බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ විදිහටම තබාගෙන දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා - ගම්මන්පිල
‘බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී ඔහු මෙසේද අදහස් දැක්වීය.
“2025 මාර්තු මාසයේ දී ආණ්ඩුව සිය මංගල අයවැය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අයිඑම්එෆ් ගිවිසුම අනුව ආණ්ඩුව ලබන වසරේ දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩි කර ගත යුතුයි.
ඒ කියන්නේ බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා.
මාලිමාව අයිඑම්එෆ් ගිවිසුම සංශෝධනය කරන්න යෝජනා කළත් මූල්‍ය අරමුදල ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒකයි කියලා අයිඑම්එෆ් ගිවිසුමෙන් ඉවත් වෙන්න ඒ අයට බෑ. අපේ ආණ්ඩු දේශපාලන වශයෙන් අවාසියි කියලා දැක්කාම මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් ගිවිසුම් වලින් ඉවත් වෙලා තිබෙනවා. නමුත් මේ පාර ඒක කරන්න බෑ. මොකද අපේ ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ණයහිමියන්ට ඇප වෙලා ඇපකරුගේ භූමිකාව ඉටු කලේ අයිඑම්එෆ්. අපි ගිවිසුමෙන් ඉවත් වුණොත් අයිඑම්එෆ් ඇපකාරත්වයෙන් ඉවත් වෙලා නැවත ලංකාව බංකොලොත් රටක් වෙනවා. ඒ කියන්නේ ආර්ථික අර්බූදයක් ඇති වෙනවා.
ඒ වගේම පොරොන්දු වුණු බදු සහන ලබා නොදුන්නොත් ආණ්ඩුව විසින් ජනතාව රැවටුවා කියලා ජනතාවගේ වෛරයට ලක් වෙලා දේශපාලන අර්බූදයක් ඇති වෙනවා. තමන් ඇති කර ගන්නේ ආර්ථික අර්බූදයක් ද නැතිනම් දේශපාලන අර්බූදයක් ද කියන එක තීරණය කිරීම ආණ්ඩුවට භාරයි. මේ නිසාම ආණ්ඩුව තීරණය කරලා තියෙනවා අය වැය ඉදිරිපත් කිරීම පුංචි ඡන්දයෙන් පසුව කරන්න”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..