මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරනවා ද?... ඡන්දෙට කලින් කියන්න - ජනපතිට විවෘත සංදේශයක්
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය සම්බන්ධව මහ මැතිවරණයට පෙර සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කළ යුතු බව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරියට විවෘත සංදේශයක් යොමු කර තිබේ.
මුස්ලිම් සිවිල් සංවිධාන 18ක් සහ සිවිල් පුරවැසියන් 135ක් එක්ව මෙම සංදේශය ඉදිරිපත් කර ඇත.
එම සංදේශයේ සඳහන් කර ඇත්තේ, මුස්ලිම් විවාහ දික්කසාද නීතියේ බලපෑමට ලක්ව සිටින මුස්ලිම් කාන්තාවන්ගේ ඡන්දය ලබා ගැනීමට නම් මැතිවරණයට පෙර මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය ජාතික ජන බලවේගය ප්‍රකාශ කළ යුතු බව ය.
‘කාති ක්‍රමය’ අන්තර්ගත මුස්ලිම් විවාහ හා දික්කසාද පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව එම සංදේශයේ සඳහන් කර තිබේ.
එම සංදේශයේ සඳහන් කර ඇත්තේ, ‘කාති ක්‍රමය’ බදු ගෙවන්නන්ගේ මුදලින් නඩත්තු වන්නක් වන බැවින් මෙම ගැටලුව විසඳීම සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ වගකීමක් බව ය.
කාන්තාවන් හා ගැහැණු දරුවන්ට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් එම ක්‍රමය නම් දරා ඇති බව එහි තවදුරට ත් සඳහන් කර ඇත.
එම සංදේශයේ සඳහන් කර ඇත්තේ, කාන්තාවන් හා දරුවන්ට වෙනස් කොට සලකන හා ඔවුන්ට අතිරේක පීඩනයන් එල්ල කරන නීති සංශෝධනය කරන බවට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ජාතික ජන බලවේග රජය පොරොන්දු වූ බව ය.
එසේ නොවන්නේ නම්, මෙම රජය ද මුස්ලිම් කාන්තාවන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීමට ඉදිරිපත් නොවන රජයක් ලෙස දැකීම හැර වෙනත් විකල්පයක් නොමැති බව එම සංදේශයේ අවධාරණය කර ඇත.
එම සංදේශයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරමින් කාන්තාවන්ට සහ දරුවන්ට, ආන්තික වුවන්ට වෙනස් කොට සලකන සියලු නීති සංශෝධනය කිරීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය මත ජනාධිපතිවරයාට ඡන්දය භාවිත කළ බව ය.
වසර හතළිහක් පුරා ම කාන්තාවන් හා දරුවන්ගේ අයිතිවාසිකම් ප්‍රමුඛව සලකමින් මුස්ලිම් විවාහ දික්කසාද පනත සංශෝධනය කිරීමට මැදිහත්වීමට සියලු දේශපාලන පක්ෂ අසමත් වී ඇති බව එම සංදේශයේ අවධාරණය කර තිබේ.
ජාතික ජන බලවේගය ද අනික් පක්ෂ ගිය මාර්ගය ම තෝරාගන්නේ නම් හුදෙක් මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගැනීම කෙරෙහි මිස සැබෑ වෙනසක් ඇති කිරීමේ උවමනාවක් නොමැති පක්ෂයක් ලෙස ජනතාවට අනාවරණය වනු ඇති බව එම සංදේශයේ සඳහන් කර ඇත.
- රවිශාන් ප්‍රනාන්දු
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..