
ව්‍යාජ දත්ත ඇතුළත් කර සිදුකළ වාහන මගඩියට චෝදනා ලැබූ RMV ලොක්කෝ ඇතුළු 6කට ඇප
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ආනයනය කර රුපියල් කෝටි ගණනාවක් වටිනා වාහන ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයට කැඳවූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු හයදෙනකු රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දොළොහක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 දා) නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වන නියෝගයක් ද පනවා හිටපු නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ ඇතුළු හයදෙනකු එලෙස ඇප මත මුදාහළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට හෝ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීමේ කොන්දේසි ද එම සැකකරුවන්ට පැනවීය.
2005 වසරේ දී මුල්වරට ලියාපදිංචි කළේ යැයි කියන එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ආනයනය කර ව්‍යාජ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතැයි කියන අති සුඛෝපභෝගී වාහන 178ක් අතරින් එක් වාහනයක් සැබැවින්ම ලියාපදිංචි කර ඇත්තේ 2015 වසරේදී බවත් එකී වාහනයට අංක තහඩුව නිකුත්කර ඇත්තේ 2019 වසරේදී බවත් විමර්ශන මෙහෙය වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයේ දී පවසා ඇත.
එකී වාහනයක හිමිකරුවකු යැයි කියන අටවන සැකකරුගේ නිවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුඩා ශාඛා කාර්යාලයක් බඳු වන්නේ යැයි ද, එහි තිබූ වාහන ලියාපදිංචි කිරීමට අදාළ මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් ලිපිගොනු හතක් සොයාගැනීමට හැකිවී ඇතැයි ද ඇය එහිදී පවසා තිබේ.
එලෙස නිසි ලෙස රේගුව මගින් නිෂ්කාශනය නොකිරීම නිසා අවම වශයෙන් රුපියල් කෝටි 178කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි ද අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය පෙන්වා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
