සිරිල් ගාමිනි පියතුමන් පැදවු රථයක් හැපී අයෙක් රෝහලට.. දේශබන්දුට කතාකරලා ගොඩදාගත්ත - ටිරාන් අලස් කියයි... පොලිස් ඇමැති කිව්වේ පට්ටපල් බොරුවක් - කතෝලික සභාව කියයි
අගරදගුරු නිල නිවසේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් විසින් පසුගිය දිනෙක ධාවනය කළ මෝටර් රථය යතුරු පැදියක හැපී අනතුරක් සිදුව ඇති බවත්, එහිදී එම තුවාලකරු රෝහල් ගත කර සිරිල් ගාමිණි පියතුමා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ප්‍රකාශකර තිබිණි.
එම අවස්ථාවේ දී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ගේ සමීපතමයෙකු එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමතා උදව් ඉල්ලා ඇති බව ටිරාන් අලස් මහතා සඳහන් කළේය.
අනතුරුව පොලිස් විමර්ශනයෙන් පසු සිරිල් ගාමිණී පියතුමාට ඇප ලැබී ඇති අතර පසුදා උදෑසන සිරිල් ගාමිණී පියතුමා දේශබන්දු තෙන්නකෝන් මහතා අමතා ස්තුතිය පළ කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.
තමන්ට ප්‍රශ්න ඇතිවූ අවස්ථාවල මේ ආකාරයෙන් හැසිරෙන අය පසුව තමන් කිසිම අවස්ථාවක පොලිසියට කතා නොකළ අයුරින් හැසිරෙන බවද ඔහු පෙන්වා දෙයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපති කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර, රිය අනතුරකින් පසු සිරිල් ගාමිණි පියතුමාව පොලීසියට රැගෙන ගිය අවස්ථාවේදී පියතුමාව බේරාදෙන්නැයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආයාචනයක් නොකළ බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.
අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ එම චෝදනාවට අද (22) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පිළිතුරු දෙමින් ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් මේ බව පැවසීය.
ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ ආයාචනා කළ සිද්ධිය සම්පූර්ණයෙන් බොරුවක් බවය.
ෙ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු