ඩොලර් කෝටි 17ක් ඉන්ධන ප්‍රමාද ගාස්තු ලෙස ගෙවලා
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හා හදිසි මිලදී ගැනීම් යටතේ 2021-2022 වසරවල් දෙකේ දී මෙරටට ගෙනා ඉන්ධන නෞකා වෙත ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දාහත් කෝටි අට ලක්‍ෂ හැත්තෑතුන් දහස් අටසීය දහසයක (170,873,816) මුදලක් ගෙවා දැමීමට තෙල් සංස්ථාවට සිදුව ඇතැයි රජයේ විගණනයේදී තහවුරු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2021 වසරේදී කොළඹ වරායට පැමිණි ඉන්ධන නෞකාවලින් තෙල් ගොඩබෑම ප්‍රමාදවීම නිසා ඩෙමරේජ් ලෙස ඇමෙරිකානු ඩොලර් දහසය ලක්‍ෂ පනස් එක්දහස් හාරසීය හැත්තෑවක මුදලක් (1,651,470) අදාළ සමාගම් වෙත ගෙවා ඇත.
2022 වසරේදී ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් දහසය කෝටි අනූදෙලක්‍ෂ විසි දෙදහස් තුන්සිය හතළිස් හයක් (169,222,346) ගෙවා ඇතැයි රජයේ විගණකාධිපති සිදුකළ විගණනයේදී තහවුරු වී ඇති අතර එම ගාස්තු 2021 ට සාපේක්‍ෂව 2022 වසරේ ප්‍රමාද ගෙවීම් ඉහළ යෑමේ ප්‍රතිශතය සියයට නවසීය විසිහතරකි.
ප්‍රසම්පාදන හෝ හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන නෞකා මෙරටට ගෙන ඒමේදී දින හතරක් පහක් යනතුරු ඒවා ගොඩබාගත නොහැකිවීම නිසා එම දින හතර පහට ප්‍රමාද ගාස්තු ගෙවීම ගැටලුවක් නොවූවත් 2021-2022 වසරවලදී ගබඩාවල තෙල් තොග ගබඩා කර තිබියදී හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තිබියදී පවා අනවශ්‍ය ලෙස පිරිපහදු හා බොරතෙල් ඇනවුම් කිරීම නිසා මේසා විශාල මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස සමාගම් වෙත ගෙවීමට සිදුව තිබේ.
ඒ අනුව කොළඹ වරායට සේන්දු වූ ඇතැම් ඉන්ධන නෞකා දින 55, 61 ආදී ලෙස නිකරුණේ නැංගුරම් ලා තිබීම නිසා මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවා ඇත.
නෞකාවලට ප්‍රමාද ගාස්තු ලෙස මේසා විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙවා දැමීමට අමතරව ප්‍රීමියම් (රක්‍ෂණ හා වරාය ගාස්තු) ලෙස තවත් විශාල මුදලක් ගෙවා ඇත.
මේ අතර ඉකුත්දා පැවති කෝප් (පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) කමිටුවේදී හෙළි වූයේ බොර තෙල් මෙරටට සැපයීමට ගිවිසුම් ගතවූ සමාගම් බොරතෙල් ලබානොදීම නිසා අයකරගත යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක මුදලක් අයකරගෙන නැති බවයි.
මේ සියලු ගෙවීම් අවසානයේදී ඉන්ධන මිලට එක්කාසු කොට පාරිභෝගිකයා වෙත පැටවීමට සංස්ථාවට සිදුවූ බව එහි උසස් නිලධාරියෙක් කියා සිටියේය.
රජයේ විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාව ඉදිරි සති කිහිපය තුළ කෝප් කමිටුව වෙත ලබාදීමට නියමිතය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි