News Category
From Date
To Date
Maximum Number of Result

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව රැක ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් කරනවා - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

May 6, 2024 at 03:33 PM
|

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි ගමන හා කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ කැබිනට් තීරණය හේතුවෙන් උද්ගත වී ඇති වර්තමාන අර්බුදකාරී තත්ත්වය.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය යනු අතිශයින් ඉහළ ප්‍රමිතියක් සහ නියාමනයක් සහිතව පවත්වාගෙන යන පද්ධතියකි.

මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තරය ඉදිරියේ ඉහලින්ම පැවතීමට ප්‍රධානතම හේතුව වන්නේද එම වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය හරහා බිහි වූ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සහ කුසලතා පරිපූර්ණ වෛද්‍යවරුන්ය.

ඉතිහාසය පුරා එම  ප්‍රමිතිය පවත්වාගෙන යාමට සහ වඩාත් ඉහළ නැංවීමට වගකිවයුතු  සියලු පාර්ශවයන් කටයුතු කර ඇත්තේ එය අත්හළ නොහැකි වගකීමක් සේ සලකමිනි.

එමෙන්ම ශ්‍රී ලාංකේය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය අභියෝගයට ලක්වූ සෑම අවස්ථාවකදීම ඊට එරෙහිව මෙම සියලු පාර්ශව කොන්දේසි විරහිතව කටයුතු කර ඇත.

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතිහාසය පුරා ගනු ලැබූ අත්තනෝමතික තීරණ වල අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ඛේදවාචකයන්ය. එබැවින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත යුත්තේ අතිශය කල්පනාකාරීව බව ඉතිහාසය යළි යළිත් සපථ කර ඇත.

එහෙත් පසුගියදා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධිය ලබා ගැනීමට ප්‍රථම වරට දේශීය සිසුන්ට අවස්ථාව ලබාදීමේ තීරණය පිළිබඳව බරපතල ගැටලු ගණනාවක් උද්ගත වී ඇත.

වෛද්‍ය අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ අත්තනෝමතික තීරණ ගැනීම.

මීට පෙර  ශ්‍රී ලංකාව තුළ කිසිඳු අවස්ථාවක දේශීය සිසුන්ට  මුදලට වෛද්‍ය උපාධිය ලබාදී නොමැත. එබැවින් මෙය මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ අතිශය බැරෑරුම් ව්‍යුහාත්මක වෙනසකි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්හි අදහස් සහ එකඟතාවය ලබා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හේතු සහිතව දිගින් දිගටම පෙන්වා දී තිබුණද, එසේ නොකර ඉදිරියට එන මෙවන් අත්තනෝමතික තීරණ හරහා යළිත් තහවුරු වන්නේ පාලකයින් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බවයි.

බඳවාගැනීමේ ක්‍රමවේදයේ ගැටලුකාරි තත්ත්වය.

වෛද්‍ය පීඨයන්ද ඇතුළුව මෙරට විශ්ව විද්‍යාල සියල්ලටම සිසුන් බඳවා ගනු ලබන්නේ උසස් පෙළ ප්‍රතිඵලයේ Z ලකුණු අගය (Z Score) පදනම් කරගනිමිනි. ඒ හරහා සියලු දෙනාටම සාධාරණ අවස්ථාවන් උදාකර දී තිබේ.

එහෙත් මෙම කැබිනට් පත්‍රිකාවට අනුව කොතලාවල වෛද්‍ය පීඨයෙන් මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමට සිසුන් තෝරා ගනු ලැබීමට නියමිතව ඇත්තේ උසස් පෙළ Z ලකුණු අගය (Z Score) සහ ‘වෙනත් සුදුසුකම්’ මත පදනම්වය.

මෙම වෙනත් සුදුසුකම් මොනවාද හෝ සිසුන් තෝරා ගැනීමේදී භාවිතා කරන නිර්ණායක පිළිබඳව කිසිදු නිශ්චිත තොරතුරක් ඉදිරිපත් කර නැති අතර ඒ හරහා මෙම තෝරාගැනීමේ ක්‍රමවේදයේ සාධාරණ බව සහ පාරදෘශ්‍ය බව පිළිබඳව දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇත.

සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවමින් කොතලාවල වෛද්‍ය පීඨයෙන් දැමූ පුවත්පත් දැන්වීමට අනුව සිසුන් බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වන බව සඳහන් වන අතර එයින්ද මෙම බඳවා ගැනීම් හි පාරදෘශ්‍ය බව බිඳවැටෙන අතර ලැදියාවන් අතර ගැටුමක්ද නිර්මාණය වේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත උල්ලංඝනය වීම.

කොතලාවල වෛද්‍ය පීඨයට ත්‍රිවිධ හමුදාවන්ට අයත් නොවන දේශීය සිසුන් බඳවාගෙන ඔවුන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ තීරණය හරහා 1981 අංක 68 දරණ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ පනත මෙන්ම මෙම ආයතනය පිහිටුවීමට මූලික වූ ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල මහතාගේ අවසාන කැමැත්ත ද උල්ලංඝනය වී ඇත.

මෙරට වෛද්‍ය පීඨයන්ට බඳවා ගැනීමේ අවම කුසලතා මට්ටම උල්ලංඝනය වීම.

 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ නිර්ණායකයන්ට අනුව වෛද්‍ය විද්‍යාලට ඇතුළත් වීමේ අවම නිර්ණායක වනුයේ,

ශ්‍රී ලාංකික සිසුන් – අ. පො.ස උසස් පෙළ – ජීව විද්‍යා භෞතික විද්‍යා සහ රසායන විද්‍යා විෂයයන් – 2C සහ 1S සාමාර්ථ

ලන්ඩන් උසස් පෙළ සිසුන් – ජීව විද්‍යාව පවතින විද්‍යාව සහ රසායන විද්‍යාව විෂයන් – 2Bs සහ 1C සාමාර්ථ

එහෙත් කොතලාවල වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීමේ දැන්වීමට අනුව ලන්ඩන් උසස් පෙළ සිසුන්ගේ අවම ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ 2C සහ 1Dය. මෙමගින්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ප්‍රමිතීන් පැහැදිලිවම උල්ලංඝනය වන අතර එය මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පමණක් නොව කොතලාවල වෛද්‍ය පීඨය ඇතුළත් වන සිසුන්ගේ අනාගතය සහ මුදල්ද අනතුරේ හෙළා ඇත.

බඳවා ගැනීම් පටිපාටියේ පාරදෘශ්‍ය බව බිඳ වැටීම සහ අසාධාරණත්වය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ සියලුම දෙනාට සම අවස්ථා ලැබීම සෑම විටම තහවුරු කර ඇති කරුණකි. එහෙත් කොතලාවල වෛද්‍ය පීඨයට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා සිසුන් බඳවා ගැනීමේ පටිපාටියේදී එහි අවසන් තීරණය වනුයේ පාලක මණ්ඩලයේ අභිමතය බව දක්වා තිබීම තුල සමස්ත ක්‍රියාවලියේ පාරදෘශ්‍ය බව බිඳවැටෙන අතර සිසුන් පිරිසකට අසාධාරණයක් ඇති වේ. එහිදී කොතලාවල වෛද්‍ය පීඨය හරහා තෝරාගත් ‘විශේෂිත’ පිරිසකට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේදැයි ජනතාව අතර සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.

කොතලාවල වෛද්‍ය පීඨය මුහුණ දෙන ගැටලු උග්‍ර වීම.

මේ වන විටත් කොතලාවල වෛද්‍ය පීඨය තුළ සිටින සිසුන් හට සායනික පුහුණුව ලබාදීම සඳහා ඔවුන්ගේ ශික්ෂණ රෝහල ප්‍රමාණවත් නොවන අතර එම සිසුන්ට තවත් රෝහල් ගණනාවකට ගොස් සායනික පුහුණුව ලබා ගැනීමට සිදුවී ඇත. මෙමගින් රාජ්‍ය වෛද්‍ය පීඨ වල සිසුන්ටද අසාධාරණයක් සිදුවන අවස්ථා ඇති බව අප වෙත තොරතුරු ලැබී ඇත.

තත්ත්වය එසේ තිබියදී තවදුරටත් සිසුන් බදවා ගැනීම පුළුල් කිරීම හරහා සිදුවනුයේ සායනික පුහුණුවේ ප්‍රමිතිය පවත්වා ගැනීම දැඩි අර්බුදයකට ගමන් කරන අතර එය මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනය ප්‍රමිතියට ද හානියක් වීම වැළැක්විය නොහැකි වනු ඇත

ජනතා බදු මුදල් සහ රාජ්‍ය දේපළ අවභාවිතා වීම

මාධ්‍ය හරහා පසුගිය දිනවලදී වාර්තාව තොරතුරු වලට අනුව කොතලාවල වෛද්‍ය පීඨයට ශික්ෂණ රෝහලක් තැනීම සඳහා රුපියල් බිලියන 35ක ණය මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා දී ඇති අතර එය  ගෙවීම සඳහා වසර දහයක සහන කාලයක් ද ලබා දී ඇත. ඒ අනුව 2023 වර්ෂයේ සිට මෙම ණය වාරිකය කොතලාවල වෛද්‍ය පීඨය විසින් ගෙවීමට සිදුවී ඇති අතර එහි පොලී මුදල ගෙවනු ලබන්නේ මහා භාණ්ඩාගාරය මගිනි. කොතලාවල වෛද්‍ය පීඨයෙන් මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ ව්‍යාපෘතිය කලඑළි බසින්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ණය ගෙවීමට මුදල් සොයා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස බවද මාධ්‍ය හරහා වාර්තා කර තිබුණි. එය එසේ සිදුවන්නේ නම් යළි යළිත් මෙම ආයතනය හරහා මහජන ධනය බිලියන ගණනින් නාස්තියට සහ අවභාවිතාවට ලක්වන බව තහවුරු වන අතර ණය ගෙවීම වෙනුවෙන් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියද බිල්ලට ගනිමින් ඇත.

කොතලාවල වෛද්‍ය පීඨයේ සහ රටේ වෛදඨ අධ්‍යාපනයේ ප්‍රමිතිය අභියෝගයට ලක් වීම.

 ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකය (Accreditation Unit of SLMC) කොතලාවල වෛද්‍ය පීඨයට ප්‍රමිතිකරණ තහවුරුව ලබා දී ඇත්තේ එහි දැනට පවතින ව්‍යුහයටය. එහෙත් ඉන් ඔබ්බට ගොස්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතීතන ඒකකයේ කිසිදු අනුදැනුමකින් හෝ අනුමැතියක් තොරව සිදුකරන මෙම ව්‍යුහාත්මක වෙනස නිසා කොතලාවල වෛද්‍ය පීඨයේ ප්‍රමිතිකරන සහතිකය ප්‍රශ්නගත වීමේ තත්ත්වය මතුවිය හැකි අතර, එයා මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියටද අහිතකර බලපෑමක් ඇති කිරීමේ අවදානමක් මතුවී ඇත.

මේ සියලු කරුණු හරහා යළි යළිත් තහවුරු වනුයේ කොතලාවල වෛද්‍ය පීඨයෙන්  ශ්‍රී ලාංකික සිසුන්ට මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ ව්‍යාපෘතිය හරහා එම වෛද්‍ය පීඨයට පමණක් නොව, මෙරට සමස්ත වෛද්‍ය අධ්‍යාපනයටත් අහිතකර ප්‍රතිවිපාක රාශියකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුවී ඇති බවයි.

මෙය රට තුළ නැවත උතුරු කොළඹ  වෛද්‍ය පීඨයක් හෝ SAITM ආයතනක් බවට පත්ව තවත් ඛේදවාචකයක් බවට පරිවර්තනය වීමේ මූලාරම්භය බවට පත්වනු ඇත.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමේදී මෙන්ම ව්‍යුහාත්මක වෙනස්කම් වලට ලක්කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු පාර්ශ්ව වලට ඉදිරිපත්  කර ඇත.

මෙරට වෛද්‍ය අධ්‍යාපනය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේදී  අදාල සියලු පාර්ශවයන්හි එකඟතාවය ලබා ගැනීම, නිසි ශක්‍යතා අධ්‍යයනයකින් සහ පසුබිම් අධ්‍යයනයකින් තොරව මෙරට වෛද්‍ය අධ්‍යාපනය පුළුල් නොකිරීම, රාජ්‍ය වෛද්‍ය පීඨයන්හි ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා උපරිම රාජ්‍ය මැදිහත්වීම සිදුකිරීම  ජාතික ප්‍රතිපත්තියක් සැකසීම ආදී කරුණු ගණනාවක් එහි ඇතුලත්ය.

එම මූලික රාමුවෙන් ඔබ්බට ගොස් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ගනු ලබන අත්තනෝමතික තීන්දු තීරණ හරහා අවසානයේ සිදුවනුයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය බරපතල ලෙස කඩා වැටීමයි. එහි අහිතකර විපාක සම්බන්ධයෙන් පැහැදිලි වැටහීමක් සහ අවබෝධයක් නොමැති බලධාරීන් පිරිසක් විසින් කොතලාවල වෛද්‍ය පීඨයේ පාලනය කිරීමද මෙවන් පදනම් විරහිත තීන්දු තීරණගැනීමට හේතු වී ඇති බව පෙනේ.

වර්තමානය වන විට මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති උභතෝකෝටික තත්ත්වය සලකා බලමින්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද  ජනතාව වෙත පුවත්පත් දැන්වීමකින් පසුගිය දිනකදී ඉදිරිපත් කරන ලදී. එහිදී ද මේ වන විටත් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය  පවත්වාගැනීමට එල්ල වී ඇති අභියෝග ගණනාවක් හඳුනාගෙන ඇති අතර වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා විද්‍යාත්මක පදනමකින් යුක්තව තීරණ ගැනීමේ වැදගත්කමද අවධාරණය කර ඇත.

මීට අමතරව එම පුවත්පත් නිවේදනය හරහා පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ සිසුන්ගේ සායනික පුහුණුවට වෙන්කර ඇති හෝමාගම රෝහල NSBM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය පීඨයට ලබා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගනු ලැබූ තීරණයද ප්‍රශ්න කර ඇත.

මෙම සියලු කරුණු හරහා තහවුරු වනුයේ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ මතය හෝ නොවිමසා, මෙරට සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍යවරුන්ගේ අනාගත අවශ්‍යතාවය පිළිබඳ කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ශ්‍රී ලාංකීය වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන්  තීන්දු ගැනීමේ වැරදි ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මක කරමින් තිබෙන බව සහ එහි අහිතකර ප්‍රතිවිපාක ඉතිහාසයේ කවරදාටත් වඩා නුදුරු අනාගතයේදී මෙරට වෛද්‍ය අධ්‍යාපනයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

එවන් ඛේදවාචකයන් ඇතිවීම සම්බන්ධයෙන් මෙම තීරණ ගන්නා බලධාරීන්ට ජනතාව ඉදිරියේ වගකීම බාර ගැනීමට සිදුවනු ඇති අතර මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව රැක ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද කොන්දේසි විරහිතව සටන් කරන බව යළි යළිත් අවධාරණය කරමු.

ස්තූතියි.
මීට විශ්වාසී,

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්


සම්බන්ධිත පුවත් | Related News

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.