
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් එළියට
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව වෙන් කරන රුපියල් කෝටි 110ක මුදලින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට හෙළිවී ඇත.
ඒ අනුව ඔහු වෙනුවෙන් වැය කර ඇති එම මුදල රුපියල් තිස් දෙකෝටි හැටපන් ලක්ෂ අසූ දෙදහස් අටසිය දහනවයක් බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට සහ ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ ද ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 110කට අධික මුදලක් වාර්ෂිකව වැය වන බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
එම හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැය කරනු ලබන වාර්ෂික ආරක්‍ෂක වියදම් මෙසේය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය – නවකෝටි අසූඅට ලක්‍ෂ හැත්ත එක් දහස් අටසිය හැටහයයි (98871866)
මහින්ද රාජපක්ෂ මහතා – තිස්දෙකෝටි හැටපන් ලක්‍ෂ අසූදෙදහස් අටසිය දහනවයයි (326582819)
මෛත්‍රීපාල සිරිසේන- දහඅටකෝටි පනස් එක් ලක්‍ෂ හැටහයදහස් පන්සිය තිස්පහයි (185166535)
ගෝඨාභය රාජපක්ෂ මහතා – තුන්කෝටි අනූඑක් ලක්‍ෂ හතළිස් එක් දහස් හාරසිය අසූඅටයි (39141488)
හේමා ප්‍රේමදාස මහත්මිය – දෙකෝටි අනූ අටලක්‍ෂ හැත්තෑඅටදහස් අටයි (29878008)
රනිල් වික්‍රමසිංහ මහතා – විසිපන්කෝටි තිස්තුන් ලක්‍ෂ අනූපන්දහස් දෙසිය හතළිස් නවයයි (253395249).
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් විදුලි බිල, ජල ගාස්තු, කෑම බීම, ඉඳුම් හිටුම්, ප්‍රවාහන වියදම් ද සමග සියලු වියදම් ප්‍රමාණය මෙලෙස රුපියල් කෝටි 110 ඉක්මවනු ලබයි.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
