ව්‍යාජ දත්ත ඇතුළත් කර සිදුකළ වාහන මගඩියට චෝදනා ලැබූ RMV ලොක්කෝ ඇතුළු 6කට ඇප
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ආනයනය කර රුපියල් කෝටි ගණනාවක් වටිනා වාහන ව්‍යාජ දත්ත ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලියාපදිංචි කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයට කැඳවූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළු හයදෙනකු රුපියල් මිලියන දහය බැගින් වූ ශරීර ඇප බැඳුම්කර දොළොහක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29 දා) නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වන නියෝගයක් ද පනවා හිටපු නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ ඇතුළු හයදෙනකු එලෙස ඇප මත මුදාහළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට හෝ සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකිරීමේ කොන්දේසි ද එම සැකකරුවන්ට පැනවීය.
2005 වසරේ දී මුල්වරට ලියාපදිංචි කළේ යැයි කියන එලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ආනයනය කර ව්‍යාජ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතැයි කියන අති සුඛෝපභෝගී වාහන 178ක් අතරින් එක් වාහනයක් සැබැවින්ම ලියාපදිංචි කර ඇත්තේ 2015 වසරේදී බවත් එකී වාහනයට අංක තහඩුව නිකුත්කර ඇත්තේ 2019 වසරේදී බවත් විමර්ශන මෙහෙය වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (නීති) අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයේ දී පවසා ඇත.
එකී වාහනයක හිමිකරුවකු යැයි කියන අටවන සැකකරුගේ නිවස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කුඩා ශාඛා කාර්යාලයක් බඳු වන්නේ යැයි ද, එහි තිබූ වාහන ලියාපදිංචි කිරීමට අදාළ මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් ලිපිගොනු හතක් සොයාගැනීමට හැකිවී ඇතැයි ද ඇය එහිදී පවසා තිබේ.
එලෙස නිසි ලෙස රේගුව මගින් නිෂ්කාශනය නොකිරීම නිසා අවම වශයෙන් රුපියල් කෝටි 178කට අධික මුදලක් රජයට අහිමි වී ඇතැයි ද අනුෂා සම්මන්දප්පෙරුම මහත්මිය පෙන්වා දී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..