ජනතාවට හිඟයකින් තොරව සහල් දෙන්න ජනපති අනුර සහ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාවක් ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන් අතර ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ සාකච්ඡා කළේය.
සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
එමෙන්ම නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද අවධානය යොමු විය.
පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කළේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ඇතුළු නිලධාරීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය ඒකකය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..