
උගන්ඩාවේ සල්ලි හංගපු කතාව; අවබෝධයෙන් බොරු කිව්ව අයගේ නීතිඥකම අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
මෙරටින් සොරකම් කල ධනය උගන්ඩාවේ සගවා ඇතැයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්‍ෂිකාවක් පසුගිය ජනාධිපතිවරණ වේදීකාවේදී සිදුකල සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
පැමිණිල්ලිකරු වන හර්ෂ ප්‍රියංග මහතා විසින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය.
“පහුගිය ජනාධිපතිවරණයේ දී මතුකළ ප්‍රධාන කරුණක් වූයේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් සොරකම් කර විදේශ රටවල ආයෝජනය කර තිබෙන බවයි.
නීතීඥ වරියක් වන අපේ රටේ මුදල් උගන්ඩාවේ සඟවා තිබෙන බවත් මැතිවරණයෙන් පසු ඒ මුදල් නැවත ලබා ගන්නා බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලා. පහුගිය කාලයේ අපේ රටේ ජනතාව තෙල් නැතුව, ගෑස් නැතුව අසරණ වුණේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් උගන්ඩාවට ගිහින් ආයෝජනය කරපු නිසා කියලා මතයක් ඇති වුණා.
නමුත් එවැනි දෙයක් සිදු නොවූ බවත්, නීත්‍යානුකුලව අපේ රටේ සමාගමක් විසින් එම මුදල් රැගෙන ගිය බව එතුමියම මැතිවරණයෙන් පසුව ප්‍රකාශ කලා. මේ තුලින් පක්ෂයක් ලෙස අපි විශාල ලෙස අසරණ භාවයකට පත් වුණා. රට ආරක්ෂා කළ, රටට සෞභාග්‍යය උදා කල නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින්, එතුමාගේ දේශපාලන දර්ශනය විනාශ කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි එය සලකනවා.
නීතිඥ වරුන් ඇත්ත කියන, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස ජනතාව විශ්වාස කරනවා. නමුත් මෙතුමිය නීතිඥවරියක් ලෙස ඇත්ත වෙනුවට බොරුව සමාජගත කර සමාජය තුල වෛරය වැපිරූ බව අපි විශ්වාස කරනවා.
එතුමිය මෙම වෘත්තීය අවභාවිතා කරමින් සිදුකරන ලද හානිය වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අප ඉල්ලා සිටියා. තව දුරටත් මේ රට තුල බොරුව වංචාව සමාජගත කිරීමට එරෙහිව ගරු අධිකරණය අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව අපි විශ්වාස කරනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
