
මධ්‍යම අධිවේගී මාර්ගයේ නිධානයක් – නිල වශයෙන් හාරන්න අවසර දෙයි (වීඩියෝ)
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ඊයේ විශේෂ කැණීමක් ආරම්භ කළේය.
මෙම කැණීම සිදුකෙරන්නේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.
වසර ගණනාවක සිට මෙම ස්ථානයේ නිධානයක් ඇති බව පවසමින් අවස්ථා කිහිපයකදී විවිධ පිරිස් හාරා ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
වඟුරු සහිත බිමක පිහිටි මේ ස්ථානයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබුණේ නිධානයක් බවට සැකකරන කිසිවක් නොමැති බවයි.
එහෙත් පසුව කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බව තහවුරු වූයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ පරීක්ෂණයකදී ය.
පසුව මේ පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
අනතුරුව අධිකරණය නියෝග කළේ, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන වල නිලධාරීන්ගේඅධික්ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවයි.
රජයේ රස පරීක්ෂකවරයාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
කැණීමේදී පාෂාණ ස්ථරයක් හමුවුහොත්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට එම ස්ථානය පුපුරවා කැණීම් පවත්වාගෙන යෑමටද අධිකරණයෙන් අවසර හිමිව ඇතැයි පොලිසිය පැවසුවේ ය.
කැණීම ඊයේ දිනයේදී අවසන් කර ගැනීමට නොහැකි වූවොත් අවසානය දක්වා කැණීම සිදුකිරීමට ද අධිකරණයෙන් අවසර හිමිව තිබුණි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
