News Category
From Date
To Date
Maximum Number of Result

මේක "දේශීය නිෂ්පාදන පද්ධතිය" සම්පූර්ණයෙන්ම බිඳවට්ටපු අයවැයක් - විමල් වීරවංශ

Dec 16, 2023 at 05:48 AM
|

දේශීයව නිපදවන දියර කිරි, කඩදාසි, සීනි, CFL බල්බ, උදලු තල හා වෙනත් කෘෂි ආම්පන්න ඇතුළු දේශීය නිෂ්පාදන සියල්ලට සියයට 18ක වැට් බද්ද හා උපරිම බදු පැනවීම මගින් මෙන්ම ආනයනය දිරිමත් කෙරෙන අයවැය යෝජනා ඇතුළු සමස්ත අයවැය මගින් මෙරට දේශීය නිෂ්පාදන පද්ධතිය මුළුමනින්ම බිඳවට්ටවා ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ මෙවර අයවැය විවාදය අවසන් දිනයේදී එනම් දෙසැම්බර් 13 වැනිදා සිය කතාව සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වීරවංශ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

IMF කියන විදියට යනවා නම්...

"අපේ 'ආචාර්ය බන්දුල ගුණවර්ධන සූරීන්ගේ' කතාවෙන් පස්සේ මේ කතාව කරන්න ලැබීම වැදගත් කොට සලකනවා. අපි දන්නවා,  මහ බැංකු අධිපති ධුරයට ආපු නන්දලාල් වීරසිංහ ඉතාමත් කලබලයෙන් 'ශ්‍රී ලංකාව බංකොලොත්' කියලා ප්‍රකාශයට පත් කළේ එවකට අමාත්‍ය මණ්ඩලය හෝ මේ පාර්ලිමේන්තුව හෝ දැනුම්වත් කරලා නොවෙයි. පාකිස්ථානයත් මෙවැනි ආර්ථික අර්බුදයකට ලක් වුණාම ගියා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්න. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිගින් දිගටම පාකිස්ථානයට බලපෑම් කළා, 'ශ්‍රී ලංකාව වගේ ඔයගොල්ලොත් ආර්ථිකය බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරන්න' කියලා. නමුත් පාකිස්ථානය ඒ බරපතළ තීරණය ගත්තේ නැහැ. ඔවුන් දන්නවා එවැනි තීරණයක් ගත්තොත් ඉන් ඇති වන පලවිපාක ඉතාමත් දරුණුයි, කියලා. නන්දලාල් වීරසිංහ වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 'ඔඩොක්කු කුක්කෙක්' පාකිස්ථානයේ හිටියේ නැහැ. ඒ නිසා පාකිස්ථානය ඒ තීරණය නොගෙන චීනය, සවුදි අරාබිය, කටාර් වැනි රටවල සහයෝගය ලබාගෙන, විදේශ විනිමය සංචිතය තරමක් දුරට හෝ ශක්තිමත් කරගෙන, ණය ගෙවාගෙන, එදිනෙදා වියදම් දරාගත හැකි මට්ටමේ තත්ත්වයක් කෙටි කාලීනව නිර්මාණය කරගත්තා. එහෙම කළේ අර්බුදයෙන් ගොඩඒමේ උපායමාර්ගික සැලැස්මක් ද සහිතවයි. රටක් බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කළාට පසුව ජාත්‍යන්තර අරමුදලේ පදයට නටනවා හැරෙන්න තමුන්නාන්සේ(බන්දුල ගුණවර්ධන මහතා) කියන සුබ අනාගතය නම් නිර්මාණය වෙයි කියලා මම නම් කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපට කියන්න තියෙන්නේ අර 'කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ' කියනවා වගේ 'IMF කියන විදියට යනවා නම් විඳවාපන් බළලෝ' කියා පමණයි.

දේශීය නිෂ්පාදන පද්ධතිය විනාශයි!

හොඳට බලන්න, මේ අයවැයෙන් සිදු කර ඇත්තේ දේශීය නිෂ්පාදන  පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳවැට්ටවීමයි. ආණ්ඩුව ගහන තරමක් බදු ගහන්නේ දේශීයව නිපදවන දෙයටයි. දේශීයව නිපදවන  දියර කිරි ටිකට, පොල් කිරි ටිකට, සීනිවලට, ටින් මාළුවලට, සීඑෆ්එල් බල්බ් එකට, බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණවලට බදු පිට බදු ගහනවා.  කඩදාසිවලට බදු පිට බදු ගහලා රටේ ප්‍රකාශන කර්මාන්තය නැත්තටම නැති කරනවා. පාසල් පොත් ටික අරගෙන දරුවන්ට පාසල් යන්න බැරි කරනවා. උදළු තලය  ඇතුළු කෘෂිකාර්මික ආම්පන්නවලට සියයට දහඅටක වැට් බද්ද ගහලා මේ රටේ කෘෂි නිෂ්පාදකයා කෘෂි කර්මාන්තයෙන් ඉවතට ඇද දානවා. අවසානයේ අපේ  කෘෂි කර්මාන්තය ග්‍රාමීය ගොවි ජනතාවගෙන් උදුරාගෙන මහා පරිමාණ සමාගම් අතට දෙනවා. ඒ ග්‍රාමීය ගොවි ජනතාවට වගාබිම් අහිමි කරලා, ඔවුන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල වහල් සේවයේ යෙදවීමට අවශ්‍ය පරිවර්තනය තමයි මේ සිදු කරමින් ඉන්නේ.

"තුන' ගන්න කරන දේ...

මේ විදිහට බදු ගැහුවාම එම භාණ්ඩ හා සේවාවල පරිභෝජනය අඩුවෙනවා. මතක තියාගන්න, පරිභෝජනය අඩු වෙනකොට ඔය කියන බදු ඉලක්ක සම්පූර්ණ කරගන්නත් බැරි වෙනවා. IMF එකේ දෙවැනි ණය වාරිකය ගන්න බලාගෙනනේ මේ ආණ්ඩුව මේ විදිහට කඩිමුඩියේ අයවැය අස්සේ වැට් බදු සංශෝධන පනත ගෙනත් සම්මත කරගත්තේ. තුන්වන වාරිකය ගන්න නම් තවත් ටිකක් ජනතාවගේ බෙල්ල මිරිකන්න වෙනවා. මේ ආණ්ඩුවට අද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න තිබෙන උපායමාර්ගික සැලැස්ම ඇතුළේ තිබෙන්නේ බදු උපරිමයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය ව්‍යවසායන් සහ අනෙකුත් ජාතික සම්පත් විකිණීම පමණයි. මේ බදු ගහන විදියට දේශීය කර්මාන්ත පවත්වාගෙන යන්න බැරි වෙනකොට ඒ කර්මාන්තකරුවා බලනවා ඒක දෙන්න කෙනෙක්. එහෙම කෙනෙක් ලංකාවේ නැති වෙනකොට විදේශිකයෙකු තමයි ඉදිරිපත් වුණත් ඉදිරිපත් වන්නේ. අද රාජ්‍ය ආයතන කුණුකොල්ලයට විදෙස් සමාගම් අතට යනවා වගේම ඉදිරියේදී පෞද්ගලික ව්‍යවසායන් ද කරගෙන යන්න බැරි වුණාම ඒවාත් යන්නේ විදේශිකයෙකු අතට කුණුකොල්ලයටයි.

දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය

මහාවංශය කියවනකොට අපට මුණගැහෙනවා පළමුවැනි දාඨෝපතිස්ස කියලා රජ කෙනෙක්. ඔහු ථූපාරාමය කොල්ලකාලා එහි රන්කොත ගලවලා විකුණුවා. තවත් රාජ්‍ය සම්පත් කොල්ලකාලා විකුණුවා. දැන් මේ යන පරිච්ඡේදය  අපට  පෙනෙන්නේ දෙවැනි දාඨෝපතිස්ස පරිච්ඡේදය විදියට. තවම ථූපාරාමයේ රන්කොතට අත නොතිබ්බාට මේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන සියල්ලම විකිණීම, ගහන්න පුළුවන් උපරිම බදු ටික  ගහන එක අද සිදු වෙමින් තිබෙනවා. මේ අයවැය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ අයවැයක්. මේ අයවැයෙන් කරලා තිබෙන්නේ, 'ජනතාවට ගොනා  අනින' පාට් එකයි.

IMF නෙයියාඩගමෙන් සුගතියක් වෙන්නේ නැහැ!

ලබන අවුරුද්දෙත් අපි සාම්ප්‍රදායිකව කියයි, 'සුබ අලුත් අවුරුද්දක් වේවා!' කියා. නමුත් එළඹෙන්නේ මෑත අවුරුදු කිහිපය හා සැසදුවත් ඉතාමත් පීඩාකාරී, සෑම සමාජ ස්තරයක්ම දැනට සිටින තත්ත්වයෙන් පහළට කඩා වැටෙන, එසේ පහළට කඩා වැටෙන සමාජ ස්තරයන් විසින් ඉතාම දරුණු ප්‍රතික්‍රියාවලට යාමට ඉඩකඩ තිබෙන වසරක්. මේ පිළිබඳව ගැඹුරින් නොසිතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නටන මේ නෙයියාඩගමෙන් මේ රටට සුගතියක් වෙන්නේ නැහැ, කියා අවධාරණය කරනවා."

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.
හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.
කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය පැවසීය.
වෙළඳ ඇමැති වසන්ත සමරසිංහට කොමිස් ගැන හොඳින් දන්නා බවත් හාල් සහ ලුණු ගෙන්වන්නේ ද කොම්ස් මාෆියාව මත බවත් සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත පවසයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.
16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන පසුව ඇපමත මුදාහැර සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය.
අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නීතීඥවරයා විසින් තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.