
වීසා නිකුත් කිරිම ගැන ඇති වු ගැටලුව ආණ්ඩුවේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට වැදුනු කනේ පාරක්... තාත්තා ගස් බැඳලා හරි අම්මා වුනත් විකුණන්න මේ ආණ්ඩුව සූදානම් - ඩලස් කියයි
කටුනායක ගුවන්තොටුපළ තුළ වීසා නිකුත් කිරිම සම්බන්ධව ඇති වු ගැටලුව ආණ්ඩුවේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට වැදුනු කනේ පාරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
"නිදහස" ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේ ආගමන විගමන නිලධාරින් විසින් මැනවින් කළමනාකරණය කරනු ලැබූ මෙම වීසා නිකුත් කිරීමේ කටයුත්ත විදේශ සමාගමට පැවරීම මුළුමනින්ම අසාර්ථක වුවා පමනක් නොව විදෙස් සංචාරකයින්ගේ බරපතළ විරෝධයට ද හේතුවක් වු බවයි.
ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන, කිසිසේත්ම, රාජ්‍යයේ ආධිපත්‍යයෙන් නිදහස් නොකළ යුතු ක්ෂේත්‍ර අතරින් ආගමන විගමනය ද එකක් බව ඔහු පැවසීය.
ගමේ භාෂාවෙන් කියනවා නම්, "තාත්තා ගස් බැඳලා හරි අම්මා වුනත් විකුණන්න මේ ආණ්ඩුව සූදානම්" යැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
තමන් ඝාතනය කිරීමේ අරමුණින් බරපතළ විෂ ද්‍රව්‍යයක් ආහාර හරහා ශරීරයට ඇතුල් කර ඇති බවට හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ කරන ලද චෝදනාව ගැන අදහස් දැක්වු මන්ත්‍රීවරයා ඒ පිළිබඳව ආණ්ඩුවට නිහඬව සිටිය නොහැකි බව කියා සිටියේය.
“ඔහුගේ ආරක්ෂාව සහතික කොට ඒ අපරාධකරුවන් කවුද කියා නෛතිකව සහ විද්‍යාත්මකව රටට කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්.” යැයි ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
