
අපට අනුකම්පා කරලා ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පොහොට්ටුවට ඡන්දය දාන්න - නාමල් පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි
අප කෙරෙහි අනුකම්පා කර පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
පානදුර, කළුදෑවල ප්‍රදේශයේ පසුගිය(08)දා පස්වරුවේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ඒ මහතා එසේ ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස අසීරු අවධියක පසුවෙන්නේ. නමුත් ඊළඟ දශකයේදී එය රටේ තීරණාත්මක සාධකය බවට පත්කරනවා. අමාරු කාලයක ඉන්නේ. නායකයා පක්ෂය අතහැර යන විට පාක්ෂිකයන් කළකිරුණා. තමන් බලාපොරොත්තු වූ දේවල් ඉටුනොවීමෙන් විපක්ෂයේ වෙනත් පක්ෂවලට ඡන්දය දුන්නා. ජනාධිපතිවරණයේදී අපේ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානට ගියේ නෑ. ඒ නිසා මේ ජනාධිපතිවරණයේ බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය ලැබුනේ නෑ. මැතිවරණයේදී අපට අනුකම්පා කරලා ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පොහොට්ටුවට ඡන්දය දාන්න. එහෙම වුණොත් කිසි කෙනෙක් දේශපාලන වශයෙන් බලාපොරොත්තු නොවූ ප්‍රථිපලයක් ලැබේවි කියා මට විශ්වාසයක් තිබෙනවා. අපි තවදුරටත් තීන්දු කරනවා මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න. අලුත් පරම්පරාව තීන්දු කළේ අලුත්ම දේශපාලන සංස්කෘතියක්. ඒ සංස්කෘතිය අවබෝධයෙන් බොරු කියන එකද? දේශපාලන වාසි ලබාගන්න මැතිවරණ වේදිකාවේ අසීමිත බොරු කිව්වා.
සියට තුනේ සිට හතලිස් දෙකට ආවා. හිතාගෙන ඉන්න එපා අල්ලගෙන ඉන්න පුළුවන් කියලා. පසුගිය කාලයේ අරගල කළා. ඒත් ඇතැම් අය දේශපාලන වාසි ගන්න අරගල කළා. මගෙන් සමහරු අහනවා අනුර කුමාර දිසානායක මහතාට ඊළඟ අවුරුදු පහේ අභියෝගයක් වෙන්නේ කව්ද කියලා. රනිල් වික්‍රමසිංහද? නාමල් රාජපක්ෂද? සජිත් ප්‍රේමදාසද? කියලා. එයට අභියෝගයක් වෙන්නේ වෙන කවුරුන් හෝ නොවෙයි. ඔහු සහ ඔහුගේ කණ්ඩායමමයි. මොකද මැතිවරණ වේදිකාවේ කියපු බොරු ඔප්පු කරගන්න බෑ. ඔහු කිව්ව බොරු පාරා වලල්ලක් වෙලා. ජනාධිපති වෙන්න කලින් අයිඑෆ්එම් යන්නේ නෑ කිව්වා. ඒත් ආපු ගමන් අත්සන් කළා. ලියවිල්ලේ මොනවද තියෙන්නේ කියලාවත් බැලුවේ නෑ. මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කිව්වා. අපි බැරි දේවල් මැතිවරණ වේදිකාවේ කියන්නේ නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
