කොතලාවල වෛද්‍ය පීඨයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලබා දී ඇති අනුමැතිය අත්හිටවන ලෙස ඉල්ලීමක්... අවම ප්‍රමිතීන් උල්ලංඝනය කරලා
කොතලාවල වෛද්‍ය පීඨයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලබා දී ඇති අනුමැතිය අත්හිටවන ලෙස ඉල්ලමින් මහජන යුතුකම් කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිපියක් යොමුකර තිබේ.
වෛද්‍ය සභාව විසින් කොතලාවල වෛද්‍ය පීඨය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබාදුන් නිර්ණායක උල්ලංඝනය කරමින් කොතලාවල වෛද්‍ය පීඨය විසින් අත්තනෝමතික ලෙස සිසුන් බඳවා ගැනීමේ සුදුසුකම් ඉතාමත් පහළ දමා අවම ප්‍රමිතීන්ද උල්ලංඝනය කරමින් සිසුන් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවත් එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
අදාළ ලිපිය පහළින්...
මහාචාර්ය වජිර දිසානායක මහතා
සභාපති
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
නොරිස් කැනල් පාර
කොළඹ
කොතලාවල වෛද්‍ය පීඨයේ සිවිල් සිසුන් සඳහා මුදල් ගෙවා වෛද්‍ය උපාධිය ලබාදීම
මැතිතුමනි,
ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ රෝගී ජනතාවගේ ආරක්ෂකයන් වන ඔබ වෛද්‍ය සභාවේ අවධානය පහත සඳහන් කරුණු කෙරෙහි යොමු කරවමි.
1. ලෝක වෛද්‍ය සභාවේ විශේෂ අනුමැතියක් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ මෙතෙක් කල් ඔබ වෛද්‍ය සභාව විසින් පවත්වාගෙනු ලැබූ ප්‍රමිතිය ආරක්ෂාව වීම හේතුවෙනි. එය සුවිශේෂී තත්වයක් වන අතර ශ්‍රී ලංකාව වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබා ගත් මිල කළ නොහැකි ගෞරවනීය තත්ත්වයකි එය ආරක්ෂා කිරීමට කටයුතු කළ ඔබ සියලු දෙනා අපගේ ගෞරවණීය පැසසුමට ලක්වේ.
2. එවන් පසුබිමක් තුළ පසුගිය කාලයේ පිහිටවනු ලැබූ සයිටම් ආයතනය ද එවැනි ප්‍රමිතියෙන් තොර ආයතනයක් බව ඔබ ආයතනයේ නිරීක්ෂණය සහ ලෝක වෛද්‍ය සභාවේ නිරීක්ෂණයට ද ලක්ව එය අසාධුගත ලේඛනයට ඇතුලත්ව ඇති බව දැන් රටට සහ ලෝකයාට රහසක් නොවේ.
3. එවන් පසුබිමක ඔබ වෛද්‍ය සභාව විසින් කොතලාවල වෛද්‍ය පීඨය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබාදුන් නිර්ණායක උල්ලංඝනය කරමින් කොතලාවල වෛද්‍ය පීඨය විසින් අත්තනෝමතික ලෙස සිසුන් බඳවා ගැනීමේ සුදුසුකම් ඉතාමත් පහළ දමා අවම ප්‍රමිතීන්ද උල්ලංඝනය කරමින් සිසුන් බඳවා ගැනීමට කටයුතු කර ඇත.
4. එය ඔබ ආයතනයේ ගෞරවනීය නාමයට සහ ප්‍රමිතිය ආරක්ෂා කළ ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සේවයට කළ බරපතල කැළලක් බව අපගේ විශ්වාසයයි
තවද එමගින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවයට බොහෝ උගතුන් බිහිකළ මෙරට ජාතික පාසල් පද්ධතියේ ඉගෙනුම ලබන සිසුන්ගේ අයිතිවාසිකම් ද බරපතල ලෙස උල්ලංඝනය කර ඇත.
විභාග පැවැත්වීම වෛද්‍ය විද්‍යාල වලට බඳවා ගැනීම විභාග ප්‍රතිඵල ලබාදීම වැනි කරුණු නිසා ජාතික පාසල් පද්ධතියේ ශිෂ්‍යයකුගේ කාලයට වඩා වසර 05 ක (පහක) අඩු කාලයකින් අඩු සුදුසුකම් ලබන ජාත්‍යන්තර පාසලක සිසුවෙක් හට මුදල් නිසාම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවයට එක්වීමේ හැකියාවක් ඇත එමගින් ප්‍රමිතිය ආරක්ෂා වී නොමැත.
මුදල් නිසාම අඩු සුදුසුකම් සහිත සිසුන් සෞඛ්‍ය සේවයට එක්වීම හේතුවෙන් සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය බරපතළ ලෙස උල්ලංඝනය වී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය බරපතල ලෙස කඩා වැටීමකට ලක්විය හැක.
එය ශ්‍රී ලංකාවේ තවත් අභ්‍යන්තර ගැටුමකට මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමකට මුල් විය හැක.
එබැවින් ඔබ විසින් මීට පෙර පරීක්ෂා කර බලා කොතලාවල වෛද්‍ය පීඨයට වෛද්‍ය සිසුන් පුහුණු කිරීමට ලබා දුන් අවසරය ඔබගේ ප්‍රමිතීන් ඔබ දැනුවත් නොකර ඉතා තදබල ලෙස උල්ලංඝනය කර ඇති බැවින් විශේෂ කරුණු විමසීමකින් තොරව අදාළ වෛද්‍ය පීඨයට ලබා දී ඇති අවසරය අහෝසි කරන ලෙසත් එමගින් මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් මින් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි
වසන්ත අල්විස්
කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්