
ඩිජිටල් තිර නිසා දරුවන්ට මන්දපෝෂණය, අධිපෝෂණය හැදෙනවා
කුඩා දරුවන් විද්‍යුත් ඩිජිටල් තිර භාවිතයට ඇබ්බැහිවීම නිසා අක්ෂි ආබාධ, මන්දපෝෂණය, අධිපෝෂණය යනාදි රෝග රැසකට ගොදුරුව ඇතැයි සමීක්ෂණ වාර්තාවලින් හෙළිව තිබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳ මනෝ විද්‍යාඥ ස්වර්ණා විජේතුංග පැවසුවාය.
කුඩා දරුවන්ට කෑම කැවීම සඳහා ජංගම දුරකතන තිර ඇතුළු ඩිජිටල් තිර භාවිතයට ලබාදීම නිසා දරුවන් අධි පෝෂණයට මෙන්ම මන්දපෝෂණයට ගොදුරු වන බවත් මවුපිය වැඩිහිටියන්ගේ පහසුව උදෙසා ඩිජිටල් තිර භාවිතයට දරුවන් යොමුකිරීම නිසා දරුවන්ගේ ජීවිත නාස්ති වන බවත් ඇය ප්‍රකාශ කළාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇය මේ බව ඊයේ (20) පැවසුවාය.
ඉස්සර කාලයේ ඖෂධ වට්ටෝරු නිකුත් කරනුයේ බෙහෙත් ලබාදීමට යැයි ද, වර්තමානය වන විට ඖෂධ වට්ටෝරු නිකුත් කිරීමට සිදුව ඇත්තේ මවුපිය වැඩිහිටියන්ට දරුවන් සමඟ සෙල්ලම් කරමින් ඔවුන් සමඟ කාලය ගතකරන්න යැයි ද ඇය ප්‍රකාශ කළාය.
ඩිජිටල් තිර භාවිතය නිසා සමස්ත දරුවන්ගෙන් සියයට 30ක් අවිදුර දෘෂ්ටිකත්වයෙන් පෙළෙන බවත් එම සංඛ්‍යාව සියයට 50ක් දක්වා 2050 වසර වන විට වර්ධනය වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කර ඇති බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නේකුඹුර පැවසුවාය.
දරුවන්ට තිබෙන අක්ෂි වපර ගතිය සම්බන්ධයෙන් ද මවුපිය වැඩිහිටියන් අවධානය යොමුකර අදාළ ප්‍රතිකාර සඳහා දරුවන් යොමු කළයුතු බවත් නොඑසේ නම් දරුවා දිගුකාලීනව අක්ෂි ආබාධවලට ලක්වීමට ඉඩ ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
දරුවකු ඉපදී මාස 18ක් වන තෙක් කිසිදු ඩිජිටල් තිරයක් නැරඹීමට ලබානොදිය යුතු බවත් වයස මාස 18 සිට අවුරුදු 2 දක්වා මවුපියන්ගේ අධීක්ෂණය යටතේ දිනකට පැයක පමණ කාලයක් ඩිජිටල් තිර භාවිතයට ලබාදීම යෝග්‍ය බවට අමෙරිකානු සමීක්ෂණයකින් හෙළිකර ඇති බවත් ඇය පැවසුවාය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
