
විදුලි ගාස්තු අඩු කිරීම මගහරින්න අලුත් පොටක් පාදගන්න හදනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික
මෙතෙක් කර ඇති විදුලි ව්‍යාපෘති වෙනුවෙන් බිලියන තුන්සියයක් ගෙවීමට ඇති බවට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් මහා භාණ්ඩාගාරයට සහ අයිඑම්එෆ් නියෝජිතයන් වෙත ලිපියක් යවා ඇති බවත් මෙසේ ඔවුන් කරන්නේ විදුලි ගාස්තු අඩුකිරීම මගහැරීමට බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (28දා) සඳහන් කළේය.
කොළඹදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මොහු මේ බව කීවේය.
"විදුලිබල මණ්ඩලය පසුගිය අවුරුදු දෙකේදී බිලියන 200කට අධික ලාභයක් ලබලා තියෙනවා. ඒ අනුව මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී හරිනම් සීයට තිහක තිස්පහක විදුලි ගාස්තු අඩු කිරීමක් කරන්න පුළුවන්. එහෙම තියෙද්දි දැන් විදුලිබල මණ්ඩලයේ බලධාරීන් පසුගිය ව්‍යාපෘතිවලට බිලියන 300ක ණය ගෙවන්න තියෙනවා කියලා අයි.එම්.එෆ් එකට සහ මහා භාණ්ඩාගාරයට ලිපියක් යවලා. ඇත්තටම කියනව නම් මේ ව්‍යාපෘති අසම්පූර්ණ ව්‍යාපෘති. ඒවායේ බර විදුලි පාරිභෝගිකයන් පිට දමා ගාස්තු අඩු කිරීම නතර කරන්නයි මේ සූදානම් වන්නේ. මෙහෙම බැලුවොත් එහෙම සීයට හැටකින් විතර විදුලි ගාස්තු වැඩි කරන්න කියලත් මේ අය යෝජනා කරන්න පුළුවන්. ඒ නිසා අසම්පූර්ණ ව්‍යාපෘතිවල බර විදුලි පාරිභෝගිකයන් පිට නොදමා වහාම විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්න කියලා අපි බලධාරීන්ට කියනවා. මේ පිළිබඳව වැඩිදුර කරුණු අපි මහජන උපයෝගීතා කොමිසමට වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
