News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල්වරයෙකු ඝාතනය වේ

Dec 26, 2023 at 10:24 AM
|

ඊශ්‍රායල ප්‍රහාරක යානා සිරියාවේ ඩැමස්කස් අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ  අණදෙන නිලධාරියෙකු මිය ගිය බව ඊයේ(25) ඉරාන ඨස්නිම් පුවත් පත වාර්තා කළේය. ඔහු නමින් ජෙනරාල් සෙයිද් රාසි මූසාවි වන අතර  ඉරානයේ ප්‍රභූ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) කියා සිටියේ ජෙනරාල් සෙයිද් රාසි මූසාවි ඊශ්‍රායල විරෝධී “ප්‍රතිරෝධී පෙරමුණට” සහාය දැක්වීම සඳහා සිරියාවේ කටයුතු කළ බවයි.

ප්‍රහාරය පිළිබඳ ප්‍රවෘත්තිය ඉරානයේ ඨස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් ප්‍රථමයෙන් වාර්තා කරන ලද අතර ඉන් ටික වෙලාවකට පසු IRGC විසින් එම ප්‍රවෘත්ට්තිය තහවුරු කළේය. "පැය කිහිපයකට පෙර, ඩැමස්කස් හි ළමුන් ඝාතනය කරන සියොන්වාදී පාලන තන්ත්‍රයේ සාපරාධී මිසයිල ප්‍රහාරයක් හේතුවෙන්, IRGC හි ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශකයෙකු වූ බ්‍රිගේඩියර් ජෙනරාල් සෙයිඩ් රාසි මුසාවි දිවි පිදූවේය." IRGC නිකුත් කළ ප්‍රකාශය පැවසුවෙය.

මූසාවි "සිරියාවේ ප්‍රතිරෝධී පෙරමුණට සහාය දීමේ වගකීම දැරීය" යනුවෙන් IRGC ප්‍රකාශය මගින් අවධාරණය කරන අතර ලෙබනනයේ හිස්බුල්ලා සහ ඉරාකයේ සහ සිරියාවේ විවිධ ෂියා මුස්ලිම් සන්නද්ධ සංවිධාන  ඇතුළු ඉරානයේ පිටුබලය ලබන ඊශ්‍රායල විරෝධී කණ්ඩායම්වල පුලුල් සභාගය සම්බන්ධයෙන්ද  සඳහන් කරමින් IRGC සිය ප්‍රකාශය මගින් කරුණු හෙළිදරව් කළේය.

මූසාවි යනු 1990 ගණන්වල අග භාගයේ සිට 2020 දී අමෙරිකා එක්සත් ජනපදය විසින්  ඝාතනය කරන තෙක් IRGC හි QUDS බලකායට අණ දුන් Qasem Soleimani ගේ සමීපතම සගයෙකි. QUDS බලකාය මූලික වශයෙන් ඉරානයෙන් පිටත ක්‍රියාත්මක වන අතර, “ප්‍රතිරෝධී පෙරමුණේ සිටින අය ඇතුළුව ටෙහෙරානයේ සහචරයින්ට සහාය සහ පුහුණුව ලබා දෙයි. ”

එහි වත්මන් අණදෙන නිලධාරී, බ්‍රිගේඩියර් ජෙනරාල් එස්මයිල් කානි, ඊශ්‍රායලයට එරෙහි සටනේදී හමාස් සංවිධානයට ආධාර කිරීමට නොවැම්බරයේදී පොරොන්දු වූ අතර, ටෙහෙරානය "මෙම කුරිරු සතුරාට සහ ඔහු පිටුපස සිටින අයට ගාසා තීරය සහ එහි වීරෝදාර ජනතාව යටත් කර ගැනීමට ඉඩ නොදෙන" බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පලස්තීන සටන්කාමී කණ්ඩායමට දන්වා ඇත්තේ සෘජු හමුදා මැදිහත්වීමකට ඉරානයේ සහාය ලබා නොදෙන බවයි.

කෙසේ වුවද ඊශ්‍රායල හමුදාව 24 වනදා එල්ල කළ ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වා නැති අතර සාමාන්‍යයෙන් සිරියානු අහසේ කළ සිය මෙහෙයුම් සම්බන්ධයෙන් නිහඬව සිටීමට කටයුතු කරමින් සිටිති. හමාස් සමඟ යුද්ධය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ගුවන් යානා සිරියාවේ අර්ධ ගුවන් මෙහෙයුම් නිතර නිතර සිදු කර ඇති අතර, ඉරානය සමඟ පෙලගැසී ඇති සන්නද්ධ කන්ඩායම් විසින් භාවිතා කරන බව පැවසෙන  ගුවන් තොටුපලවල් සහ වෙනත් මධ්‍ය්ස්ථාන වෙත පහර එල්ල කිරීමට කට්යුතු කරති.

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.
හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය.
වෙළඳ ඇමැති වසන්ත සමරසිංහට කොමිස් ගැන හොඳින් දන්නා බවත් හාල් සහ ලුණු ගෙන්වන්නේ ද කොම්ස් මාෆියාව මත බවත් සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත පවසයි.
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය.
අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතීඥවරයා විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
යුද්ධයෙන් ආදරණීයයන් අහිමි වූ සියලු දෙනාගේ ශෝකය හඳුනාගෙන එයට ගරුකරන නමුත් අනුස්මරණ මුවාවෙන් ත්‍රස්තවාදය උත්කර්ෂයට නැංවීමට දැඩිලෙස විරුද්ධ වන බව ජාතික ඒකාබද්ධ කමිටුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.