
සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමට රවීව නම්කළාට රනිල්ගේ විරෝධය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල කිසිදු අනුමැතියකින් තොරව අන්නෝමතික ආකාරයකට බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පෙරමුණේ නියෝජිතයන්ට දැනුම් දී ඇති බව ‘ලංකාදීපය’ වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ හෙට (19) පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව සිටි බව කියා ඇති හිටපු ජනාධිපතිවරයා එම තීරණය ගැනීමට පෙර පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර තිබෙන බව සඳහන් කර තිබේ.
රවී කරුණානායක එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වන අතර, සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සියලු පක්ෂවල නියෝජිතයන් රැස්වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට නියමිතව තිබියදී මෙලෙස අත්තනෝමතිකව කටයුතු කිරීම අනුමත කළ නොහැකි යැයි ද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
