
JN.1 කොවිඩ් අනුප්‍රභේදය ශ්‍රී ලංකාවටත් ඇවිත්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යමින් පවතින JN.1 කොවිඩ් අනුප්‍රභේදය දැනටමත් ශ්‍රී ලංකාවේ පවතින බවට සැකකෙරෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි .
ඔහු මේ බව සඳහන් කළේ සිය 'X' ගිණුමෙහි සටහනක් තබමිනි.
පළමුවරට ලක්සම්බර්ග් රාජ්‍යයෙන් හඳුනාගත්, JN.1 කොවිඩ් අනුප්‍රභේදය ඉන්දියාවේ ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් ලෙස සැලකෙන මෙම වෛසරයෙන් ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 2669කි.
කේරළ ප්‍රාන්තයේ පැතිර ගිය JN.1 අනු ප්‍රභේදය මේ වනවිට ගෝආ සහ මහරාෂ්ට්‍ර ප්‍රාන්ත දක්වා ද පැතිර ගොස් ඇති බව සඳහන් ය.
මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් ද පළමු JN.1 ආසාදිතයා වාර්තා වූ අතර එම පුද්ගලයා ගෝආ සිට පැමිණි අයෙකි.
වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ මහරාෂ්ට්‍ර ප්‍රන්තයෙන් JN.1 ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පූර්ව මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ය.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිරෙන JN.1 කොරෝනා අනුප්‍රභේදය අවධානය යොමුකළ යුතු වෛරසයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම කොවිඩ් අනු ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාවට ඇති අවදානම සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ද සිය X ගිණුමෙහි සටහන් තබා තිබුණි.
එහි දැක්වෙන්නේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය කේන්ද්‍රකොට ගෙන මේ වනවිට පැතිරෙමින් පවතින JN.1 කොවිඩ් අනුප්‍රභේදය දැනටමත් මෙරට ජන සමාජය තුළ පවතින බවට සැක පළකළ හැකි බවයි.
ශ්‍රී ලංකාවේ දැනට සුලභ ව දක්නට ලැබෙන ප්‍රතිශ්‍යාවට සමාන රෝගී තත්ත්වය එහි ප්‍රතිඵලයක් විය හැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
උණ, කැස්ස, ගඳ සුවඳ හා රස නොදැනීම, අධික උණ අඛණ්ඩව පැවතීම, ශ්වසන අපහසුතා, ආහාර ගැනීමට අපහසුවීම සහ වමනය JN.1 කොවිඩ් අනු ප්‍රභේදයේ රෝග ලක්ෂණ වෙයි.
මේ නිසා මෙවැනි රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.
විශේෂයෙන් වයෝවෘධ සහ දුර්වල ප්‍රතිශක්තියක් සහිත පුද්ගලයන් වර්ධක එන්නත් ලබාගැනීම සුදුසු බවත්, ජනාකීර්ණ, හොඳ වාතාශ්‍රයක් නොමැති ආවරණය වූ ස්ථානවල ගැවසෙන පුද්ගලයින් මුව ආවරණ පැළඳීම යෝග්‍ය බවත් වෛද්‍යවරයා පවසයි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
