විපක්ෂනායක පුටුවේ වාඩිවුනේ මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් නොවෙයි - වැරදි පුවතක් ගැන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් නිවේදනයක්
පාර්ලිමේන්තුවේ ඇතිවූ සිදුවීමක් සම්බන්ධයෙන් අසත්‍ය පුවතක් පලකල හිරු ආයතනය පිළිබදව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සදන් වන්නේ අද දින (21) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ පුටුවෙහි හිදගත් මාලිමාවේ මන්ත්‍රීතුමා ලෙස එම ආයතනය ව්‍යාජ පුවතක් පලකර ඇති බවයි.
යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන කණ්ඩායම් අංක 17 යටතේ තරඟ වැදි පාර්ලිමේන්තුවට තේරී පත්වූ රාමනාදන් අර්චුනා මහතා මෙලෙස විපක්ෂ නායකවරයාගේ අසුනේ හිදගෙන සිටිය බවත් ඊට ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් කිසිවෙක් සම්බන්ධ නැති බවත් නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය සදහන් කරයි.
එම නිසා මාලිමාව සම්බන්ධ කර ගෙන හිරු ආයතනය ප්‍රචාරය කළ මෙම ප්‍රවෘත්තිය අසත්‍ය හා පදනම් විරහිත බව සියලු මාධ්‍ය ආයතන වෙත දන්වන ලෙසට ආණ්ඩු පක්ෂ ප්‍රධාන ලේකම් ජේ.එම්.ජේ.කේ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුත් ලිපියක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එබදු සාවද්‍ය වාර්තාකරණයන් නිවැරදි කරන ලෙසත් වගකිව යුතු හා නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් වෙනුවෙන් එක්වන ලෙසත් සියලු මාධ්‍ය ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..