
වීසා දෙන වැඩේට සමාගමක් තෝරාගන්න ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නැහැ - ඇමැති ටිරාන් කියයි
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා සැපයීමේ කටයුතු සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසන්නේ විවිධ රටවල විද්‍යුත් වීසා ක්‍රියාවලියට සම්බන්ධ එකම සමාගම් මේවා බැවින් ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එම යෝජනාව පැමිණි පසු එය අධ්‍යයනය කිරීමට කමිටුවක් පත්කර වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, ඊට ඇමැතිමණ්ඩල අනුමැතිය හිමිවූයේ ඉන් පසුව බවත් ඔහු සඳහන් කරයි.
වීසා ගාස්තුව කුමක් වුවත් එය රජයට ආපසු ලැබෙන බවත් වීසා ගාස්තු මීට පෙර රෙගුලාසිවලට අනුව පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව අනුමත කරන ලද බවද ඔහු සඳහන් කරයි.
ඇමැතිවරයා පෙන්වාදෙන්නේ දැන් හඬා වැලපෙමින් සිටින විපක්ෂය පවා ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී එය අනුමත කළ බවයි.
බාහිර සමාගමට ඔවුන් සපයන සේවාවන් සඳහා අමතර ගාස්තු පමණක් ලැබෙනු ඇති බවත් තමන් සිංගප්පූරුවේ සිට ආපසු පැමිණි පසු සඳුදා මාධ්‍ය හමුවක් පවත්වා සියලු චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන බවත් ඔහු සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
