
රේගුවට කිව්ව කතාවලට රේගු නිලධාරින් පත්තු වෙලා... මින් ඉදිරියට කටයුතු කරන්නේ රේගු ආඥා පනතේ විධිවිධාන අනුව පමණයිලු
මින් ඉදිරියට රේගු ආඥා පනතේ විධිවිධාන අනුව පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය සිය සාමාජිකත්වයට දැනුම්දී තිබේ.
එම සන්ධානය පවසන්නේ මෙය ඇතැම් පිරිස් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස අර්ථ දැක්වීමට උත්සාහ කළ ද එය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොවන බවයි.
ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ ව්‍යාපාරිකයන් පිරිසක් පසුගියදා රේගු නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමේ පසුබිමකයි.
ඇමැති විජිත හේරත් පසුගියදා වරාය පරිශ්‍රයේ සංචාරයක නිරතවෙමින් රේගු නිෂ්කාශන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කර තිබිණි.
එම අවස්ථාවේ ව්‍යාපාරිකයන් චෝදනා කළේ බහාලුම් පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් වැඩි වෙලාවක් ගතකරන අතර ඇතැම් නිලධාරීන් අල්ලස් පවා ලබා ගන්නා බවයි.
“දිනකට වරාය හරහා බහාලුම් එක්දහස් අටසීයකට ආසන්න ප්‍රමාණයක් නිෂ්කාශනය කරනවා. ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය පරිගණක පද්ධතියක දත්ත පද්ධතියක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නෙ. වඩාත් විනිවිදභාවයෙන් නීතියට අනුව ක්‍රියාත්මක වන පිරිස අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා දිනකට ලැබෙන කන්ටේනර්වලින් දාහක් පමණ පරීක්ෂා කිරීම්වලින් තොරව නිෂ්කාශනය කරන්න පුළුවන් වෙලා තිබෙනවා ස්කෑන් කිරීම වගේ සරල පරීක්ෂාවකින් පසු. එහෙම නීතියට අනුව කටයුතු කරන අයගෙන් අපිට කිසිම චෝදනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ . අපි හදුනාගෙන තිබෙනවා තවත් පිරිසක් රේගු වැරදිවල නිරත වන. දිනකට එවැනි කන්ටේනර් පන්සියයක් පමණ අපි පරීක්ෂාවට ලක් කරනවා. රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කළ යුතු බවට එසේ පරීක්ෂා කරන කන්ටේනර් රථ අතරින් සියයට හැටක පමණ බරපතළ රේගු වැරදි තිබෙන බවට හඳුනාගෙන තිබෙනවා. මේ පරීක්ෂා කිරීම් නිසා හිත් රිදුණු පිරිසක් සිටිනවා. නිලධාරීන්ට අභූත චෝදනා නගන්නේ එවැනි පිරිස්. විධිමත්ව කන්ටේනරයක් පරීක්ෂා කිරීමට යම් කාලයක් ගතවෙනවා.එම ක්‍රියාවලිය බිඳවැට්ට වීමටයි මේ ක්‍රියා කරන්නේ” යනුවෙන් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
