උතුරේ හමුදා කඳවුරු ඉවත්කර ඉඩම් මුදාහැරීම ගැන නාමල්ගෙන් විරෝධයක්
උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විරෝධය පළකර ඇත.
X පණිවිඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ.
“වාර්තාවලට අනුව, උතුරේ තිබූ යුධ හමුදා කඳවුරක් ඉවත් කර, එම ඉඩම් පුද්ගලයන්ට බෙදාදීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබේ. ඒ අයුරින්ම තවත් යුධ හමුදා කඳවුරු විශාල ප්‍රමාණයක් ඉදිරි මාසවලදී ඉවත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇත. හමුදා කඳවුරු ඉවත්කර ඉඩම් මුදාහැරීම ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර සමාලෝචනයකින් පසුව වගකීම් සහගතව සිදුකළ යුත්තකි. ජාතික ආරක්ෂාවට කිසියම් හෝ හානියක් මෙමඟින් සිදුනොවිය යුතු බවට අප තරයේ විශ්වාස කරමු. ශ්‍රී ලංකාව අවුරුදු 30ක ත්‍රස්තවාදය පරාජය කළ අතර, අද සියලුම ජනතාවට නිදහසේ ජීවත් විය හැකිය. උතුරේ හෝ දකුණේ වුවද, ජාතික ආරක්ෂාව තහවුරු කර පවත්වාගැනීම අතිශය වැදගත් බවට ආණ්ඩුව සහ ආණ්ඩුවේ නායකයන් අමතක නොකළ යුතුය.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..