
විදුලි ගාස්තු සීයට 30%කින් අඩුකරන්න රජය සැරසෙයි
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ඉදිරි වසරක කාලය තුළ විදුලි ගාස්තු 30% කින් අඩුකිරීම සඳහා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිගේ ආර්ථික කටයුතු සහ මුදල් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ප්‍රනාන්දු පැවැසීය.
ඊයේ (5) ටීවී දෙරණට නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් හෙතෙම කියාසිටියේ රජය සතු ව්‍යවසාය (SOE) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ඉදිරියට ගෙන නොයන බව රජය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බවයි.
“අපි 100%ක් රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සමඟ එකඟ වෙනවා, අපි එය කරන්නේ කොහොමද කියන එක පැහැදිලිව ප්‍රකාශ කරනවා,” ඔහු පැවැසීය.
උපරිම වසරක කාලයක් ගතවන විට විදුලි ගාස්තු සියයට 30 කින් අඩුකිරීමට ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බව ඔහු සඳහන් කළේය.
රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යනු ඒවා පෞද්ගලික අංශයට විකිණීම යැයි සමාජය සිතන බවද ඔහු පැවැසීය.
පෞද්ගලික අංශය විදුලිබල උත්පාදනයට සම්බන්ධ කර ගනිමින් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවල, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ අයිතිය රාජ්‍යයට තබාගැනීම උපායමාර්ගික හා දේශපාලනික වශයෙන් සුදුසු බව වත්මන් ආණ්ඩුව දකින බව ඔහු පෙන්වාදුන්නේය.
ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි විදුලිබල ක්ෂේත්‍රය තාප විදුලිය මත රඳාපැවතීම මතින් ඉවත් විය යුතු බවත් එය මිල අධික බවත් හෙතෙම සඳහන් කළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
