
පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා... හිටපු ජනාධිපතිලාට වරප්‍රසාද ඕනෙ නම් ඇප්ලිකේෂන් එකක් පුරවල එවන්න - ජනපති අනුර කියයි
තම රජයේ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, අස්වැසුම නොලැබෙන පිරිසට නැවත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවය.
එමෙන්ම ආහාර මිල දී ගැනීමට පවා වත්කමක් නොමැති පවුල් සිටින්නේ නම්, එවැනි පිරිසට දේශපාලන මැදිහත්වීමකින් තොරව යම් දීමනාවක් කෙටි කාලයක් සඳහා ලබාදීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, පාසල් පොත් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි දරුවන් සඳහා දීමනාවක් ලබාදෙන බවය.
මේ අතර, හිටපු ජනාධිපතිවරුන්ට යම් වරප්‍රසාදයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අයදුම්පතක් යොමුකර ඊට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු ක්‍රමවේදයක් සකස් කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
"ජාතික ජන බලවේග ආණ්ඩුවක් පළමු කොටම නීතියෙන්, ව්‍යවස්ථාවෙන් චක්‍රලේඛනයෙන් දීලා නැති අනීතික දේවල් සියල්ල ආපහු කැඳවුවා. එතකොට කියනවා පළිගන්නවාලු...පළිගන්නවා නෙමෙයි. නීතියට යටත් කරනවා. නීතියෙන් තියෙන දේ ලබාදීලා තියෙනවා. අපි කමිටුවක් දාලා තියෙනවා නීතියෙන් ලබාදීලා තියෙන දේවල් ගන්නත්, නීතිය වෙනස් කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුව මතක තබාගන්න. කවුරු හරි හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් නැත්නම්, එයාට ආණ්ඩුවට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඔබ අස්වැසුම ලබාගන්න මට්ටමේ ද ඉන්නේ ? එහෙම නම් ගෙයක් දෙමු. හැබැයි ඇප්ලිකේෂන් එකක් පුරවලා එවන්න ඕනේ. ඕනේ ද ? ඕනේ...මේ රටේ පුරවැසියන් මොකක් හරි ගන්න ඇප්ලිකේෂන් එකක් පුරවන්න ඕනේ. හිටපු ජනාධිපතිවරු හැමදේම ගන්නවා ඉල්ලුම්පත්‍ර දාන්නේ නැතුව...ඒ නිසා අපි ඉල්ලුම්පත්‍රයක් එවන්න කියනවා. ඉල්ලුම්පත්‍රය ගැන සලකා බලා අනුකම්පාවෙන් යුතුව යමක් දෙන්න නම්... හොඳ නැද්ද ? මේක පළිගැනීම නෙමෙයි. අපේ රටේ දේශපාලනය ප්‍රමිතියකට ගේනවා. මොනවාද හිමි දේ? මොනවාද අහිමි දේ ? එහෙම ඕනේ නැද්ද ? නමුත් අපේ රටේ දේශපාලඥයෝ කල්පනා කරනවා ඔවුන් ට මේ හැමදේම හිමියි කියලා. හැබැයි ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලනය ප්‍රමිතිගත කරනවා. මොනවා ද හිමි දේ හිමි නොවන හැමදේම අහෝසි කරනවා..."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
