අපට අනුකම්පා කරලා ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පොහොට්ටුවට ඡන්දය දාන්න - නාමල් පාක්ෂිකයන්ගෙන් ඉල්ලයි
අප කෙරෙහි අනුකම්පා කර පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
පානදුර, කළුදෑවල ප්‍රදේශයේ පසුගිය(08)දා පස්වරුවේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ඒ මහතා එසේ ඉල්ලා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස අසීරු අවධියක පසුවෙන්නේ. නමුත් ඊළඟ දශකයේදී එය රටේ තීරණාත්මක සාධකය බවට පත්කරනවා. අමාරු කාලයක ඉන්නේ. නායකයා පක්ෂය අතහැර යන විට පාක්ෂිකයන් කළකිරුණා. තමන් බලාපොරොත්තු වූ දේවල් ඉටුනොවීමෙන් විපක්ෂයේ වෙනත් පක්ෂවලට ඡන්දය දුන්නා. ජනාධිපතිවරණයේදී අපේ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානට ගියේ නෑ. ඒ නිසා මේ ජනාධිපතිවරණයේ බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය ලැබුනේ නෑ. මැතිවරණයේදී අපට අනුකම්පා කරලා ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පොහොට්ටුවට ඡන්දය දාන්න. එහෙම වුණොත් කිසි කෙනෙක් දේශපාලන වශයෙන් බලාපොරොත්තු නොවූ ප්‍රථිපලයක් ලැබේවි කියා මට විශ්වාසයක් තිබෙනවා. අපි තවදුරටත් තීන්දු කරනවා මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් හදන්න. අලුත් පරම්පරාව තීන්දු කළේ අලුත්ම දේශපාලන සංස්කෘතියක්. ඒ සංස්කෘතිය අවබෝධයෙන් බොරු කියන එකද? දේශපාලන වාසි ලබාගන්න මැතිවරණ වේදිකාවේ අසීමිත බොරු කිව්වා.
සියට තුනේ සිට හතලිස් දෙකට ආවා. හිතාගෙන ඉන්න එපා අල්ලගෙන ඉන්න පුළුවන් කියලා. පසුගිය කාලයේ අරගල කළා. ඒත් ඇතැම් අය දේශපාලන වාසි ගන්න අරගල කළා. මගෙන් සමහරු අහනවා අනුර කුමාර දිසානායක මහතාට ඊළඟ අවුරුදු පහේ අභියෝගයක් වෙන්නේ කව්ද කියලා. රනිල් වික්‍රමසිංහද? නාමල් රාජපක්ෂද? සජිත් ප්‍රේමදාසද? කියලා. එයට අභියෝගයක් වෙන්නේ වෙන කවුරුන් හෝ නොවෙයි. ඔහු සහ ඔහුගේ කණ්ඩායමමයි. මොකද මැතිවරණ වේදිකාවේ කියපු බොරු ඔප්පු කරගන්න බෑ. ඔහු කිව්ව බොරු පාරා වලල්ලක් වෙලා. ජනාධිපති වෙන්න කලින් අයිඑෆ්එම් යන්නේ නෑ කිව්වා. ඒත් ආපු ගමන් අත්සන් කළා. ලියවිල්ලේ මොනවද තියෙන්නේ කියලාවත් බැලුවේ නෑ. මාස හයෙන් හයට පඩි වැඩි කරනවා කිව්වා. අපි බැරි දේවල් මැතිවරණ වේදිකාවේ කියන්නේ නෑ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..