
රට බේරා ගන්න රනිල් සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවලු
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු ආසනයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා ද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පැමිණිමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, මෙවර මැතිවරණයෙන් ජන්ද 500,835ක් ලබා ගෙන ආසන 3ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2ක් ලබා ගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ලබා ගන්නා අයෙකු ඉල්ලා අස්වීමට නියමිත බව ද එම සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් ලබා දීමෙන් අනතුරුව එක් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පැමිණීමට නියමිත බව එහි ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් පැවසීය.
ඒ අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු ආසනය සඳහා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවුණු, ජාතික ලැයිස්තුවේ නොසිටිය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.
රට යම් කිසි අයුරකින් නැවැත අර්බුදකාරී තත්ත්වයකට පත්වුවහොත් රට බේරා ගැනීමට පාර්ලිමේන්තුව තුළ අත්දැකීම් සහිත නායකයෙකු සිටිය යුතු බැවින් මෙම තීරණය ගැනීමට නියමිත බව ද ඔහු වැඩිදුරට ත් පැවසුවේය.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
