
උසස් පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑම සඳහා ය.
ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණි.
ඒ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හරවාගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම පියවර ගෙන ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සියලු අංශ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණි.
විභාග කාලසීමාව තුළ ඊට පෙනී සිටින අපේක්ෂකයින් මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මගහැරගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටද මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් කටයුතු කරන බව සඳහන් ය.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කර තිබේ.
යම් ආපදාවක් හේතුවෙන් සිසු දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් මතු වුවහොත් අදාළ මධ්‍යස්ථානය කරා ළඟාවීම සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංක කිහිපයක්ද හඳුන්වාදී තිබේ.
ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020 / 0113 668 100 හෝ 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117 යන අංක වෙත දැන්විය හැකිය.
එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1911 යන දුරකථන අංකයට ද ඒ බව දැන්වීම තුළින් කඩිනමින් එම තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.
මේ අතර 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් 20 වනදා දැනුම්දුනි.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
