
ජෙරම්ගේ ඇප ඉල්ලීමේ විභාගය ජනවාරි මස 4 වනදා
බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප පෙත්සම ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකර විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ජෙරම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු කිතුණු භක්තිකයකු බැවින් ඉදිරියේ එළඹෙන නත්තල් සමය සැලකිල්ලට ගෙන පෙත්සම අද දින විභාගයට කරන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට විරෝධය පළ කළ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම පෙත්සම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
සිරිපාලට සහ සෝමපාලට අදාළ වන නීතිය දේවගැති ජෙරම් ප්‍රනාන්දුටද අදාළ විය යුතු බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම සැකකරු මාස ගණනාවක් අධිකරණය මඟහැර සිටි පුද්ගලයකු බවත් නීතිය ඉදිරියේ කිසිදු පුද්ගලයෙකුට සුවිශේෂී වරප්‍රසාද හිමි නොවිය යුතු බවත් සඳහන් කළේය.
මෙම සැකකරු මාස ගණනාවක් අධිකරණය මඟහැර සිටි පුද්ගලයෙකු බවත් මෙම පෙත්සම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ රජය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.
මෙම අවස්ථාවේදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ද පෙන්වා දුන්නේ වග උත්තරකරුවන්ට විරෝධතා ගොනුකිරීම සඳහා අවස්ථාව ලබා දී අදාළ පෙත්සම සාමාන්‍ය පටිපාටියට යටතේ විභාගයට ගැනීම සුදුසු බවය.
ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 4 වන දා විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියෝග කළේය.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
