
පසුගිය කාලයේ ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා හොයන්න CIDයට ජනාධිපති ලේකම්ගෙන් දැනුම්දීමක්... සභාපතිගෙන් කට උත්තර ගනී
වසර 2022/2023 කාලසීමාවේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත.
කුත් ඔක්තෝබර් මස 16 වැනි දින තමා ලිඛිතව ජනාධිපතිවරයාට මේ බව දැනුම් දීමත් සමඟ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පරීක්ෂණය සිදු කරන්නයි දැනුම්දී තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් තමාගෙන් මූලික කරුණු විමසීමක් කරමින් කටඋත්තර ලබා ගත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරික්ෂණවලට අමතරව තමා විසින් සංස්ථාවේ ගනු-දෙනු පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කිරීමට කටයුතු කරන්නැයි දැනුම්දී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දුන් දැඩි අර්බුද හමුවේ සමස්ත රටම බංකොලොත් භාවයට පත් වී ඇති බව වසර 2022දී නිවේදනය කළ බවත් ඉන් අනතුරුව සංස්ථාවද බංකොලොත් භාවයට පත්ව පිටරටින් ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය විදේශ විනිමය නොමැතිව ඉන්ධන පෝලිම් නිර්මාණය වූ බවත් සභාපතිවරයා සිහිපත් කළේය.
මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් රටේ මතුව තිබියදීත් එවකට හිටපු බලධාරීන් අර්බුදය වසන්තයක් කර ගනිමින් මුදල් උපයාගෙන ඇති බවට නැගෙන චෝදනාවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සහ ඒවාට සම්බන්ධ වූවන්ට දඩුවම් පැමිණවීම සඳහා මූලික පියවරක් ලෙස මෙම පරික්ෂණය සිදු කරන බව රාජකරුණා මහතා අවධාරණය කළේය.
- ජයසිරි මුණසිංහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
