මධ්‍යම අධිවේගී මාර්ගයේ නිධානයක් – නිල වශයෙන් හාරන්න අවසර දෙයි (වීඩියෝ)
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ ඊයේ විශේෂ කැණීමක් ආරම්භ කළේය.
මෙම කැණීම සිදුකෙරන්නේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.
වසර ගණනාවක සිට මෙම ස්ථානයේ නිධානයක් ඇති බව පවසමින් අවස්ථා කිහිපයකදී විවිධ පිරිස් හාරා ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
වඟුරු සහිත බිමක පිහිටි මේ ස්ථානයේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබුණේ නිධානයක් බවට සැකකරන කිසිවක් නොමැති බවයි.
එහෙත් පසුව කිසියම් දෙයක් පොළොව අභ්‍යන්තරයේ ඇති බව තහවුරු වූයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ පරීක්ෂණයකදී ය.
පසුව මේ පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
අනතුරුව අධිකරණය නියෝග කළේ, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන වල නිලධාරීන්ගේඅධික්ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවයි.
රජයේ රස පරීක්ෂකවරයාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
කැණීමේදී පාෂාණ ස්ථරයක් හමුවුහොත්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට එම ස්ථානය පුපුරවා කැණීම් පවත්වාගෙන යෑමටද අධිකරණයෙන් අවසර හිමිව ඇතැයි පොලිසිය පැවසුවේ ය.
කැණීම ඊයේ දිනයේදී අවසන් කර ගැනීමට නොහැකි වූවොත් අවසානය දක්වා කැණීම සිදුකිරීමට ද අධිකරණයෙන් අවසර හිමිව තිබුණි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්රස්ථානයක් බවට..