හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් එළියට
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව වෙන් කරන රුපියල් කෝටි 110ක මුදලින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට හෙළිවී ඇත.
ඒ අනුව ඔහු වෙනුවෙන් වැය කර ඇති එම මුදල රුපියල් තිස් දෙකෝටි හැටපන් ලක්ෂ අසූ දෙදහස් අටසිය දහනවයක් බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට සහ ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ ද ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 110කට අධික මුදලක් වාර්ෂිකව වැය වන බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
එම හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැය කරනු ලබන වාර්ෂික ආරක්‍ෂක වියදම් මෙසේය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය – නවකෝටි අසූඅට ලක්‍ෂ හැත්ත එක් දහස් අටසිය හැටහයයි (98871866)
මහින්ද රාජපක්ෂ මහතා – තිස්දෙකෝටි හැටපන් ලක්‍ෂ අසූදෙදහස් අටසිය දහනවයයි (326582819)
මෛත්‍රීපාල සිරිසේන- දහඅටකෝටි පනස් එක් ලක්‍ෂ හැටහයදහස් පන්සිය තිස්පහයි (185166535)
ගෝඨාභය රාජපක්ෂ මහතා – තුන්කෝටි අනූඑක් ලක්‍ෂ හතළිස් එක් දහස් හාරසිය අසූඅටයි (39141488)
හේමා ප්‍රේමදාස මහත්මිය – දෙකෝටි අනූ අටලක්‍ෂ හැත්තෑඅටදහස් අටයි (29878008)
රනිල් වික්‍රමසිංහ මහතා – විසිපන්කෝටි තිස්තුන් ලක්‍ෂ අනූපන්දහස් දෙසිය හතළිස් නවයයි (253395249).
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් විදුලි බිල, ජල ගාස්තු, කෑම බීම, ඉඳුම් හිටුම්, ප්‍රවාහන වියදම් ද සමග සියලු වියදම් ප්‍රමාණය මෙලෙස රුපියල් කෝටි 110 ඉක්මවනු ලබයි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..