
මේක තමයි දැන් නීතිය... බොහොම සතුටුයි.... පරණ ක්‍රමේම අලුත් ආණ්ඩුවෙනුත් බලාපොරොත්තු වෙන්න වෙනවා - හරින් කියයි
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට එරෙහිව පියවර නොගත්තේ මන්දැයි හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රශ්න කරයි.
බදුල්ල පොලිසියට අද ප්‍රකාශයක් ලබාදීමට පැමිණීමේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මෙම ප්‍රශ්නය මතුකළේය.
මහමැතිවරණයට දින කිහිපයකට පෙර බදුල්ල නගරයේ දී, අංක 10 දරන අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ජර්සියට සමාන ටී ෂර්ට් ඇඳීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අද ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් රතු පැහැති ටී ෂර්ට් ඇඳ සිටින ඡායාරූප පෙන්වමින් හරීන් ප්‍රනාන්දු කියාසිටියේ, තමන් ඇඳ සිටි ටී ෂර්ටයේ තම පක්ෂයේ ‘ගෑස් සිලින්ඩරය’ ලකුණ නොමැති බවත් තම අපේක්ෂකත්වයට අදාළ අංක 10 ද නොමැති බවත්ය.
නව ආණ්ඩුවද ද පැරණි දේශපාලන ක්‍රමවලට යොමුවෙමින් සිටින බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රීවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් නව නීතියක් අනුගමනය කරමින් සිටින බව සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා බදුල්ල පොලිසියට පැමිණෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි නමුත් දිනයක් දැනුම් නොදුන් බවත්, ඒ හේතුවෙන් තමන් අද පොලිසියට වාර්තා කළ බවත් හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් අනාවරණය කළේය.
එම ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහුගේ ‘මෙසී 10’ ව්‍යාපාරය හරහා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව මතයි.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
