News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් අගමැති කාලයේදී අපේ රණවිරුවන් යුද අපරාධකාරයින් ලෙස පිළිගැනීම සමග සළකන විට ෂම්මි සිල්ව කරල තියෙන්නෙ බොහොම සුළු වරදක් - ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම්

Nov 12, 2023 at 02:36 PM
|

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෙවත් අයිසීසීය මගින් ක්‍රීඩා ඇමතිවරයා පවසන ආකාරයට අත්තනෝමතික ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳව ලංකා ලීඩර් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ඉහත ප්‍රකාශය කරන්නට යෙදුනි.

ඒ් මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

"මේ වෙනවිට අප රටට හතුරු සියළුම බලවේග උච්ච අවස්ථාවට පත්ව ඇති බව පෙනෙන්නට ඇත. මෑතම සිදුවීම වන්නේ ක්‍රික්ඉන්ෆෝ කියන ආකාරයට ෂම්මි සිල්ව ICC යට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තහනම් කිරීමට ඉල්ලා සිටීම සහ ඒ අනුව අයිසීසිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඒකමතිකව තහනම් කිරීමයි.

පාර්ලිමේන්තුව විසින් පක්ෂ විපක්ෂ සියල්ලේ එකඟතාවය ඇතිව දූෂණයකට විරුද්ධව ගන්නාලද ක්‍රියාමාර්ගයකදී, රජයට නීතිපති සහාය නොලැබීමෙන්, ඊට විරුද්ධව ස්වාභාවික යුක්තිය පසිඳලීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව අධිකරණයේ 301 කාමරය ඒකමතිකව ක්‍රියාකර ඇතැයි ක්‍රීඩා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පවසන ලදී. එසේනම් එම අනීතිකවූද, ප්‍රාථමික ගෝත්‍රික වරිග සභාවකවත් නොකරන්නාවූ ආකාරයටම, එම වරදම ඒකමතිකව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද සිදුකර ඇති බව පෙනෙන්නට ඇත.

ක්‍රික්ඉන්ෆෝ සඳහන් කරන ආකාරයට ෂම්මි සිල්ව එවන් ඉල්ලීමක් කර ඇත්නම් අනිවාර්යයෙන්ම එය දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැළකිය යුතුයි. තම රටට එරෙහිව එවන් ඉල්ලීමක් කිරීමට ඉතාමත්ම පහත් නීචකුලයක පුද්ගලයෙක්වත් පෙළඹෙනු ඇතැයි සිතීමට නොහැකියි. එය දැන් සිදුව ඇති බැවින් අපට එය විශ්වාස කිරීමට සිදුව ඇත. එම නීචයින් ඉන් ඔබ්බට ගොස් ඒ පැනවූ තහනම සමරමින් කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක ජයපැන් බිව්ව බව විපක්ෂ නායකවරයා ප්‍රකාෂ කර ඇත.

ඒ අතර ජනාධිපති කාර්‍ය ප්‍රධානී සාගල රත්නායක මහතා අයිසීසිය පැනවූ තහනමට හේතුවූ පාර්ලිමේන්තු ක්‍රියාව කිසිදු පදනමක් නැති චෝදනා මත පදනම්ව සිදුකල ක්‍රියාවක් බව පවසා ඇත. එම ප්‍රකාෂයෙන් කාරණා දෙකක් පැහැදිලිවේ. එක්කො ජනාධිපති කාර්‍ය ප්‍රධානීට දැනුමක් නෑ කෝප් කමිටු සහ විගණකාධිපති වාර්තා පිළිබඳව. එසේ නොමැතිනම් ජනාධිපති කාර්‍ය ප්‍රධානීට අවශ්‍යයි එම වාර්තා නොසලකා හරිමින් කටයුතු කිරීමට. එසේනම් එයින් පැහැදිලි වෙන්නෙ වක්‍රාකාරයෙන් ජනාධිපති කාර්‍ය ප්‍රධානීද ක්‍රිකට් තහනමේ ආශිර්වාද අනුග්‍රහයෙකු බවයි. ජනාධිපති කාර්‍ය ප්‍රධානීගේ අවබෝධය ක්‍රිකට් කොමිටිය නිර්දෝශයි යන්නනම් ජනාධිපතිවරයා ඇමතිවරයා විසින් පත්කරන ලද අතුරු කමිටුව ඉල්ලා අස්කරගන්නා ලෙස පැවසීම පුදුමවිය යුතු කාරණයක් නොවනු ඇත.

කෙටියෙන් සඳහන් කරන්නේනම් පෙනෙන ආකාරයට විගණකාධිපති වාර්තා මගින් දූශිත ගනුදෙනු යැයි හඳුන්වන ලද ගනුදෙනු සිදුකරන ලද ආයතනයකට එරෙහිව ගන්නාලද ක්‍රියා මාර්ගයක් පිළිබඳව උරණවුන එම දූශිතයැයි සඳහන් ආයතනයේ ප්‍රධානීන් විසින් තමුන්ට එරෙහිව සිදුකලාවූ ක්‍රියාවට පලිගැනිමක් ලෙසට තමුන්ගේ වගකීම තිබෙන්නේ යැයි වටහාගෙන ඇත්තාවු හාම්පුතා මගින් මුළු රටටම බලපවත්වන ආකාරයේ ඳඬුවමක් ලබාදී ඇත.

මේ තත්ත්වය 2015දී රාජපක්ෂවරුන්ගෙන් පලිගැනීමට අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සැලකීමට වත්මන් ජනාධිපති එවක අගමැතිව සිටි කාලයේදි ක්‍රියාකිරීම සමග ගැළපෙන බව පෙනෙන්නට ඇත. එලෙස ජිනීවාහි මානව හිමිකම් සමුළුවේදී අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් විලස වත්මන් ජනාධිපති ඇතුලු යහපාලන රජය 2015දී පිලිගැනීම සමග සළකා බලනවිට ෂම්මි සිල්වගෙ මෙම නිහීන තුච්ඡ ක්‍රියාව ඉතා සුළු දෙයක් ලෙස සැළකිය හැකියි.

වත්මන් පත්කරනලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි 2015 වසරේදී ඇමරිකාව ප්‍රමුඛ රටවල් අටක් විසින් අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස සළකා ගෙන එන ලද යෝජනාවලියට කිසිදු විරෝධයක් නොමැතිව එම යෝජනා අගයකරමින් සම අනුග්‍රහයදී පිළිගැනීම සිදුකරනලදී. ඒ පිළිගැනීම හේතුකරගෙන මානව හිමිකම් කඩනොකරනු යන ආයුධය අවභාවිතා කරමින් ත්‍රිවිධ හමුදාව අකර්මණ්‍ය කරමින් හැටනම ලක්ෂයක ජනතාවක් ඡන්දය දෙමින් පත්කල ජනාධිපට්තිවරයෙක්ව බලයෙන් පහකළ බවට මෑතකදී එලි දැක්වුන ග්‍රන්ථ දෙකකම සටහන්ව තිබුන. මෙහි අරමුණ බෙදුම්වාදී න්‍යාය පත්‍රය හා සර්දාර් පණික්කාර් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමක් බව අරගල සමයේ නොපෙනුණත් අරගලයේ සියළුම ආයතන ක්‍රියාත්මක කල ප්‍රභල පක්ෂයක් පසුව ප්‍රකාෂකර තිබුනෙ ඔවුන් විප්ලවය කියා ප්‍රතිවිප්ලවයකට සහයෝගය දී ඇති බවයි.

මෙහිදී මතුවෙන තවත් ප්‍රභල කාරණයක් වන්නේ තම රටේ පාර්ලිමේන්තුවට වග නොකියන ස්වාධීන ආයතනයක් ලෙස සිතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම. එමගින් ඔවුන් පෙන්වා දුන්නේ තම හාම්පුතාවන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් රටට ඳඬුවම් ලබාදිය හැකි බවයි. මෙම කාරණය රටේ සියළු දේශ හිතයිශී ජනතාවගේ දැඩි අවධානයට යොමුවිය යුතු ඇස් ඇරවිය යුතු කාරණයක් ලෙස සැළකිය යුතුයි. එනම් ස්වාධීන SLC වගේම මහ බැංකුවද IMF කියන ආකාරයට ස්වාධීන කළහොත් සිදුවන්නේ කුමක්දැයි සළකා බැලිය යුතුයි. යම් හෙයකින් මහබැංකුවටද දූෂණ චෝදනා එල්ලවී පාර්ලිමේන්තුවෙන් ඊට විරෝධයක් මතුවුව හොත් ස්වාධීන මහබැංකුවද තම හාම්පුතාවන IMF මගින් රටට ඳඬුවම් දීමට කටයුතු නොකරන්නේ යැයි විශ්වාසයක් තැබිය හැකිද?"

සම්බන්ධිත පුවත් | Related News

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.
ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.