මුලතිව් මහෙස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන විදෙස් වෙබ් අඩවි කලබල වෙලා
මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීම සහ ශ්‍රී ලංකාවෙන් පිටව යෑම මෙරට අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතුකරන බව ජුරිස්ට් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.
විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය බ්‍රහස්ත්පතින්දා අන්තර්ජාලයේ සංසරණය වූ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එහිදී මරණ තර්ජන සහ වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීම හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වන බව අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ විනිසුරුවරයා සඳහන් කර තිබූ බව එම වෙබ් අඩවිය පවසයි.
මහජන ආරක්ෂාව සම්බන්ධව හිටපු අමාත්‍යවරයකුගෙන් මෙන්ම ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වූවේ යැයිද ටී.සරවනරාජා මහතා සඳහන් කළ බවත්, ඔහුට ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව අඩු කිරීමට නිලධාරීන් කටයුතු කළ බව හා බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් ඔහුව නිරීක්ෂණයට ලක් කර බවත් ටී.සරවනරාජා මහතා වැඩි දුරටත් චෝදනා කළ බව ජුරිස්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පරීක්ෂාවකින් තොරව බහාලුම් පිට කිරීමෙන් විශාල බදු මුදලක් අහිමි වෙන්න පුළුවන් - විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක
හිටපු ජනපති විශ්‍රාම වැටුප් අහෝසි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් – නීතියක් ගෙනාවත් අදාළ වන්නේ ඉදිරියට මිස අතීතයට නොවේ - ප්‍රතිභා මහානාම
පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)
කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකථන වාර්තා ඉල්ලයි
ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට
අනුර බැටන් එක අතට ගත්තත් දුවන්න වෙන්නේ දුෂිතයන් නිර්මාණය කළ පාරෙමයි ‘‘ක්ලීන් ශ්‍රී ලංකා’’ සඳහා ඌන පූර්ණයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දෙස පැරණි කෝණයෙන් අපි බලන්නේ නැහැ..
පුංචි ජන්දයේදී ශ්‍රීලනිපයයි - සර්ව ජනයයි - පොහොට්ටුවයි එකට?
නාමල් රාජපක්ෂට අධිචෝදනා
රතු ලේබල් කරන ලද බහාලුම් 323ක් නිදහස් කිරීම ආණ්ඩුවේ ලොක්කෙකුගේ වැඩක්... පොලීසියට පැමිණිල්ලක්
මුදල් ලේකම් මහින්ද සියල්ල අතහැර ගෙදර යයි.?
රජයේ ඉඩම්වල පොල් අස්වැන්න කර්මාන්තවලට බෑ
රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත යෝෂිතට ඇප
යුක්රේන යුද්ධයට නිමාවක්
මාලිමා ආණ්ඩුවේ මංගල අයවැය IMF අයවැයක්... ආචාර්ය අමාලි වෙදගෙදර බීබීසියට කියයි