පසුගිය කාලයේ ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා හොයන්න CIDයට ජනාධිපති ලේකම්ගෙන් දැනුම්දීමක්... සභාපතිගෙන් කට උත්තර ගනී
වසර 2022/2023 කාලසීමාවේ මෙරටට ඉන්ධන ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කොට ඇත.
කුත් ඔක්තෝබර් මස 16 වැනි දින තමා ලිඛිතව ජනාධිපතිවරයාට මේ බව දැනුම් දීමත් සමඟ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පරීක්ෂණය සිදු කරන්නයි දැනුම්දී තිබේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් තමාගෙන් මූලික කරුණු විමසීමක් කරමින් කටඋත්තර ලබා ගත් බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා සමාගමේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරික්ෂණවලට අමතරව තමා විසින් සංස්ථාවේ ගනු-දෙනු පිළිබඳ වෝහාරික විගණනයක් සිදු කිරීමට කටයුතු කරන්නැයි දැනුම්දී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.
ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දුන් දැඩි අර්බුද හමුවේ සමස්ත රටම බංකොලොත් භාවයට පත් වී ඇති බව වසර 2022දී නිවේදනය කළ බවත් ඉන් අනතුරුව සංස්ථාවද බංකොලොත් භාවයට පත්ව පිටරටින් ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය විදේශ විනිමය නොමැතිව ඉන්ධන පෝලිම් නිර්මාණය වූ බවත් සභාපතිවරයා සිහිපත් කළේය.
මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් රටේ මතුව තිබියදීත් එවකට හිටපු බලධාරීන් අර්බුදය වසන්තයක් කර ගනිමින් මුදල් උපයාගෙන ඇති බවට නැගෙන චෝදනාවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සහ ඒවාට සම්බන්ධ වූවන්ට දඩුවම් පැමිණවීම සඳහා මූලික පියවරක් ලෙස මෙම පරික්ෂණය සිදු කරන බව රාජකරුණා මහතා අවධාරණය කළේය.
- ජයසිරි මුණසිංහ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..