News Category
From Date
To Date
Maximum Number of Result

මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරනවා ද?... ඡන්දෙට කලින් කියන්න - ජනපතිට විවෘත සංදේශයක්

Nov 12, 2024 at 01:17 PM
|

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සම්බන්ධව මහ මැතිවරණයට පෙර සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට විවෘත සංදේශයක් යොමු කර තිබේ.

මුස්ලිම් සිවිල් සංවිධාන 18ක් සහ සිවිල් පුරවැසියන් 135ක් එක්ව මෙම සංදේශය ඉදිරිපත් කර ඇත.

එම සංදේශයේ සඳහන් කර ඇත්තේ, මුස්ලිම් විවාහ දික්කසාද නීතියේ බලපෑමට ලක්ව සිටින මුස්ලිම් කාන්තාවන්ගේ ඡන්දය ලබා ගැනීමට නම් මැතිවරණයට පෙර මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ යුතු බව ය.

‘කාති ක්‍රමය’ අන්තර්ගත මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව එම සංදේශයේ සඳහන් කර තිබේ.

එම සංදේශයේ සඳහන් කර ඇත්තේ, ‘කාති ක්‍රමය’ බදු ගෙවන්නන්ගේ මුදලින් නඩත්තු වන්නක් වන බැවින් මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ වගකීමක් බව ය.

කාන්තාවන් හා ගැහැණු දරුවන්ට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් එම ක්‍රමය නම් දරා ඇති බව එහි තවදුරට ත් සඳහන් කර ඇත.

එම සංදේශයේ සඳහන් කර ඇත්තේ, කාන්තාවන් හා දරුවන්ට වෙනස් කොට සලකන හා ඔවුන්ට අතිරේක පීඩනයන් එල්ල කරන නීති සංශෝධනය කරන බවට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ජාතික ජන බලවේග රජය පොරොන්දු වූ බව ය.

එසේ නොවන්නේ නම්, මෙම රජය ද මුස්ලිම් කාන්තාවන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීමට ඉදිරිපත් නොවන රජයක් ලෙස දැකීම හැර වෙනත් විකල්පයක් නොමැති බව එම සංදේශයේ අවධාරණය කර ඇත.

එම සංදේශයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරමින් කාන්තාවන්ට සහ දරුවන්ට, ආන්තික වුවන්ට වෙනස් කොට සලකන සියලු නීති සංශෝධනය කිරීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය මත ජනාධිපතිවරයාට ඡන්දය භාවිත කළ බව ය.

වසර හතළිහක් පුරා ම කාන්තාවන් හා දරුවන්ගේ අයිතිවාසිකම් ප්‍රමුඛව සලකමින් මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනය කිරීමට මැදිහත්වීමට සියලු දේශපාලන පක්ෂ අසමත් වී ඇති බව එම සංදේශයේ අවධාරණය කර තිබේ.

ජාතික ජන බලවේගය ද අනික් පක්ෂ ගිය මාර්ගය ම තෝරාගන්නේ නම් හුදෙක් මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගැනීම කෙරෙහි මිස සැබෑ වෙනසක් ඇති කිරීමේ උවමනාවක් නොමැති පක්ෂයක් ලෙස ජනතාවට අනාවරණය වනු ඇති බව එම සංදේශයේ සඳහන් කර ඇත.

- රවිශාන් ප්‍රනාන්දු

සම්බන්ධිත පුවත් | Related News

හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයකු වන මලින්ද වර්ණපුර දේවගැතිවරයෙකු බවට පත්ව ඇත.
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙරට සංචාරයේ යෙදුනු අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබූ ආරක්ෂක ගිවිසුමේ ඇතැම් කරුණු හෙළිදරව් කිරීමට ද්විපාර්ශවිය එකඟතාවක් අවශ්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
104 දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (104 Tamil Genocide Education Week Act-TGEWA ) නමින් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විමසීමක් නොකරන බවත් පනත් කෙටුම්පත කැනඩාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ අංක 93 යටතේ පළාත් අධිකරණ බල ප්‍රදේශයට අයත් නොවන බව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය 2025 මාර්තු 27 වන දින තීන්දු කරනු ලැබීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවසීය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් ඇගයීම සඳහා ඉකුත් අප්‍රේල් 17 සහ 18 යන දිනයන්හීදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය සඳහා ආරක්ෂාව ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය කළ දැනුම් දීමක් අනුව බව වාර්තා වේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (21) පැවසීය.

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.