උගන්ඩාවේ සල්ලි හංගපු කතාව; අවබෝධයෙන් බොරු කිව්ව අයගේ නීතිඥකම අහෝසි කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්
මෙරටින් සොරකම් කල ධනය උගන්ඩාවේ සගවා ඇතැයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්‍ෂිකාවක් පසුගිය ජනාධිපතිවරණ වේදීකාවේදී සිදුකල සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.
පැමිණිල්ලිකරු වන හර්ෂ ප්‍රියංග මහතා විසින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය.
“පහුගිය ජනාධිපතිවරණයේ දී මතුකළ ප්‍රධාන කරුණක් වූයේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් සොරකම් කර විදේශ රටවල ආයෝජනය කර තිබෙන බවයි.
නීතීඥ වරියක් වන අපේ රටේ මුදල් උගන්ඩාවේ සඟවා තිබෙන බවත් මැතිවරණයෙන් පසු ඒ මුදල් නැවත ලබා ගන්නා බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලා. පහුගිය කාලයේ අපේ රටේ ජනතාව තෙල් නැතුව, ගෑස් නැතුව අසරණ වුණේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් උගන්ඩාවට ගිහින් ආයෝජනය කරපු නිසා කියලා මතයක් ඇති වුණා.
නමුත් එවැනි දෙයක් සිදු නොවූ බවත්, නීත්‍යානුකුලව අපේ රටේ සමාගමක් විසින් එම මුදල් රැගෙන ගිය බව එතුමියම මැතිවරණයෙන් පසුව ප්‍රකාශ කලා. මේ තුලින් පක්ෂයක් ලෙස අපි විශාල ලෙස අසරණ භාවයකට පත් වුණා. රට ආරක්ෂා කළ, රටට සෞභාග්‍යය උදා කල නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින්, එතුමාගේ දේශපාලන දර්ශනය විනාශ කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි එය සලකනවා.
නීතිඥ වරුන් ඇත්ත කියන, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස ජනතාව විශ්වාස කරනවා. නමුත් මෙතුමිය නීතිඥවරියක් ලෙස ඇත්ත වෙනුවට බොරුව සමාජගත කර සමාජය තුල වෛරය වැපිරූ බව අපි විශ්වාස කරනවා.
එතුමිය මෙම වෘත්තීය අවභාවිතා කරමින් සිදුකරන ලද හානිය වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අප ඉල්ලා සිටියා. තව දුරටත් මේ රට තුල බොරුව වංචාව සමාජගත කිරීමට එරෙහිව ගරු අධිකරණය අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව අපි විශ්වාස කරනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..