පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා... හිටපු ජනාධිපතිලාට වරප්‍රසාද ඕනෙ නම් ඇප්ලිකේෂන් එකක් පුරවල එවන්න - ජනපති අනුර කියයි
තම රජයේ පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ (08) සවස කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, අස්වැසුම නොලැබෙන පිරිසට නැවත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවය.
එමෙන්ම ආහාර මිල දී ගැනීමට පවා වත්කමක් නොමැති පවුල් සිටින්නේ නම්, එවැනි පිරිසට දේශපාලන මැදිහත්වීමකින් තොරව යම් දීමනාවක් කෙටි කාලයක් සඳහා ලබාදීමට තීරණය කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, පාසල් පොත් සහ පාසල් උපකරණ මිලදී ගැනීමට නොහැකි දරුවන් සඳහා දීමනාවක් ලබාදෙන බවය.
මේ අතර, හිටපු ජනාධිපතිවරුන්ට යම් වරප්‍රසාදයක් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අයදුම්පතක් යොමුකර ඊට සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු ක්‍රමවේදයක් සකස් කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
"ජාතික ජන බලවේග ආණ්ඩුවක් පළමු කොටම නීතියෙන්, ව්‍යවස්ථාවෙන් චක්‍රලේඛනයෙන් දීලා නැති අනීතික දේවල් සියල්ල ආපහු කැඳවුවා. එතකොට කියනවා පළිගන්නවාලු...පළිගන්නවා නෙමෙයි. නීතියට යටත් කරනවා. නීතියෙන් තියෙන දේ ලබාදීලා තියෙනවා. අපි කමිටුවක් දාලා තියෙනවා නීතියෙන් ලබාදීලා තියෙන දේවල් ගන්නත්, නීතිය වෙනස් කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුව මතක තබාගන්න. කවුරු හරි හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් නැත්නම්, එයාට ආණ්ඩුවට ඇප්ලිකේෂන් එකක් දාන්න පුළුවන්. ඔබ අස්වැසුම ලබාගන්න මට්ටමේ ද ඉන්නේ ? එහෙම නම් ගෙයක් දෙමු. හැබැයි ඇප්ලිකේෂන් එකක් පුරවලා එවන්න ඕනේ. ඕනේ ද ? ඕනේ...මේ රටේ පුරවැසියන් මොකක් හරි ගන්න ඇප්ලිකේෂන් එකක් පුරවන්න ඕනේ. හිටපු ජනාධිපතිවරු හැමදේම ගන්නවා ඉල්ලුම්පත්‍ර දාන්නේ නැතුව...ඒ නිසා අපි ඉල්ලුම්පත්‍රයක් එවන්න කියනවා. ඉල්ලුම්පත්‍රය ගැන සලකා බලා අනුකම්පාවෙන් යුතුව යමක් දෙන්න නම්... හොඳ නැද්ද ? මේක පළිගැනීම නෙමෙයි. අපේ රටේ දේශපාලනය ප්‍රමිතියකට ගේනවා. මොනවාද හිමි දේ? මොනවාද අහිමි දේ ? එහෙම ඕනේ නැද්ද ? නමුත් අපේ රටේ දේශපාලඥයෝ කල්පනා කරනවා ඔවුන් ට මේ හැමදේම හිමියි කියලා. හැබැයි ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලනය ප්‍රමිතිගත කරනවා. මොනවා ද හිමි දේ හිමි නොවන හැමදේම අහෝසි කරනවා..."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..