ශ්‍රී ලංකාවට රුසියානු තේ සහ රුසියානු සංචාරක වෙළඳපොළ අහිමි වීමේ දැඩි අවදානමක් තිබෙනවා- ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
තේ සහ සංචාරක ව්‍යාපාරය සඳහා පමණක් නොව, සමීප සංවර්ධන හවුල්කරුවෙකු සහ මිතුරෙකු වන රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට, සමීපව වැඩ කිරීමට සහ ශ්‍රී ලාංකික නිෂ්පාදන වෙළඳාම සඳහා ඇති විශාල රුසියානු වෙළඳපොළෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුසියානු වෙළෙඳපොළ වේගයෙන් අහිමි වෙමින් පවතින බව රුසියාවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තීය සේවක සංගමයේ හිටපු සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ඒ මහතා Sunday Observer පුවත් පතට අදහස් දක්වමින් මෙලෙස පැවසුවේය.
“ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා උපරිම සහයෝගය ලබා දීමට උනන්දු වන රුසියාවෙන් ඈත් වීමෙන්, වෙළඳාම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය තුළින් සංවර්ධනය වේගවත් කිරීමට ඇති ස්වර්ණමය අවස්ථාවක් ශ්‍රී ලංකාව අහිමි කරමින් සිටිනවා.” චන්ද්‍රවංශ මහතා වැඩිදුරටත් පැවසුවේය.
"රුසියාව ශ්‍රී ලංකා තේ සඳහා ඇති සැලකිය යුතු අපනයන වෙළෙඳපොළකි. 2023 දී ශ්‍රී ලංකාව රුසියාවට ඩොලර් මිලියන 122 ක තේ අපනයනය කළ අතර, එය ශ්‍රී ලංකා තේ අපනයන සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වුනා. දෙරට අතර තේ වෙළඳාම ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතාවයේ ප්‍රධාන අංගයක් වුනා.2023 දී, ශ්‍රී ලංකාව රුසියාවට කළ අපනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 144.25 ක් වූ අතර රුසියාවෙන් කළ ආනයන ප්‍රමානය ඇමරිකානු ඩොලර් මිලියන 393.55 ක් වැනි අගයකට ළඟ වුනා.කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපනයන ආදායම් උපයන්නා වන තේ සඳහා වන වෙළඳපල කොටස වේගයෙන් පහත වැටීම බේරා ගැනීමට කඩිනම් පියවර නොගත හොත් මෙම වේගය ආපසු හැරවිය හැකියි." යනුවෙන් ඒ මහතා පුවත් පත වෙත අදහස් දක්වමින් පැවසුවේය.
“දැන් ගැටලුව වන්නේ ශ්‍රී ලංකාව රුසියාව සමඟ තේ සඳහා තිබූ ව්‍යාපාරය අහිමි වීමයි.මෙම සියවසේ මුල් භාගයේදී, රුසියාව ශ්‍රී ලංකාවෙන් අගය එකතු කළ තේ සඳහා විශාලතම වෙළඳපොළ වූවා. කෙසේ වෙතත්, රුසියානුවන් දේශීය නිෂ්පාදකයින්ට බදු ප්‍රතිලාභ ලබා දීමෙන් අගය එකතු කළ තේ සංවර්ධනය කිරීමට පෙළඹිම නිසා රුසියානු වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ සඳහා ඇති වෙළඳපල කොටස ක්‍රමයෙන් පහත වැටුණා. නමුත් වඩාත්ම වැදගත් දෙය නම් ශ්‍රී ලංකාව මෙම ගැටලුව පිළිබඳව නිසි අධ්‍යයනයක් කර උපාය මාර්ගයක් සකස් නොකිරීමයි. සිලෝන් ටී සන්නාමය සම්බන්ධයෙන් අපට නිසි උපාය මාර්ගයක් තිබුණේ නම් මෙය සිදු වන්නේ නැහැ.” යනුවෙන් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයට කරන ලද බොහෝ ඉදිරිපත් කිරීම් ගැටලුව ජය ගැනීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තීය සේවක සංගමය සම්බන්ධ කර ගැනීමට අකමැති මණ්ඩලයේ හිටපු නිලධාරීන් විසින් බැරෑරුම් ලෙස නොසැලකූ බවයි.
තේ මණ්ඩල නිලධාරීන්ට නිසි දැක්මක් සහ මෙහෙවරක් නොමැති බවත් ඔවුන් දේශප්‍රේමී නොවන බවත් චන්ද්‍රවංශ මහතා අවධාරණය කළේය.
"ශ්‍රී ලංකාවට තම සිලෝන් ටී සන්නාමය නැවත වරක් ස්ථානගත කිරීම සඳහා ජාතික උපාය මාර්ගයක්, දැක්මක් සහ මෙහෙවරක් අවශ්‍ය වන අතර ඒ සඳහා උසස් තත්ත්වයේ තේ අලෙවි කිරීම අනිවාර්ය කාරණයක් වේ. කම්කරුවන්ගේ සුභසාධනය අමතක කර ලාභ ඉපැයීම කෙරෙහි අවධානය යොමු කරන කර්මාන්තයකට උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනය කළ නොහැකියි." ආචාර්ය චන්ද්‍රවංශ අවධාරණය කළේය.
මැණික් හා ස්වර්ණාභරණ සහ මසුන් අපනයන සමඟ, රුසියාවට ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනය සඳහා ඕනෑ තරම් ඉඩකඩ සහ විභවයක් ඇති බවද ඔහු අවධාරණය කළේය.
"ශ්‍රී ලංකාව රුසියාවෙන් ප්‍රතිලාභ ලබා ගත යුතු අනෙක් ප්‍රධාන අංශය සංචාරක ව්‍යාපාරයයි. ශ්‍රී ලංකාව වැඩි රුසියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ එම අංශය සංවර්ධනය කිරීමට නම්, රුසියානු සංචාරකයින්ගේ සංස්කෘතිය, ආහාර මනාපයන් සහ සංචාරය කිරීමට ස්ථාන තෝරා ගැනීම සහ ඔවුන් කැමති විනෝදාස්වාදය දැන ගැනීමට ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් තිබිය යුතුයි." ඔහු පැවසීය.
"රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු සංචාරක ප්‍රභවයක්කි. 2023 දී, ශ්‍රී ලංකාව රුසියානු සංචාරකයින් විශාල සංඛ්‍යාවකට සේවා සැපයූ අතර, එය මුළු සංචාරක පැමිණීම් වලින් 13.6% ක අගය්ක් ගත් අතර සංඛ්‍යාත්මකව එය 197,498 ක් වූවා. කෙටි කාලීනව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගෙවීම් පහසු කිරීමට ක්‍රම සොයා ගැනීම හදිසි කාරණයක්. මෙය බොහෝ කලාපීය රටවල් රුසියාව සමඟ ගනු දෙනු කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක්. කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වලට සිංහ ලාංඡනය සහිතව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇසුරුම් කරන ලද සිලෝන් තේ සමඟ ඔවුන්ගේ වෙළඳ නාම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය සහාය විය යුතුයි.සංචාරක කර්මාන්තය විශේෂඥතාව සහ අත්දැකීම් ඇති විදේශිකයන්ට සම්බන්ධ විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන රාජ්‍ය පාලනය යටතේ ඇති සංචාරක කර්මාන්තයට ආයෝජන දිරිමත් කළ යුතුයි. ”ආචාර්ය චන්ද්‍රවංශ පැවසීය.
ඒ මහතා Sunday Observer පුවත්පතට දුන් සාකච්ඡාව පහතින්...
“Sri Lanka may lose Russian tea and tourism market”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්