News Category
From Date
To Date
Maximum Number of Result

මත්ද්‍රව්‍ය හා පාතාලය මඩින්නේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් - ඇමැති ටිරාන් අලස්

Jan 9, 2024 at 09:13 AM
|

මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සියල්ලක්ම  සිදු කරන්නේ රටේ අනාගතයේ බාරගැනීමට සිටින දූ දරුවන් වෙනුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්‌ වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයින් පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබීය.

එහිදී චාමර සිල්වා සහ කුසල් ජනිත් පෙරේරා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, නුවන් ප්‍රදීප් සහ අශේන් බණ්ඩාර පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් පත්වීම් භාරගත්හ.

 එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"වසර හතලිහක පමණ කාලයක සිටම පාසල් හා සම්බන්ධ ඉතාමත් සමීපව අතීතයක් මට තිබෙනවා. ඩී.එස්.සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ වූ මගේ පියා සමග එම විද්‍යාලය තුළ දීර්ඝ කාලයක් අප ජීවත් වුණා. එමෙන්ම කොළඹ සහිරා විද්‍යාලයේ පළමු සිංහල විදුහල්පතිතුමා වශයෙන්ද ඔහු කටයුතු කළා. එහිදී ඔහු දරුවන් හැසිරවූ ආකාරය පිළිබඳව හොඳ අවබෝධයක් මටද තිබෙනවා.මේ වන විට අප ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සියල්ලක්ම අප සිදු කරන්නේ රටේ අනාගතයේ බාරගැනීමට සිටින දූ දරුවන් වෙනුවෙන්.

 එවකට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී  නිසි ආකාරයෙන් පාසලට නොපැමිණෙන ශිෂ්‍යයෙක් අනුරාධපුර ප්‍රදේශයේ රැඳී සිටින බවට දැනගන්නට ලැබීමෙන් අනතුරුව මගේ පියා මෝටර් රථයෙන් අනුරාධපුරයට සොයා ගෙන ගොස් ඔහු අපගේ නිවසට කැඳවාගෙන පැමිණියා. පසුව ඔහු නිවැරදි මාර්ගයට යොමු වෙන තෙක් අපේ නිවසේ රඳවාගෙන අවශ්‍ය පහසුකම් ලබා දුන්නා.

 අද පොලිසිය, තරුණ සේවා සභාව ඇතුළු සියලුම ආයතන එක්වී සිදුකරන්නේද වැරදි මගට යොමු වුන තරුණ පිරිස් නිසි මඟට යොමු කිරීමයි. දරුවන් අතරේ සිටින එවැනි නොමගට යොමු වූ දරුවන් පිළිබඳව දෙමාපියන් ගුරුවරුන් දැනුවත් කර ඔවුන් නිවැරදි මාර්ගයට යොමු කිරීමට ඔබටත් දායක විය හැකියි. පොලිසිය විසින් සිදු කරන්නේ ද එවැනි තරුණ පිරිස් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමයි. එවැනි නොමඟට යොමු වූ දරුවන් නිසි මඟට ගැනීම සඳහා ක්‍රීඩාව වැනි ක්‍රියාකාරකම්වල යෙදවීම ඉතාමත් වැදගත්.රටේ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය අවසන් කරනතුරු මේ මෙහෙයුම් අප නතර කරන්නේ නැහැ. කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ. ඒ සඳහා තරුණ දරුවන්ගේ මෙන්ම දෙමාපියන් ඇතුළු සමාජයේ සියලු දෙනාගේම සහයෝගය අපට අවශ්‍යයි".

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා,ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා, පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්, පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
මහජන ආරක්ෂක අමාත්‍යංශය









සම්බන්ධිත පුවත් | Related News

අද පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවන්නේ යැයි කතාව ගොතන ලද්දේ විපක්ෂය විසින් යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් චමින්ද කුමාර මහතා පවසයි.
වරෙන්තු නිකුත්කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද (19) නියෝග කර තිබේ.
පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරඟ වැද ජයග්‍රහණය කරන ලද ස්වාධීන කණ්ඩායම් පහක සභිකයන් සමග ජනාධිපති අනුර දිසානායක මහතා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.
ම්ලේච්ඡ බෙදුම්වාදී යුද්ධය පරාජය කර වසර 16ක් ගතවී එම ජයග්‍රණයේ සැමරුම යෙදී ඇති මොහොතේ රට තුළ උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව සහ වසර 16 පුරා මෙම යුද ජයග්‍රහණයට එරෙහිව ක්‍රියාත්මක වූ දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ ජාත්‍යන්තර සහ දේශීය කුමන්ත්‍රණකරුවන් ක්‍රියාත්මක වූ ආකාරයත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් සවිස්තරාත්මක අනාවරණයක් සිදුකර ඇත.
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ප්‍රධාන පුවත්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.