ශ්‍රී ලංකාවට රුසියානු තේ සහ රුසියානු සංචාරක වෙළඳපොළ අහිමි වීමේ දැඩි අවදානමක් තිබෙනවා- ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
තේ සහ සංචාරක ව්‍යාපාරය සඳහා පමණක් නොව, සමීප සංවර්ධන හවුල්කරුවෙකු සහ මිතුරෙකු වන රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට, සමීපව වැඩ කිරීමට සහ ශ්‍රී ලාංකික නිෂ්පාදන වෙළඳාම සඳහා ඇති විශාල රුසියානු වෙළඳපොළෙන් ප්‍රයෝජන ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රුසියානු වෙළෙඳපොළ වේගයෙන් අහිමි වෙමින් පවතින බව රුසියාවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තීය සේවක සංගමයේ හිටපු සභාපති ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ඒ මහතා Sunday Observer පුවත් පතට අදහස් දක්වමින් මෙලෙස පැවසුවේය.
“ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා උපරිම සහයෝගය ලබා දීමට උනන්දු වන රුසියාවෙන් ඈත් වීමෙන්, වෙළඳාම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය තුළින් සංවර්ධනය වේගවත් කිරීමට ඇති ස්වර්ණමය අවස්ථාවක් ශ්‍රී ලංකාව අහිමි කරමින් සිටිනවා.” චන්ද්‍රවංශ මහතා වැඩිදුරටත් පැවසුවේය.
"රුසියාව ශ්‍රී ලංකා තේ සඳහා ඇති සැලකිය යුතු අපනයන වෙළෙඳපොළකි. 2023 දී ශ්‍රී ලංකාව රුසියාවට ඩොලර් මිලියන 122 ක තේ අපනයනය කළ අතර, එය ශ්‍රී ලංකා තේ අපනයන සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වුනා. දෙරට අතර තේ වෙළඳාම ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතාවයේ ප්‍රධාන අංගයක් වුනා.2023 දී, ශ්‍රී ලංකාව රුසියාවට කළ අපනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 144.25 ක් වූ අතර රුසියාවෙන් කළ ආනයන ප්‍රමානය ඇමරිකානු ඩොලර් මිලියන 393.55 ක් වැනි අගයකට ළඟ වුනා.කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපනයන ආදායම් උපයන්නා වන තේ සඳහා වන වෙළඳපල කොටස වේගයෙන් පහත වැටීම බේරා ගැනීමට කඩිනම් පියවර නොගත හොත් මෙම වේගය ආපසු හැරවිය හැකියි." යනුවෙන් ඒ මහතා පුවත් පත වෙත අදහස් දක්වමින් පැවසුවේය.
“දැන් ගැටලුව වන්නේ ශ්‍රී ලංකාව රුසියාව සමඟ තේ සඳහා තිබූ ව්‍යාපාරය අහිමි වීමයි.මෙම සියවසේ මුල් භාගයේදී, රුසියාව ශ්‍රී ලංකාවෙන් අගය එකතු කළ තේ සඳහා විශාලතම වෙළඳපොළ වූවා. කෙසේ වෙතත්, රුසියානුවන් දේශීය නිෂ්පාදකයින්ට බදු ප්‍රතිලාභ ලබා දීමෙන් අගය එකතු කළ තේ සංවර්ධනය කිරීමට පෙළඹිම නිසා රුසියානු වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ සඳහා ඇති වෙළඳපල කොටස ක්‍රමයෙන් පහත වැටුණා. නමුත් වඩාත්ම වැදගත් දෙය නම් ශ්‍රී ලංකාව මෙම ගැටලුව පිළිබඳව නිසි අධ්‍යයනයක් කර උපාය මාර්ගයක් සකස් නොකිරීමයි. සිලෝන් ටී සන්නාමය සම්බන්ධයෙන් අපට නිසි උපාය මාර්ගයක් තිබුණේ නම් මෙය සිදු වන්නේ නැහැ.” යනුවෙන් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයට කරන ලද බොහෝ ඉදිරිපත් කිරීම් ගැටලුව ජය ගැනීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සහ වෘත්තීය සේවක සංගමය සම්බන්ධ කර ගැනීමට අකමැති මණ්ඩලයේ හිටපු නිලධාරීන් විසින් බැරෑරුම් ලෙස නොසැලකූ බවයි.
තේ මණ්ඩල නිලධාරීන්ට නිසි දැක්මක් සහ මෙහෙවරක් නොමැති බවත් ඔවුන් දේශප්‍රේමී නොවන බවත් චන්ද්‍රවංශ මහතා අවධාරණය කළේය.
"ශ්‍රී ලංකාවට තම සිලෝන් ටී සන්නාමය නැවත වරක් ස්ථානගත කිරීම සඳහා ජාතික උපාය මාර්ගයක්, දැක්මක් සහ මෙහෙවරක් අවශ්‍ය වන අතර ඒ සඳහා උසස් තත්ත්වයේ තේ අලෙවි කිරීම අනිවාර්ය කාරණයක් වේ. කම්කරුවන්ගේ සුභසාධනය අමතක කර ලාභ ඉපැයීම කෙරෙහි අවධානය යොමු කරන කර්මාන්තයකට උසස් තත්ත්වයේ තේ නිෂ්පාදනය කළ නොහැකියි." ආචාර්ය චන්ද්‍රවංශ අවධාරණය කළේය.
මැණික් හා ස්වර්ණාභරණ සහ මසුන් අපනයන සමඟ, රුසියාවට ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනය සඳහා ඕනෑ තරම් ඉඩකඩ සහ විභවයක් ඇති බවද ඔහු අවධාරණය කළේය.
"ශ්‍රී ලංකාව රුසියාවෙන් ප්‍රතිලාභ ලබා ගත යුතු අනෙක් ප්‍රධාන අංශය සංචාරක ව්‍යාපාරයයි. ශ්‍රී ලංකාව වැඩි රුසියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සහ එම අංශය සංවර්ධනය කිරීමට නම්, රුසියානු සංචාරකයින්ගේ සංස්කෘතිය, ආහාර මනාපයන් සහ සංචාරය කිරීමට ස්ථාන තෝරා ගැනීම සහ ඔවුන් කැමති විනෝදාස්වාදය දැන ගැනීමට ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් තිබිය යුතුයි." ඔහු පැවසීය.
"රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු සංචාරක ප්‍රභවයක්කි. 2023 දී, ශ්‍රී ලංකාව රුසියානු සංචාරකයින් විශාල සංඛ්‍යාවකට සේවා සැපයූ අතර, එය මුළු සංචාරක පැමිණීම් වලින් 13.6% ක අගය්ක් ගත් අතර සංඛ්‍යාත්මකව එය 197,498 ක් වූවා. කෙටි කාලීනව රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ගෙවීම් පහසු කිරීමට ක්‍රම සොයා ගැනීම හදිසි කාරණයක්. මෙය බොහෝ කලාපීය රටවල් රුසියාව සමඟ ගනු දෙනු කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක්. කුඩා හා මධ්‍ය පරිමාණ සමාගම්වලට සිංහ ලාංඡනය සහිතව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇසුරුම් කරන ලද සිලෝන් තේ සමඟ ඔවුන්ගේ වෙළඳ නාම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය සහාය විය යුතුයි.සංචාරක කර්මාන්තය විශේෂඥතාව සහ අත්දැකීම් ඇති විදේශිකයන්ට සම්බන්ධ විය හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන රාජ්‍ය පාලනය යටතේ ඇති සංචාරක කර්මාන්තයට ආයෝජන දිරිමත් කළ යුතුයි. ”ආචාර්ය චන්ද්‍රවංශ පැවසීය.
ඒ මහතා Sunday Observer පුවත්පතට දුන් සාකච්ඡාව පහතින්...
“Sri Lanka may lose Russian tea and tourism market”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි