
බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ විදිහටම තබාගෙන දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා - ගම්මන්පිල
‘බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී ඔහු මෙසේද අදහස් දැක්වීය.
“2025 මාර්තු මාසයේ දී ආණ්ඩුව සිය මංගල අයවැය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අයිඑම්එෆ් ගිවිසුම අනුව ආණ්ඩුව ලබන වසරේ දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% දක්වා වැඩි කර ගත යුතුයි.
ඒ කියන්නේ බදු අඩු කරන්න ආපු ආණ්ඩුවට තිබෙන බදු ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යන අතරේ දේපල බදු, බූදල් බදු හඳුන්වා දෙමින් බදු වැඩි කරන්න සිද්ධ වෙනවා.
මාලිමාව අයිඑම්එෆ් ගිවිසුම සංශෝධනය කරන්න යෝජනා කළත් මූල්‍ය අරමුදල ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒකයි කියලා අයිඑම්එෆ් ගිවිසුමෙන් ඉවත් වෙන්න ඒ අයට බෑ. අපේ ආණ්ඩු දේශපාලන වශයෙන් අවාසියි කියලා දැක්කාම මීට පෙර 16 වතාවක් අයිඑම්එෆ් ගිවිසුම් වලින් ඉවත් වෙලා තිබෙනවා. නමුත් මේ පාර ඒක කරන්න බෑ. මොකද අපේ ණය ප්‍රතිව්‍යුහකරණයේ දී ණයහිමියන්ට ඇප වෙලා ඇපකරුගේ භූමිකාව ඉටු කලේ අයිඑම්එෆ්. අපි ගිවිසුමෙන් ඉවත් වුණොත් අයිඑම්එෆ් ඇපකාරත්වයෙන් ඉවත් වෙලා නැවත ලංකාව බංකොලොත් රටක් වෙනවා. ඒ කියන්නේ ආර්ථික අර්බූදයක් ඇති වෙනවා.
ඒ වගේම පොරොන්දු වුණු බදු සහන ලබා නොදුන්නොත් ආණ්ඩුව විසින් ජනතාව රැවටුවා කියලා ජනතාවගේ වෛරයට ලක් වෙලා දේශපාලන අර්බූදයක් ඇති වෙනවා. තමන් ඇති කර ගන්නේ ආර්ථික අර්බූදයක් ද නැතිනම් දේශපාලන අර්බූදයක් ද කියන එක තීරණය කිරීම ආණ්ඩුවට භාරයි. මේ නිසාම ආණ්ඩුව තීරණය කරලා තියෙනවා අය වැය ඉදිරිපත් කිරීම පුංචි ඡන්දයෙන් පසුව කරන්න”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
