
පරාටේ නීතියෙන් දේපොළ අහිමිවූ 127දෙනෙක් දිවි නසාගෙනලු
ඇතිවූ ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී ඊයේ (3වැනිදා) පැවැති එම සංගමයේ රැස්වීමකදී සඳහන් කළේය.
තවත් පිරිසක් ඉදිරියේදී සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයක සිටින බවද එහිදී අනාවරණය විය.
දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයට සම්බන්ධ දිස්ත්‍රික්ක 17 ක නියෝජිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ඉදිකිරීම්, වැවිලි, සංචාරය, සහල්, කුකුළු ගොවිපළ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්ට අයත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ මීට සහභාගි වූහ.
පාස්කු ප්‍රහාරය, කොවිඩ් අර්බුදය සහ රටේ පැවැති මූල්‍ය අර්බුදය හමුවේ වසර හතරක පමණ කාලයක සිට මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම විශාල ඇදවැටීමකට ලක් වුණා. නමුත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර සහනයක් දීමට මෙතෙක් පැවැති කිසිදු රජයක් ක්‍රියා නොකළ බව ද චම්ලි කුමාරසිරි මෙහිදී අවධාරණය කළේය.
මෙම අර්බුදකාරි තත්ත්වය යටතේ ව්‍යාපාර සඳහා ලබාගත් ණය ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මේ වනවිට අධිකරණ නියෝග ලබාගෙන ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානවලින් එළියට ඇද දැමීම නිසා ඔවුන් අද මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරු වී සිටින බවත්, පරාටේ නීතියට යටත් කළ කිසිම ව්‍යාපාරිකයකුට කොපමණ ඉල්ලීම් කළත් බැංකුවලින් සහනයක් නොලැබුණ බවත්, හෙතෙම පෙන්වා දුන්නේය.
එබැවින් පසුගිය කාලයේදී සමස්ත රටටම මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයෙන් විපතට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වත්මන් ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටින බවත්, චම්ලි කුමාරසිරි පැවැසීය.
දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ ජාතික සංවිධායක අනිල් නිරෝෂණ සහ එහි ලේකම් සාගරිකා වීරසිංහ ද මෙහිදී අදහස් දැක්වූහ.
- අරුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
