News Category
From Date
To Date
Maximum Number of Result

මීලඟ රුසියානු මහා මෙහෙයුම

Dec 10, 2023 at 06:20 AM
|

මේ අවසන් වෙමින් ඇත්තේ ගෝලීය දේශපාලනයේ තවත් එක් පෙරලිකාරී සතියකි. යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව පසුගිය සතිය තෙක් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියාවෙන් පිටතට ගමන් කර තිබුණේ එක් වතාවක් පමණි. ඒ ඔහු සිදුකල චීන සංචාරයයි. ඔහුගේ දෙවන විදේශ සංචාරය ලෙස ඔහු පසුගිය බදාදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ එක්දින හදිසි සංචාරයක නිරත වූයේ එවැනි සංචාරයක් ගැන පුළුල් පූර්ව හෙලිකිරීමක් රහිතව ය. 

මෙම සමස්ථ සංචාරය පුරාවටම රුසියානු ගුවන් හමුදාවට අයත් SU-35S වර්ගයේ නවීන සහ බලගතු ප්‍රහාරක යානා හතරකින් රුසියානු ජනාධිපතිවරයා ගමන් ගත් යානය ආවරණය කිරීමට පියවර ගෙන තිබුණි.

අබුඩාබි අහසේ රුසියානු ධජය පවා සටහන් කරමින්, මෑත ඉතිහාසයේ රාජ්‍යයක් තවත් රාජ්‍ය නායකයෙකුට ලබාදුන් ඉහළම ගෞරවය රුසියානු ජනාධිපතිවරයාට ලබා දුන්, කලක් බටහිර කදවුරේ මැදපෙරදිග ප්‍රධාන සඟයෙකු වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සංකේතාත්මකව බටහිර බලවත්තුට කනේ පහරක් එල්ල කලේ ඔවුන් රුසියානු ජනාධිපතිවරයාට පනවා ඇති සම්බාධක හෝ වරෙන්තු මුලුමනින්ම නොසලකා හරිමින්. එහි පැය කිහිපයක් රැදී සිටි පුටින් ඊළඟට සවුදි අරාබිය වෙත ගොස් එහි නායක මොහොමඩ් බින් සල්මාන් හමුවිය. එහිදී ද ඔහුට ඉහළම පිලිගැනීමක් ලැබුණි.

ඒ සමග සිදු වූ ඊළඟ සිදුවීම වන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි බ්‍රහස්පතින්දා මොස්කව් හී සිදුකල හදිසි සංචාරයයි. ඉරාන ජනාධිපතිවරයාටද ඉහළ පිලිගැනීමක් ලබා දුන් රුසියාව මෙහිදී ඉරානය සමග තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබූ බව පැවසේ. 

පුටින් සහ මැදපෙරදිග ප්‍රබලයන් අතර පැවති සාකච්ඡා මාලාවේදී ලෝක බලශක්ති පාලනයට, ඩොලරයේ ආධිපත්‍යයට, ගාසා අර්බූදයට සහ යුක්‍රේන යුද්ධයට අදාල වැදගත් එකඟතා කිහිපයකට එම පාර්ශව එලැබි බව කියයි. ඒවායේ බලපෑම එක් එක් ආකාරයෙන් ඉදිරියේදී ලොවටම දැකිය හැකි වනු ඇත.

බටහිර බලවතුන් විසින් සම්බාධක තොග වශයෙන් පනවා ලෝකයෙන් හුදෙකලා කල බව කී රුසියාව, ලෝකයේ සෙසු බලවතුන් සමඟ මෙසේ ප්‍රබල සන්ධාන ගොඩනගද්දී බටහිර බලවතුන් අතර ගොඩනැගෙමින් පවතින බරපතල අර්බූද කිහිපයක්ද මේ සතියේදී කරලියට පැමිණියේය. ඒ අතර ප්‍රධානතම සිදුවීම වූයේ යුක්‍රේන යුද්ධය සම්බන්දයෙන් එක්සත් ජනපද දේශපාලනය අභ්‍යන්තරයේ හටගෙන ඇති බරපතල මත ගැටුමයි.

යුක්‍රේනයට ලබා දීමට යෝජනා කල යුධ ආධාර සදහා මුදල් වෙන්කිරීමට බයිඩන් රජය එහි සෙනෙට් සභාවට කල යෝජනාව එහිදී පරාජයට පත් වූ අතර එය බයිඩන් රජයේ ප්‍රධානීන්ගේ දැඩි නොසතුටට හේතු වී තිබේ. ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සෙනෙට් සභිකයන්ට අවධාරණය කර ඇත්තේ එක්සත් ජනපදය මේ අවස්ථාවේ යුක්‍රේනය මේ ආකාරයෙන් අත්හැරීම යනු නේටෝ සංවිධානයට සෘජුවම ද්‍රෝහීවීමක් බවත්, එම තත්වය තුල තවදුරටත් ජාත්‍යන්තරයේ කිසිවෙකු එක්සත් ජනපද රජය විශ්වාස නොකරනු ඇති බවත්, එය නේටෝ සංවිධානයේ පැවැත්ම අවධානමට දමනු ඇති බවත්, යුක්‍රේනයේ ජය ගන්නා රුසියාව ඉන් නොනැවතී තවදුරටත් බටහිරට ගමන් කර පැරණි සමස්ථ සෝවියට් භූමිය අත්පත් කර ගැනීම නිසැකවම සිදු කරන බවත්, එම ආක්‍රමණය බෝල්ටික් කලාපය දක්වාම පැතිරීමකට වුවද ඉඩ ඇති බවත්ය. 

සෙනෙට් සභාව මෙම මුදල් අනුමත නොකරන්නේ නම්, කෙලින්ම රුසියාව සමඟ සටන් වැදීමට එක්සත් ජනපද හමුදාව යුක්‍රේනයට යැවීමට තම රජයට සිදුවිය හැකි බව ඔහු සෙනෙට් සභිකයන්ට අවධාරණය කර ඇත්තේ එක්තරා ආකාරයක තර්ජනාත්මක ස්වරයෙන් බව පැවසේ. එක්සත් ජනපදය යම් හෙයකින් එවැනි පියවරකට ගමන් කලහොත් එය නියත ලෙසම ඊළඟ ලෝක යුද්ධයක ආරම්භය වනු ඇති බවත්, එම යුද්ධය න්‍යෂ්ටික අවි දක්වා ගමන් කිරීමට හොඳටම ඉඩ ඇති බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.

අභ්‍යන්තර ආර්ථික අර්බුදයක සිටින එක්සත් ජනපදය දැන් මුහුණ දී ඇත්තේ 'ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී' වැනි තත්වයකට බව පැහැදිලිව පෙනේ. මෙම තත්වය ලබන වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයටද සෘජුවම බලපානු ඇත.

යුක්‍රේනයේ ඇති වී ඇති දේශපාලන අර්බුද තවදුරටත් වර්ධනය වෙමින් ඇත. යුක්‍රේනයේ පැවති රුසියානු හිතවාදී පාලනය පරාජය කිරීමට මුල් වූ මයිදාන් අරගලයේ ප්‍රධාන නායකයෙකු මෙන්ම, සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගේ ප්‍රධානතම බලකණුවක් වූ කීව් නගරාධිපති විටාලි ක්ලිට්ෂ්කෝ මේ සතියේ ජර්මන් මාධ්‍යයක් හමුවේ සෘජුවම ජනාධිපති සෙලෙන්ස්කි දැඩිව විවේචනය කර තිබේ. යුක්‍රේනයටම යම් බලපෑමක් කල හැකි එරට ප්‍රබල චරිතයක් වන ඔහු සහ සෙලෙන්ස්කි අතර මතබේද මාස කිහිපයක් පැරණි වුවද කිසිදා මෙවැනි බරපතල විවේචනයක් මෙතෙක් ඔහු ප්‍රසිද්ධියේ කර තිබුණේ නැත. ඇතැම් බටහිර විචාරකයන් පවා පවසන්නේ සෙලෙන්ස්කිගේ ජනාධිපති ධූරයට වැඩි ආයුෂ නොමැති බවයි.

එසේ තම බටහිර සහ යුක්‍රේන සතුරන් අර්බුදයට පත් වෙද්දී, තමන් මීලඟ මාර්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව, රුසියානු හමුදා සාමාජිකයන්ට ජනාධිපති පදක්කම් ප්‍රදානයකට එක් වූ පුටින් ඊයේ නිල වශයෙන් නිවේදනය කලේ එය ජාත්‍යන්තර බ්‍රේකින් නිවුස් එක බවට පත් කරමිනි. එසේම යුක්‍රේන යුද්ධය එහි අරමුණු ඉටු වෙන තෙක් ඉදිරියට යන බවද ඔහු එහිදී අවධාරණය කර තිබේ.

යුක්‍රේන යුධ පිටියේ තත්වය සැලකීමේදී ලොවම අපේක්ෂාවෙන් සිටින මීලඟ රුසියානු මහා මෙහෙයුම ආසන්න දිනකදීම ඇරබෙනු ඇතැයි බොහෝ තතුදන්නෝ මත පල කරයි. මේ වන විටත් අව්ඩිව්කා සහ ඒ අවට සිදු කෙරෙන මෙහෙයුම් වලටත් වඩා ප්‍රබල රුසියානු මෙහෙයුමක් බැක්මූට් සහ සොලිඩාර් දෙසින් ඇරබී තිබේ. ඊට රුසියානු හමුදා කණ්ඩායම්වලට අමතරව පැරණි ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස් හමුදා කණ්ඩායම් මෙන්ම එදා බැක්මූට් මහ සටනට එක් වූ වැග්නර් සෙබළුන්ද දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් එක් වී තිබේ. එම මෙහෙයුම ඇතැම් විට ක්‍රෙමටොරෙස්ක්, ස්ලොව්යාන්ස්ක්, සිවාර්ස්ක්, චසිව් යාර් වැනි නගරද විනිවිද යන දැවන්ත මෙහෙයුමක් බවට පත් විය හැකි ළකුණුද මේ වන විටත් පෙනෙන්නට තිබේ. 

(විශ්ව චින්තනගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.