
ආණ්ඩුව පරණ IMF ගිවිසුමම ක්‍රියාත්මක කිරීම ජන වරමට පිටුපෑමක් - සජිත් කියයි
හිටපු රජයේ ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුම ම වත්මන් රජය ක්‍රියාත්මක කිරීම ලැබූ නව ජනවරමට පිටුපෑමක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (21දා) පැවසීය. ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වත්මන් රජය එදා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණා සහ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු කාරණා අතර පරස්පරයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ දී, ද්විපාර්ශ්වීය ණය, ස්වෛරී බැඳුම්කර ණය ආදී ක්ෂේත්‍ර ගැන ඉදිරිපත් වූ කරුණු කාරණා ගැන යම් ආකාරයක තිගැස්මකට පත් වූ බවත් ඔහු කීය.
වේදිකාවේ අසන්න ලැබුණේ පවතින අයි. එම්. එෆ්. ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යෑම වුවත් මේ වන විට රජය ඉන් බැහැර වී ඇති බවත් එය බරපතල කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ ජනතාව ඓතිහාසික වාර්තාගත ජනවරමක් ලබා දීමත් සමග අයි එම් එෆ් ගිවිසුමේ ඇති පීඩාකාරී, අසහනකාරී දේවල්වලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අනුගමනය කළ ක්‍රියාදාමය වත්මන් රජය අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇති බවත් එබැවින් ජනතාව තුනෙන් දෙකක වරමක් ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නට නොවන බවත් ඔහු කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
