
ඈවර කරන්න ගිය ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය විෂය පථයට එකතුකරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු පත්කරන ලද පළමු කැබිනට් මණ්ඩලයේ විෂය පථය යටතේ ඈවර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම නව කැබිනට් මණ්ඩලය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට එකතු කර ඇති අතර, එම සමාගම හරහා පෝෂණ ගුණයෙන් යුතු ආහාර සැපයීමට කටයුතු යොදා තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා නිකුත් කරන ලද අංක 2403/53 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ පළමු කැබිනට් මණ්ඩලය යටතේ මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සංචාරක ආමාත්‍යාංශයේ විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම අයත් වූ අතර, ඒ අනුව මෙම සමාගම ඈවර කිරීමට හෝ වෙනත් ආයතන සමග ඒකාබද්ධ කිරීමට නියමිත ආයතන ලැයිස්තුවට ඇතුළත් කෙරුණි.
කෙසේ නමුත්, ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ සූදානම සම්බන්ධයෙන් රජයට පසුගිය කාලයේදී විවිධ චොදනා එල්ල කෙරිණි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පත්කරන ලද නව කැබිනට් මණ්ඩලයේ විෂය පථයන් නොවැම්බර් මස 25 වැනිදා අංක 2412/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කෙරුණු අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විෂය පථයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම එකතු කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
