
පුංචි ජන්දයේදී ශ්‍රීලනිපයයි - සර්ව ජනයයි - පොහොට්ටුවයි එකට?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
මෙම පක්ෂ තුනේ නියෝජිතයන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (27) සවස හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සර්ව ජන බලය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගිවී ඇත. පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.
මේ කාරණය සම්බන්ධයෙන් මෙම නියෝජිතයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද සාකච්ඡා පවත්වා තිබිණ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
