
රනිල් අහන්නේ බැසිල් කියන දේ.... කාදිනල්තුමාට ඇත්ත කියන්න ගෝඨාභයට කොන්දක් නැහැ - වෛද්‍ය වසන්ත බණ්ඩාර කියයි (වීඩියෝ)
වයඹ පළාතේ සංවිධානයක් වන අතුගල්පුර බොදු උරුමය සුරැකීමේ සංවිධානය විසින් නසීර් අහමඩ් නමැති හිටපු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබූ බවත්, එම ඉල්ලීම අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතට පත්වූ විට ඔහු පවසා තිබුනේ ජනාධිපතිවරයා පත් කිරීමේ දී බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති අතර ගිවිසුමක් පැවති බවත්, එම ගිවිසුමට අනුව ආණ්ඩුකාරවරයා නම් කිරීමේ බලය ඇත්තේ බැසිල් රාජපක්ෂට හෙයින් මෙයට කළ හැකි දෙයක් නොවන බවත් යැයි එම සංවිධානයෙන් පැවසූ බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
නසීර් අහමඩ් පත්කරන්නේ බැසිල් රාජපක්ෂ නම් ජනාධිපතිවරයා ගෙනෙන පනත් වලටද ඔහුගේ ආශිර්වාදය ඇති බව හෙළිවන බව ඒ මහතා පවසයි.
එසේම කාදිනල්තුමා දිගින් දිගටම පවසන කාරණයක් වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සාධාරණය ඉටු නොවූ බව යැයි පවසන ඒ මහතා, ගොඨාභය රාජපක්ෂ පාලනය තුළ මේ සම්බන්ධයෙන් යෝජනා 57ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළ බවද සඳහන් කරයි.
එම කැබිනට් පත්‍රිකාව නතර කළේ ද බැසිල් රාජපක්ෂ බවත්, එය ඔහු සිදුකරන ලද්දේ මුස්ලිම් දේශපාලකයන් කිහිපදෙනෙකුගේ උවමනාවට බවත් වසන්ත බණ්ඩාර මහතා හෙළිකරයි.
මේ බව කාදිනල්තුමාට පැවසීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට කොන්දක් නැති බවත් ඒ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
