
විපක්ෂයේ ලොක්කෙක් ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවකගේ නමට බාර් එකක් අරගෙනලු
විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
මෙම බලපත්‍රය ලබාගෙන ඇතැයි පැවසෙන්නේ එම දේශපාලනඥයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරියගේ නමට බව පැවැසේ.
එම කාන්තාව බිබිල ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවක බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් රිදීමාලියද්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අලුකැටියාවේ සීලවංශ නාහිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ පැවැසුවේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් මෙම මත්පැන් බලපත්‍රය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි.
මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළේය.
රිදීමාලියද්ද යනු ලංකාවේ දෙවැනියට දුප්පත්ම නගරය බව පැවසූ උන්වහන්සේ මෙවැනි නගරයකට අවශ්‍ය වන්නේ ජනතාව දුප්පත්කමින් ගොඩදාන මාර්ගයක් මිස මත්පැන් අලෙවිසල් නොවන බව ද සඳහන් කළේය.
- ලංකාදීප -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
