News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේනයට දීමට තරම් පෙන්ටගනය සතුව මුදල් නැහැ - පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර්

Jan 5, 2024 at 02:35 PM
|

එක්සත් ජනපද ආණ්ඩුවට යුක්රේනය සඳහා මිලිටරි ආධාර දීමට තරම් අරමුදල් නැති බව, පෙන්ටගනයේ මාධ්‍ය  ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්‍රික් රයිඩර් මාධ්‍ය වෙත පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීති සම්පාදකයින් නව ආධාර පැකේජයක් සම්මත නොකරන්නේ නම් වොෂින්ටනයට යුක්‍රීනයට දීමට “මුදල් නැති” බවද ඔහු සඳහන් කළේය.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස්දක්වමින් රයිඩර්, යුක්රේනයට අවශ්‍ය අවි ආයුධ සම්පාදනය කිරීම  සඳහා තවත් ඩොලර් බිලියන 4.2ක් වියදම් කිරීමට පෙන්ටගනයට අවසර දී ඇති නමුත් සැබෑ අරමුදල් ලබා ගත නොහැකි බව පෙන්වා දුන්නේය. එම මුදල් වැය කිරිමට නම් කොන්ග්‍රසය විසින් එම මුදල් වෙන් කළ යුතු බවද අවධාරණය කළේය. 

“පවතින අරමුදල්වලින් එම ඩොලර් බිලියන 4.2 වියදම් කිරීමට අපට බලය තිබෙනවා. නමුත් මුදල් පිටතට ගැනීමෙන් හෝ අපගේ සටහන් වලින් ප්‍රතිපාදන ඉවත් කිරීමෙන් ඒවා පූර්ණය කිරීමට හැකියාවක් නැහැ.” රයිඩර් පැවසීය. 

යුක්රේනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට අයත් වන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා සීඑන්එන් ප්‍රවෘත්ති සේවයේ ක්‍රිස්ටියන් අමන්පූර් සමඟ පැවසුවේ ඇමරිකානු හමුදා ආධාර නොමැතිව තම රටට “විකල්ප සැලැස්මක්” නොමැති බව අවධාරණය කළේ නව සටන් ඩ්‍රෝන යානා, දිගු දුර මිසයිල සහ ගුවන් ආරක්ෂක හැකියාවන් සඳහා වන යුක්‍රේනය කළ ඉල්ලීම් යළි අවධාරණය කිරීමෙන් පසුව ය. 

රිපබ්ලිකන් විවේචකයන්ගේ රැඩිකල් කණ්ඩායමක් සංක්‍රමණ නීති ප්‍රතිසංස්කරණය කරන ලෙස ප්‍රභල ලෙස ඉල්ලා සිටින අතර එක්සත් ජනපදය තුළ යුක්‍රේනය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන බෙදීම් යුක්‍රේනයට අමතර ආධාර අරමුදල් ගමන් කිරීම අවහිර කර ඇති බවද කුලේබා පවසා සිටියේය. 2022 දී යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසු පක්ෂය වෙනම ආධාර පැකේජ දුසිම් ගනනකට පිටුබලය දුන්නද, සමහර රිපබ්ලිකන් සාමාජිකයින් පසුගිය මාස කිහිපය තුළ ඇමරිකානු මුදල් පරිත්‍යාග සම්බන්ධයෙන් මත ගැටුම් වල පැටලී ඇති අතර, එමගින් යුක්‍රේනයට ආධාර මුදල් ලබාදීම සම්බන්ධයෙන් දිනෙන් දින පුළුල් වන භේදයක් නිර්මාණය කර ඇත.

කියෙව් සඳහා ඩොලර් බිලියන 61 ක් ඇතුළු දැවැන්ත ආධාර පැකේජයක් සම්මත කරන ලෙස ජනාධිපති ජෝ බයිඩන් නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින අතර, රිපබ්ලිකන් විරුද්ධත්වය හේතුවෙන් කොංග්‍රසයට තීරණ ගැනීමේ අවකාශය සති ගනනාවක් තිස්සේ අවහිර වී ඇත. නමුත් ස්වාධීන සෙනෙට් සභික කර්ස්ටන් සිනෙමා පවසා ඇත්තේ නීති සම්පාදකයින් ගනුදෙනුවේ අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.

එසේ වුවද,අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් ඊයේ(04) වාර්තාකරුවන් වෙත පවසා සිටියේ අනාගතයේ දී යුක්‍රේනයට ලැබෙන එක්සත් ජනපද ආධාරවල අඩුවීමක් අපේක්ෂා කරන බවත්, අවසානයේ යුක්රේනයට "තමන්ගේම මිලිටරි කාර්මික පදනමක් ගොඩනගා ගැනීමට උපකාර කිරීමට බලාපොරොත්තු වන බවත්, එම කාර්යට මුදල් යෙදවීමටත්, ඒ අනුව යුක්‍රේනයට අවශ්‍ය යුද අවි තමන්ටම නිපදවා ගත හැකිවන බවත්ය."

අනෙකුත් වක්‍ර මිලිටරි ආධාර සහ මූල්‍ය සහ මානුෂීය ආධාර වලට අමතරව 2022 පෙබරවාරි මාසයේදී රුසියාව සමඟ ගැටුම උත්සන්න වූ දා සිට එක්සත් ජනපදය යුක්රේනයට ඩොලර් බිලියන 45 කට ආසන්න සෘජු මිලිටරි ආධාර අනුමත කර ඇත. කෙසේ වුවද කියෙව් වෙත බටහිර ආයුධ නැව්ගත කිරීම මොස්කව් යළි යළිත් හෙළා දැක ඇති අතර, රුසියාව තර්ක කරන්නේ බටහිර ජාතීන් සටන් දිග්ගස්සන බවත් යුක්‍රේනයේ මිලිටරි අරමුණු වලක්වා ගැනීමට ඵලදායි යමක් නොකරන බවත් ය. https://www.rt.com/news/590145-pentagon-no-money-ukraine/

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායෙල් තානාපති රූවන් ජේවියර් අසාර් (Reuven Javier Azar) මහතා හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක් අද (19) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදීී සිදු විය.
රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ අමාත්‍ය වැන්ග් යීගේ ආරාධනයෙන්, පකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් මැයි 19 සිට 21 දක්වා චීනයේ සංචාරයක නිරත වනු ඇතැයි වාර්තාවේ.
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවන්නේ යැයි කතාව ගොතන ලද්දේ විපක්ෂය විසින් යයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලලිත් චමින්ද කුමාර මහතා පවසයි.
වරෙන්තු නිකුත්කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.
2025 පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟත්වය පළ කර තිබේ.

ප්‍රධාන පුවත්

රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)

රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.