තෙල් මිල අඩුකරන්න බැරිවෙන්න අපි සමාගම් එක්ක ගිවිසුම් ගැහුවෙ නෑ – කංචනගෙන් ඛනිජ තෙල් සභාපතිට පිළිතුරු
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලකරණය වෙනත් තරඟකරුවන් හෝ ක්‍රියාකරුවන්ගේ මිල නියම කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ඇමැති කංචන විජේසේකර පවසයි.
ඛනිජ තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාව යනු තවත් ක්‍රියාකරුවකු මිස කර්මාන්තයේ නියාමකයා නොවන බවයි.
පසුගිය ආණ්ඩුව සෙසු ඛනිජ තෙල් බෙදා හරින්නන් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් නිසා ජනතාවට සහන ලබා දීම ගැටලුවක් වී ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කර තිබිණි.
හිටපු ඇමැති කංචන විජේසේකර පවසන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ පිරිවැය පිළිබිඹු කිරීම සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කළ අතර ඛනිජ තෙල් සංස්ථාවට ඔවුන්ගේ මාසික මිල සූත්‍රයට අනුව අන් අයගෙන් ස්වාධීනව තීරණ ගැනීම් සිදු කළ හැකි බවයි.
ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකරණය යටතේ පවතින තාක් කල් ඔවුන්ගේ පිරිපහදු ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු බව ද ඔහු සඳහන් කරයි.
තම අලෙවියෙන් හෝ මිලකරණයෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට පසුගිය රජය වෙනත් කිසිදු ක්‍රියාකරුවකු සමඟ කිසිදු ගිවිසුමකට එළඹුණේ නැති බව පවසන ඔහු රජය විසින් ඉන්ධන සහනාධාරයක් අනුමත කර පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නම් ඛනිජ තෙල් සංස්ථාවේ ක්‍රියාකරුවන්ට ඇතුළු සෙසු ක්‍රියාකරුවන්ට භාණ්ඩාගාරයෙන් ඕනෑම වන්දියක් ගෙවීමට රජය බැඳී සිටින බව ඔහු සඳහන් කර තිබේ.
- ceylonwire

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..