තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍ය කණ්ඩායමක් 'තායි රාජාගේ' රුධිර සාම්පල හොරෙන් අරන්
ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට තායිලන්තයෙන් ත්‍යාග ලෙස ලැබුණ තායි රාජා හස්තියාගේ රුධිර සාම්පල කිහිපයක් තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් ලබාගෙන ඇති බව පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි .
එම හස්තියාට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධාන වෛද්‍යවරයා වන තමන්ව දැනුවත් නොකර මේ ආකාරයට රුධිර සාම්පල ලබා ගැනීම වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි බවත්, ඔවුන් උත්සහා දරමින් සිටින්නේ කුමකටද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි.
ශ්‍රී දළදා මාලිගාවට අයත් පල්ලේකැලේ පිහිටි ඇත් ගාලේ බැඳ සිටි තායි රාජා හස්තයාගෙන් තමන්ට නොදන්වා රුධිර සාම්පල් ලබාගත් එම තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායම තමන්ට සාකච්ඡාවක් සඳහා ආරාධනා කළ බවද, වෛද්‍ය ආචාර ධර්ම නොපිළිපදින එම කණ්ඩායම සමග සාකච්ඡා කිරීම තමන් ප්‍රතික්ෂේප කළ බවද මහාචාර්යවරයා සඳහන් කරයි.
කෙසේ වුවද, මුතු රාජා හස්තියා නැවත තායිලන්තයට රැගෙන යාමෙන් පසු තායි රාජා ද රැගෙන යාමේ උත්සාහයක් පවතින බවට රාවයක් පැවතුණු නමුත් තායිලන්ත තානාපතිවරයා එය එම අවස්ථාවේදී ප්‍රතික්ෂේප කොට තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්