වීසා නිකුත් කිරිම ගැන ඇති වු ගැටලුව ආණ්ඩුවේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට වැදුනු කනේ පාරක්... තාත්තා ගස් බැඳලා හරි අම්මා වුනත් විකුණන්න මේ ආණ්ඩුව සූදානම් - ඩලස් කියයි
කටුනායක ගුවන්තොටුපළ තුළ වීසා නිකුත් කිරිම සම්බන්ධව ඇති වු ගැටලුව ආණ්ඩුවේ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියට වැදුනු කනේ පාරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
"නිදහස" ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේ ආගමන විගමන නිලධාරින් විසින් මැනවින් කළමනාකරණය කරනු ලැබූ මෙම වීසා නිකුත් කිරීමේ කටයුත්ත විදේශ සමාගමට පැවරීම මුළුමනින්ම අසාර්ථක වුවා පමනක් නොව විදෙස් සංචාරකයින්ගේ බරපතළ විරෝධයට ද හේතුවක් වු බවයි.
ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන, කිසිසේත්ම, රාජ්‍යයේ ආධිපත්‍යයෙන් නිදහස් නොකළ යුතු ක්ෂේත්‍ර අතරින් ආගමන විගමනය ද එකක් බව ඔහු පැවසීය.
ගමේ භාෂාවෙන් කියනවා නම්, "තාත්තා ගස් බැඳලා හරි අම්මා වුනත් විකුණන්න මේ ආණ්ඩුව සූදානම්" යැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
තමන් ඝාතනය කිරීමේ අරමුණින් බරපතළ විෂ ද්‍රව්‍යයක් ආහාර හරහා ශරීරයට ඇතුල් කර ඇති බවට හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ කරන ලද චෝදනාව ගැන අදහස් දැක්වු මන්ත්‍රීවරයා ඒ පිළිබඳව ආණ්ඩුවට නිහඬව සිටිය නොහැකි බව කියා සිටියේය.
“ඔහුගේ ආරක්ෂාව සහතික කොට ඒ අපරාධකරුවන් කවුද කියා නෛතිකව සහ විද්‍යාත්මකව රටට කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක්.” යැයි ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්